• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවේ අධිදූෂණකාරී ප්‍රතිපත්තිය නිසා IMF එකත් කනස්සල්ලෙන්! ඉලක්ක සපුරා නැති නිසා දෙවැනි වාරිකය ලබා දීමත් නවත්වලා! IMF එක එහෙම කියද්දි මුදල් ඇමැති රටේවත් නෑ! රට බංකොලොත් වෙලා තියෙද්දි නායකයන් මාස්පතා විදේශ සවාරි යනවා! අක්කරේපත්තු රාමක්‍රිෂ්ණ දරුවන්ට සජිත් 79 වන බස් එක බාරදෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

September 29, 2023
in Exclusive
Reading Time: 19 mins read
A A
ආණ්ඩුවේ අධිදූෂණකාරී ප්‍රතිපත්තිය නිසා IMF එකත් කනස්සල්ලෙන්! ඉලක්ක සපුරා නැති නිසා දෙවැනි වාරිකය ලබා දීමත් නවත්වලා! IMF එක එහෙම කියද්දි මුදල් ඇමැති රටේවත් නෑ! රට බංකොලොත් වෙලා තියෙද්දි නායකයන් මාස්පතා විදේශ සවාරි යනවා! අක්කරේපත්තු රාමක්‍රිෂ්ණ දරුවන්ට සජිත් 79 වන බස් එක බාරදෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අස්වැසුම නමින් විද්‍යාත්මක නොවන අකාර්යක්ෂම වැඩසටහන් ක්‍රියාත්මක කර දුගී දුප්පත් ජනතාව පවා අනාථ කර ඇති බවත් වකුගඩු හා පිළිකා රෝගයෙන් පෙළෙන, ආබාධිත හා වැඩිහිටි ප්‍රජාවට ලබා දෙන සහන පවා ලබා දීමට නොහැකි වී ඇති බවත් මෙයට හේතුව ආණ්ඩුවේ පවතින දූෂණය බවත් මොවුන්ගේ අධි දූෂණකාරී ප්‍රතිපත්තිය ගැන අයි.එම්.එෆ් එක පවා කනස්සල්ලෙන් කතා කර ඇති බවත් රාජ්‍ය ආදායම් ඉලක්කවලට යාමට ආණ්ඩුව අපොහොසත් වී ඇති නිසා අයි.එම්.එෆ් එක පවා දෙවැනි වාරිකය ලබා දීම නතර කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (28) අක්කරේපත්තුව ශ්‍රී රාම ක්‍රිෂ්ණන් විද්‍යාලයට සක්වල බස්රථ වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙම බස් රථයත් සමඟ බස් රථ 79ක් සක්වල වැඩසටහන යටතේ ලබා දී තිබේ.

රට බංකොලොත් වි තිබියදීත් රටේ නායකයන් මාස්පතා විදෙස් සවාරි යන බවත් පසුගිය දින එක්සත් ජාතීන්ගේ සංවිධානයට, කියුබාවට, ජර්මනියට ආදී රටවලට ගිය බවත් ජනපති ජර්මනියට ගිය පසු අයි.එම්.එෆ්. එක දෙවැනි අරමුදල ලබා දීම කල්දමන බවට පවසන විටත් මුදල් ඇමතිකම දරණ ජනපති රටේ නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ ම එක්සත් ජාතීන් හමුවන්න ගිය මන්ත්‍රිවරුන් අතර කාබනික පොහොර මගඩියක් ගෙනවිත් ගොවිතැන විනාශ කළ අය, පොහොට්ටුවේ ඇමතිකම් නොමැති මන්ත්‍රීවරු, වතු ජනතාවගේ ඡන්දයෙන් පැමිණ වතු ජනතාවට කිසිදු දෙයක් නොකරන මන්ත්‍රීවරයකු ද රැගෙන ගිය බවත් එය දේශපාලන අල්ලසක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තව ද ම් සියලු සංචාර සඳහා වන සියලු වියදම් දරන්නේ රටේ ලක්ෂ 220ක් වූ ජනතාව බවත් රට ගිය පසු සිදු කරන සියලු වියදම් සිදු කරන්නේ රජයෙන් බවත් මේ දූත ගමන් තුළ විශේෂඥයන් රැගෙන නොගොස් මැති ඇමතිවරු රැගෙන යමින් ඔවුන්ව සතුටු කිරීම වත්මන් ජනාධිපති සිදු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එමෙන්ම අද අප රටේ අන්ත සෝචනීය කණගාටුදායක තත්ත්වයක් තිබෙන බවත් රට පාලනය කරන රජය සම්පූර්ණයෙන්ම අසාර්ථක ආර්ථික ප්‍රතිපත්ති ගෙනවිත් රට බංකොලොත් වී ඇති බවත් මීට වඩා වැඩි දෙයක් ජනතාවට ලබා දිය යුතු බවත් ජනතාව බදු බර නිසා වේදනාවෙන් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය. එසේ ම වත්මන් රජය ආර්ථික වර්ධනය කරනවා වෙනුවට ආර්ථිකය සංකෝචනය කරන බවත් ජනතාවගේ ජන ජීවිත මේ නිසා කඩා වැටි හැකිලි ඇති බවත් අසාමාන්‍ය ලෙස ජනතාවගේ ජීවනෝපායන් නැති වි ජනජීවිත පවා පහල ගොස් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ ම රටේ ආහාර සුරක්ෂිතභාවයක් නොමැති බවත් සියයට 65ක් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බවත් හොඳට වේල් 3 කාපු ජනතාව මේ වන විට වේල් 2ක් කන බවත් මේ නිසා දරුවන්ට හා මව්වරුන්ට බරපතල ලෙස එය බලපා ඇති බවත් ඊට අමතරව ඖෂධ හිඟය හා අධික මිලකට ඖෂධ නිකුත් කිරීමත් ඇති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

