• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවේ අලුත්ම තහනම නිසා මීටපස්සේ ලංකාවට එන සුද්දන්ට පස්ස හෝදන්න වෙන්නේ ලංකාවේ ක්‍රමයටයි!

August 30, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
ආණ්ඩුවේ අලුත්ම තහනම නිසා මීටපස්සේ ලංකාවට එන සුද්දන්ට පස්ස හෝදන්න වෙන්නේ ලංකාවේ ක්‍රමයටයි!
Share on WhatsAppShare on Facebook

සනීපාරක්ෂක ටිෂූ කඩදාසි කර්මාන්තය යනු වර්ෂ 1982 සිට ශ්‍රී ලංකාව තුළ හොඳින් ස්ථාපිත වූ කර්මාන්තයකි. එමගින් වසර 40කට වැඩි කාලයක් මුළුල්ලේ වැසිකිළි කඩදාසි, කඩදාසි අත්පිස්නා, අත්කඩදාසි නැප්කින්, මුහුණ පිසදැමීමට ගන්නා ටිෂූ කඩදාසි, කඩදාසි තුවා, කර්මාන්ත ආශ්‍රිතව භාවිතවන කඩදාසි තුවා ඇතුළු සනීපාරක්ෂක ටිෂූ කඩදාසි නිෂ්පාදන ගණනාවක් නිෂ්පාදනය කරනු ලැබේ.

සෙසු මහා පරිමාණ කර්මාන්ත හා සැසඳීමේදී සනීපාරක්ෂක ටිෂූ කඩදාසි කර්මාන්තය කුඩා වුව ද, සමස්තයක් ලෙස මෙරට පෞද්ගලික සනීපාරක්ෂාව සහ සංචාරක කර්මාන්තය ආශ්‍රිත ප්‍රමිතීන් පවත්වාගෙන යෑමට එම නිෂ්පාදන මගින් ලැබෙන පිටුවහල ඉමහත් ය. ආනයන ආදේශක ලෙස ද සැළකිය හැකි මෙම නිෂ්පාදන රටේ විවිධ ස්ථානවල නිපදවෙන අතර, ගෝලීය සන්නාම සමඟ තරගවදිමින් දැවැන්ත විදේශ විනිමය ප්‍රමාණයක් මෙරට තුළ ඉතිරි කිරීමට ද දායක වෙයි. ඊට අමතරව, මාලදිවයින වැනි අසල්වැසි රටවල්වලද එම නිෂ්පාදන අපනයනය කරනු ලැබේ.

මෙම සනීපාරක්ෂක ටිෂූ කඩදාසි නිෂ්පාදන, දේශීය වශයෙන් නිෂ්පාදනය කෙරෙනුයේ 700කට වැඩි පුද්ගලයින් පිරිසකට සහ ඔවුන්ගේ පවුල්වලට ආදායම් ජනිත කරවමිනි. දිවයින පුරා විසිරී සිටින බෙදාහැරීම් නියෝජිතයින්, ඔවුන්ගේ සේවකයින් සහ පවුල්වල සාමාජිකයින් ඇතුළුව මෙම කර්මාන්තය තුළින් වක්‍ර ලෙස ප්‍රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව 5,000කට වැඩි ය.

ඉකුත් අගෝස්තු 23 වැනිදා නිකුත් කරන ලද ගැසට් පත්‍ර අංක 2294/30 යටතේ අත්‍යවශ්‍ය නොවන නිමි ද්‍රව්‍ය 305කට ආසන්න ප්‍රමාණයක් ආනයනය කිරීම තාවකාලික නතරකිරීමට පාදක වූ හේතු පැහැදිලි නමුත්, අගය එකතු කිරීමේ ක්‍රියාවලියක් යටතේ ශ්‍රී ලංකාවේ කර්මාන්තශාලා තුළ නිෂ්පාදනය කෙරෙන නිමි ද්‍රව්‍ය සඳහා අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීම නතරකිරීමට හේතුව පැහැදිලි නැත.

මෙම ආනයන තහනම සනීපාරක්ෂක ටිෂූ කඩදාසි කර්මාන්තයේ නියැළී සිටින කර්මාන්තශාලාහිමියන්ට සහ සේවකයින්ට දැවැන්ත ගැටලුවක්වන අතරම, එදිනෙදා සනිපාරක්ෂක ටිෂූ කඩදාසි නිෂ්පාදන පරිභෝජනය කිරීමට හුරුව සිටින පාරිභෝගිකයින්ට ද එය විශාල ගැටලුවක් බවට පත්වනු ඇත. තව ද, සංචාරක, ඇඟලුම් සහ ආහාර කර්මාන්තවල නියැළී සිටින සමාගම් මෙන්ම රෝහල් සහ වෛද්‍ය මධ්‍යස්ථාන ආදිය ද මෙම තත්ත්වය මත විශාල ප්‍රශ්නයකට මුහුණ දෙනු ඇත.

ශ්‍රී ලංකා රේගුවේ ගාස්තු ලේඛනයෙහි සනීපාරක්ෂක ටිෂූ කඩදාසිවලට අදාළවන්නේ HS කේත දෙකක් පමණි. ඒ,  4803.00 දරන ප්‍රධාන HS කේතය යටතට (උප කාණ්ඩ නොමැත) සහ 4818.00 HS කේතය යටතට (උප කාණ්ඩ ඇත) ගැනෙන ටිෂූ කඩදාසි රීල් අමුද්‍රව්‍ය හා නිමි නිෂ්පාදන වේ.

4803.00 දරන ප්‍රධාන HS කේතය යටතේ ආනයනය කෙරෙනුයේ, සෙන්ටි මීටර් 36ට වැඩි ජම්බෝ ටිෂූ රීල් නිෂ්පාදනයට යොදාගන්නා අමුද්‍රව්‍ය වේ. ඒවා, නිමි ද්‍රව්‍ය නොවන අතර, මෙම ප්‍රධාන HS කේතය යටතේ නිමි ද්‍රව්‍ය ආනයනය කිරීමට හැකියාවක් නොමැත. එබැවින් මෙම ප්‍රධාන HS කේතය යටතේ ආනයනය කෙරෙන සියලු ද්‍රව්‍ය, නිමි ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා අමුද්‍රව්‍ය වේ.

අනෙක් HS කේතයවන 4818.00 යටතේ තවත් උප කාණ්ඩ ගණනාවක් පවතී. ඉන් එක් උප කාණ්ඩයක් එනම්, 4818.90.20 මගින් පමණක් අමුද්‍රව්‍යයක්වන සෙන්ටි මීටර් 15ත් 36ත් අතර ජම්බෝ රීල්ස් ගෙන්වනු ලැබේ. 4818.00 HS කේතය යටතේ ඇති සෙසු උප කාණ්ඩ ඔස්සේ ආනයනය කෙරෙන නිෂ්පාදන, නිමි ද්‍රව්‍ය ලෙස සැළකිය හැක.

අත්‍යවශ්‍ය නිෂ්පාදනවන මෙම සනීපාරක්ෂක ටිෂූ කඩදාසි මගින් විෂබීජ සහ වයිරස්වලින් ආරක්ෂා වීමට නිහඬව නමුත් මහත් වූ සේවයක් සිදුකෙරේ. විශේෂයෙන්ම ඉකුත් වසර දෙක පුරා පැවති කොවිඩ්-19 වසංගත සමයේදී එම නිෂ්පාදන විශාල දායකත්වයක් ලබාදුන් අතර, එම දායකත්වය අදට ද එලෙසම ය. විශේෂයෙන්ම, කිවිසුම් යාමේදී සහ කැස්ස ඇතිවන විටදී ටිෂූ කඩදාසියකින් මුඛය සහ නාසය ආවරණය කිරීමට සෞඛ්‍ය වෘත්තීකයින් නිර්දේශ කර ඇත.

එමෙන්ම, සබන් යොදා දෑත් සේදීමෙන් පසුව කඩදාසි තුවා භාවිත කරමින් දෑත් පිසගැනීමට ද දිරිමත් කෙරේ. වැසිකිළි කඩදාසි යනු රෝහල්, හෝටල්, සාප්පු සංකීර්ණ, රාජ්‍ය හා පෞද්ගලික ආයතන, බැංකු සහ කර්මාන්තශාලා ආදී පොදු ස්ථානවල භාවිතයට නැතුවම බැරි නිෂ්පාදනයකි.

මෙම ආනයන තහනම හේතුවෙන් සියලුම දේශීය  සනීපාරක්ෂක ටිෂූ කඩදාසි නිෂ්පාදකයින්ට නුදුරේදීම සිය කර්මාන්තශාලා වසා දැමීමට සිදුවනු ඇති අතර, ඒ හේතුවෙන් හෝටල්, අවන්හල්, කැෆේ, රෝහල්, ගුවන්සේවා, ආහාර සහ ඇඟලුම් කර්මාන්තශාලා, රාජ්‍ය ආයතන මෙන්ම පොදු ජනතාවට හා නේවාසික වශයෙන් ද එම නිෂ්පාදන හිඟයක් හෝ නොමැති තත්ත්වයක් උදා වනු ඇත.

විශේෂයෙන්ම නැවතත් පුනර්ජීවනයක් ලබමින් සිටින සංචාරක කර්මාන්තය ද, පෞද්ගලික සෞඛ්‍ය ආයතන ද, සිය සේවකයින්, රෝගීන්, පාරිභෝගිකයින් සහ සංචාරකයින් වෙත සනීපාරක්ෂක ප්‍රමිතීන් සහ ක්‍රියාවලි පිරිනැමීමට බැඳී සිටින පසුබිමක, එම ආයතන සනීපාරක්ෂක ටිෂූ කඩදාසි හිඟයකට ඉතා ඉක්මණින් මුහුණ දෙනු ඇත.

දැනට රට තුළ පවතින අමුද්‍රව්‍ය ප්‍රමාණය සැප්තැම්බර් මස මැද භාගය දක්වා නිෂ්පාදන කටයුතු සිදුකිරීමට පමණක් ප්‍රමාණවත්වන අතර, ඉන් අනතුරුව පුද්ගලයින්ට සිය නිවාසවල, රැකියා ස්ථානවල සහ පොදු ස්ථානවල සනීපාරක්ෂක කටයුතු ලබාගැනීමේදී විශාල ගැටලුවලට මුහුණපෑමට සිදුවනු ඇත.

එම පසුබිම මත, ඉහත සඳහන් කළ HS කේත අනුව අදාළ භාණ්ඩ ආනයන තහනම් ලේඛනයෙන් ඉවත් කරමින් හෝ “TS” නැවතත් වෙනස් කරමින්, අමුද්‍රව්‍ය වශයෙන් මෙරටට ගෙන්වනු ලබන ජම්බෝ රීල්ස් ආනයනය කිරීම සඳහා ඉහළ පෙළේ නිලධාරීහු සහ තීරණ ගැනීමේ නියැළී සිටින නිලධාරීහු ඉඩ ලබා දෙනු ඇතැයි විශ්වාස කරමු. ඒ හරහා, මෙම අත්‍යවශ්‍ය සනීපාරක්ෂක ටිෂූ කඩදාසි නිෂ්පාදනය කරමින් සියලු ශ්‍රී ලාංකිකයින්ගේ සහ මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ මූලික සනීපාරක්ෂක අවශ්‍යතා සපුරාලීමට ශ්‍රී ලාංකික කර්මාන්තකරුවන්ට අවස්ථාව සැලසෙනු ඇත.

SendShareShare
Previous Post

පාතාලයේ නොනවතින රැල්ල! ඊයේ රෑ මට්ටක්කුලියේ වෙඩි තියයි!

Next Post

තුනේ කැපිල්ල දෙකයි විස්සට බහී!

MORE NEWS

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

Load More
සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුවේ පැවැත්වෙන සාමකාමී සත්‍යග්‍රහය අසලට අද පැමිණි එක්තරා පුද්ගලයකු ආවේගශීලීව හැසිරුණේ මෙසේය.Sri Lanka...

Read more
මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.