මෙවැනි තත්ත්වයක් තිබියදීත් රජය විසින් හොර බොරු වංචා අල්ලස් දූෂණ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරමින් බාල ඖෂධ ගෙන එන බවත් මේ නිසා බොහෝ දෙනා තමන් සතුව ඇති රන් භාණ්ඩ උගස් කිරීම, දෙපල, නිවාස හා වාහන පවා විකුණා දමමින් ජීවත් වීමටත් දරුවන්ට අධ්‍යාපනය ලබා දීමටත් කටයුතු කරන බවත් මෙයට හේතුව වී ඇත්තේ රටේ ක්‍රියාත්මක වැරදි ආර්ථික ප්‍රතිපත්තිය බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ආර්ථිකය කුඩා කිරීම වුවත් සිදු විය යුත්තේ ආර්ථිකය වර්ධනය කිරීම බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ කර්මාන්තශාලා වැසීම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වැටීම හා ස්වයං රැකියා පවා කඩා වැටී ඇති බවත් ය.

තරගකාරී ක්‍රමය, ටෙන්ඩර් ක්‍රමවේද නොමැතිව හදීසි මිලදී ගැනිම් සිදු කර බාල ඖෂධ ගෙනවිත් ඒවායෙන් පවා කොමිස් ගැසීම සිදු කරන බවත් එසේ හොරකම් කරමින් පොහොසතුන්ට ව්‍යාපාරිකයන්ට සීමා මායිම් නැති බදු සහන ලබා දෙන බවත් බදු අය කර ගැනීම පවා හරියට ක්‍රියාත්මක නොවන නිසා ගජමිතුරු ධනවාදීන් බදු ගෙවීම පවා පැහැර හැරී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තව ද එක්තරා මත්පැන් විකුනන ආයතන දෙකකට රුපියල් බිලියන 1.7ක බදු සහන ලබා දී ඇති බවත් පාර්ලිමේන්තු කමිටුවකට රාජ්‍ය ආයතන නිලධාරීන් පිරිසක් ගෙන්වා එක්තරා විදේශීය ආයතනයකට බදු සහන දුන් ආකාරය විමසූ විට ඔවුන් කියා ඇත්තේ ආයෝජකයන්ගෙන් අසා කියන්නම් යනුවෙන් බවත් එය ලැජ්ජා සහගත ප්‍රකාශයක් බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

රාජ්‍ය ආදායම වැඩි කරන්න බදු ගැසීම ඵලක් නොවන බවත් රාජ්‍ය ආදායම වැඩි වන්නේ රටේ ආදායම වැඩි වීමෙන් බවත් රටේ ආදායම වැඩි වන්නේ ආර්ථිකය වර්ධනය වීමෙන් බවත් ඒ තුළින් රාජ්‍ය ආදායම ඉහළ ගියත් වත්මන් ආණ්ඩුව ආර්ථිකය වර්ධනය වීමට ඉඩ නොදි මිනිසුන්ගේ ජීවිත කුඩා ප්‍රශ්න විසදීමට උත්සාහ කරන බවත් ආර්ථික ඔස්තාර්ලා යනුවෙන් කයිවාරු ගැහුවත් ආණ්ඩුවේ ආදායම් ඉලක්ක කරාවත් යාමට නොහැකි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එක්වරක් විදුලි බිල ජල බිල නැංවීමෙන් පසු නැවත වරක් විදුලි බිල වැඩි කිරීමට රජය සූදානම් බවත් රටේ ජනතාවගේ ජීවන තත්ත්වය පහළ ගියත් ජනතාව දුක් වින්දත් රටේ පාලකයන් රට සවාරි ගොස් සුරසැප විදින බවත් ලක්ෂ 220ක් වූ ජනතාව ගැන අනුකම්පාවක්, දයාවක් කරුණාවක් රජයට නොමැති බවත් රජයට අවශ්‍ය ජනතාව දිනෙන් දින බදු පිට බදු ගසා පීඩාවට පත් කර රට සවාරි ගොස් සතුටු වීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජයට රට ගොඩ නගන්න නොහැකි නම් මැතිවරණයක් තියන ලෙසත් එම මැතිවරනයෙන් ජය ගෙන රට ගොඩනැගීමේ වගකීම සමගි ජන බලවේගය බාර ගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

මේ වන විට සක්වල බස්රථ වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 79ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 395,000,000 ක මුදලක් වැය වී තිබේ. එසේම පාසල් 33කට සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යට⁣තේ රුපියල් ලක්ෂ 290ක සුහුරු පන්ති කාමර උපකරණ සහ හුස්ම වැඩසටහන යටතේ රජයෙ රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා රෝහල් උපකරණ සහ ඖෂධ ලබා දී තිබේ.

SendShareShare
Previous Post

ජීවිත තර්ජන එල්ල වෙලා! කුරුන්දි විහාරයේ නඩු කටයුතු කළ මුලතිව් දිසා විනිසුරුවරයා ඉල්ලා අස්වෙයි! අධිකරණ සේවා කොමිසමට යවපු ලියුම මෙන්න! I Sri Lanka Latest News

Next Post

චීන නැව ගැන අලි සබ්‍රි කියපු අලි බොරුව පත්තු වෙයි! සබ්‍රි ඉන්දියාවේදී ‘නෑ’ කියනවා! රනිල් අමෙරිකාවේදී ‘ඔව්’ කියනවා! මොකද්ද මේ විහිළුව! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

මෙරට අන් සියලුම අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන් මත පනවන බදු ප්‍රතිශතයන් ඉහළ නංවමින් මහජනතාව දැඩි පීඩනයකට ලක් කරද්දී, සිගරට් සඳහා...

Read more
සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper