• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවයි ජී.එල්.වයි බයකරමින් කැනඩාව ලංකාවට එරෙහි යෝජනාවක් සම්මත කරයි!

October 20, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
ආණ්ඩුවයි ජී.එල්.වයි බයකරමින් කැනඩාව ලංකාවට එරෙහි යෝජනාවක් සම්මත කරයි!
Share on WhatsAppShare on Facebook

ලෝකයේ සිදුවූ මහා ජන සංහාරයන් හෝ ජන සමූල ඝාතනයන් ගැන ඇත්තේ නොමැකෙන මහා ඉතිහාසයකි. එය 21 වැනි ශත වර්ෂයට අදාළව ගත් කල දැකගන්නට ඇත්තේද දැවැන්ත ඛේදනීය වගතුගකි. ලෝක ඉතිහාසයට මහා කළු පැල්ලම් රැසක් එකතු කළ මෙම සුවිශාල ජන සංහාරයන් ගැන ලෝකවාසීන් වන අප කරුණු දැනගත යුතුමය. එලෙස 21 වැනි ශත වර්ෂය තුළදී (1908 සිට 2002 දක්වා) සිදුවූ මහා ජන සංහාරයන් ප්‍රමාණයද 21කි.

එම ජන සමූල ඝාතනයන් අතරින් අංක එකට තිබෙන්නේ, චීනය සහ ටිබෙට් දේශය ආශ්‍රිත කරගෙන අවස්ථා තුනකදී සිදුකෙරුණු (1950 සිට 1969 දක්වා) මහා ඛේදවාචකයක වගතුගයි. එම ජන ඝාතනයේදී සිදුවූ ඝාතනවලින් මියගිය පිරිස කෝටි 05කට ආසන්න යැයි නිල දත්ත ප්‍රකාශ කර සිටියි. කෙසේ හෝ අංක එකට තිබෙන එම ජන සංහාරයේ සිට අදාළ ලැයිස්තුවේ 21 වැනි තැනට තිබෙන ජන සංහාරය වන්නේ 1970 – 71 වසරවලදී පාකිස්තානයේ සිදුකෙරුණු ජන සංහාරයකි. එහිදී ලක්‍ෂ 03ක පමණ ජනතාවක් ඝාතනයට පත්විය.

මෙලෙස වසර 100ක් ඇතුළත සිදුවූ ජන සංහාර 21ක් තුළදී ඝාතනයට ලක්වූ ජනතාවගේ ප්‍රමාණයන්ට අනුව එම ලැයිස්තුවද පිළිවෙළින් ඉතිහාසයේ ලේඛනගතව ඇත. එනම් කෝටි 05 සිට ලක්‍ෂ 03 දක්වා එම ඝාතන ප්‍රමාණයන් පෙළගස්වා ඇත. එසේ නම් මෙලෙස ජන සමූල ඝාතනයන් සිදුවී ඇති රටවල් කුමක්ද? චීනය, රුසියාව, ජර්මනිය, ජපානය, කොංගෝ, තුර්කිය, කාම්බෝජය, උතුරු කොරියාව, ඉරාකය, උගන්ඩාව, යුගෝස්ලාවියාව, ඉන්දුනීසියාව, ඇන්ගෝලාව, ඉතාලිය, පාකිස්තානය එම රටවල් ලෙස සඳහන්ව ඇත. එනම් මෙය කිසිවෙකුටවත් බොරු කළ නොහැකි මහා ඉතිහාස වගතුගකි. මෙම දැවැන්ත ජන සංහාරයන්වලින් මෙහි ඉහළින්ම සඳහන් කළ ආකාරයට චීනය අංක එකටත්, දෙවැනි තැනට රුසියාවත්, පත්ව සිටියි. එනම් 1932 – 1939 වසරවලදී රුසියාවේ සිදුවූ එම ඝාතනයේදී මිනිසුන් දෙකෝටි තිස් ලක්‍ෂයක (23,000,000ක) ප්‍රමාණයක් ඝාතනයට පත්විය. මෙම ජගත් ලැයිස්තුවේ තෙවැනි ස්ථාන ජයග්‍රහණය ලබා ඇත්තේ ජර්මනිය වෙයි. එනම් මිනීමරු පාලක ඇඩොල්ෆ් හිට්ලර් යටතේ එම ජන සංහාරය 1939 – 1945දී සිදුවූ අතර, එහිදී එක්කෝටි විසි ලක්‍ෂයක් (12,000,000ක්) ජනයා ඝාතනයට පත්විය.

ලෝක ඉතිහාසයේ කළු අකුරින් ලියා තැබුණු මෙම මහා ජන සංහාරයන් ගැන තොරතුරු ටිකක් ඔබට ලියා තැබුවේ ඇයි? සමූල ජන ඝාතනය හෝ සමූල ජන සංහාරය ඉංග්‍රීසි බසින් හඳුන්වන්නේ ‘Genocide’ (ජිනොසිඩ්) යන වදනෙනි. එසේ නම් මෙම කතාව අද අපේ රටට අදාළ වන්නේ කෙසේද? මෙයට දින කිහිපයකට ඉහතදී මෙම ‘ Genocide’ වදන ශ්‍රී ලංකාවට කඩාගෙන පාත්වුණේ එරොප්පයෙනි. එනම් ලොව ප්‍රධානතම පෙළේ බටහිර රාජ්‍යයක් වන කැනඩාවෙනි. ශ්‍රී ලංකාවේ දැනට නිමවී තිබෙන වාර්ගික යුද්ධය ආශ්‍රිත කරගෙන මෙම වගතුග හෙළිවන්නට විය. එම යුද්ධයේදී ශ්‍රී ලංකාවේ සිදුවුණේ යැයි පැවසෙන, දමිළ ජනයා සමූල ඝාතනයකට අදාළව මෙම වගතුග කැනඩාවේ සිට හෙළිවන්නට විය. එනම් පසුගිය 2021 මැයි 06 වැනිදා කැනඩාවේ ඔන්ටාරියෝ නැමැති ප්‍රාන්තයේදී මෙය සිදුවී ඇත. එම ඔන්ටාරියෝ ප්‍රාන්ත සභාවේදී Ontario Legislative Assembly ශ්‍රී ලංකාවට එරෙහිව යම් ප්‍රබල යෝජනාවක් සම්මත කරගෙන ඇත. මෙම පනත ඉංග්‍රීසි බසින් හඳුන්වා ඇත්තේ, ‘Bill 104, Tamil Genocide Education Week Act’ ලෙසිනි. මෙයින් කියැවෙන්නේ කුමක්ද? මෙහි සිංහල අරුත ලෙසින් ප්‍රකාශ කළ හැක්කේ, ‘අංක 104 දරන නීති කෙටුම්පත නමින්, ශ්‍රී ලංකාවේ සිදුවූවා යැයි පැවසෙන දමිළ ජන සංහාර ක්‍රියාවලිය අධ්‍යයනය කිරීම සඳහා අධ්‍යාපන සතියක් ප්‍රකාශයට පත්කිරීමේ පනත’ යන්නය.

මේ ලිපියේ මුලින් ඔබට ලියා තැබූ ජන සංහාර කතාව එළියට එන්නේ මෙතැනදීය. එනම් එම ලෝක ජන සංහාර ලැයිස්තුවක අපේ ශ්‍රී ලංකාවේ නාමය නොතිබුණත්, අපේ රටටද ජන සංහාර චෝදනාව එල්ල වන ආකාරය මෙයින් පෙනී යයි. මෙය පසුගියදා කැනඩාවෙන් මුල්වරට ගෙන ආ චෝදනාවක් නොව, කැනඩාවෙන් සහ තවත් බටහිර රටවල් රාශියකින්ද ශ්‍රී ලංකාවට එරෙහිව දැනට දශකයකට අධික කාලයක සිට ගෙන එන ප්‍රබල චෝදනාවක් වෙයි. එනම් මානව හිමිකම් ආශ්‍රිත කරගෙන එම චෝදනාවන් සිදුකරයි. කෙසේ වෙතත් වත්මන් රජය නම් කෙදිනකවත් මෙම චෝදනාවන් බාර නොගත් අතර, ඒවා නිතර ප්‍රතික්‍ෂේප කළේය. මෙවැනි වටපිටාවක් යටතේ පසුගියදා අලුතින්ම කැනඩාවෙන් එල්ල වූ ජන සංහාර චෝදනා ප්‍රහාරය ගැන සොයා බැලීම අත්‍යාවශ්‍ය කරුණකි. මෙය සැබැවින්ම මින් පෙර ඇති වූ චෝදනාවන් මෙන් නොව අමුතුම ආකාරයේ කතාන්දරයකි.

Bill 104, Tamil Genocide Education Week Act‘අංක 104, ශ්‍රී ලංකා දමිළ ජනයා සමූල ඝාතන ක්‍රියාවලිය අධ්‍යයනය කිරීමේ අධ්‍යාපන සති ප්‍රකාශ පනත’ කැනඩාවේදී සම්මත කරගෙන ඇත්තේ කෙසේද? තවද මෙම පනතෙන් අර්ථවත් වන්නේ කුමක්ද? එසේම මෙම පනත මගින් ශ්‍රී ලංකාවට ඇති වන බලපෑම කුමක්ද? යන කරුණු කාරණා ගැන සොයා බලමු.

කැනඩාවේ ‘ඔන්ටාරියෝ’ ප්‍රාන්තය යනු වර්ග කිලෝමීටර් මිලියන 1.1ක විශාලත්වයකින් යුත් ප්‍රධානතම ප්‍රාන්තයක් වෙයි. මෙහි ජනගහනය මිලියන 14.57ක් වාසය කරන අතර, එහි අගනගරය වන්නේ ටොරොන්ටෝ නගරයයි. කැනඩාවේ ව්‍යවස්ථාවට අනුකූලව මෙම ඔන්ටාරියෝ ප්‍රාන්තයටද අදාළව වෙනම පාලන තන්ත්‍රයක් ඇත. එහෙත් එය අධීක්‍ෂණය වන්නේ මධ්‍යම කැනේඩියානු රජය විසිනි. කැනඩාවේ ප්‍රාන්ත 13කින් ඉතාමත් විශාලතම ජනගහනයක් වාසය කරන ප්‍රාන්තය වන්නේ ඔන්ටාරියෝ වන අතර, එම ප්‍රතිශතය 38.3%කි. මෙම ප්‍රාන්තයේ අනෙක් සුවිශේෂීත්වය නම් කැනඩාවේ අගනගරය වන ’ඔටාවා’ පිහිටා ඇත්තේද මෙම ප්‍රාන්තය තුළ වීමය. එහෙත් කැනඩාවේ රාජ්‍ය පාලන ක්‍රමයට අනුව, මා ඉහත සඳහන් කළ අයුරින් ඔන්ටාරියෝ ප්‍රාන්තයට වෙන්වූ වෙනම අගනගරයක්ද ඇත. කැනඩාවේ පාර්ලිමේන්තුව මගින් මෙම ප්‍රාන්තයේ පාලනය සිදු වුණත්, ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායක සභාව නමින් මෙම පාලන තන්ත්‍රයක්ද එහි ඇත. ඔබට මේ තොරතුරු සොයා ලියා තැබුවේ මේ ලිපිය අවබෝධ කර ගැනීමට පහසුව උදෙසාය.

අපි දැන් නිසි තැනට පැමිණ සිටින්නෙමු. ‘ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායක සභාව’ විසින් මෙලෙස සම්මත කරගත් පනත මගින් සිදුවන්නේ කුමක්ද? එසේම මෙහි ‘අධ්‍යාපන සතියක්’ යනු කුමක්ද? මෙහිදී සිදු කෙරෙනු ලබන්නේ, ශ්‍රී ලංකාවේ පැවැති වාර්ගික යුද්ධයේදී දමිළ ජනයා යම් සමූල ඝාතනයකට ලක්වූයේ යැයි නිර්ණය කරමින්, එම සිදුවීමකට අදාළව කැනේඩියානු වැසියන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් වාර්ෂිකව පැවැත්වීමය. ඒ අනුව සෑම වසරකම මැයි මාසයේ 11 සිට 18 දක්වා පුරා සතියක් කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තයේදී පැවැත්වෙයි. මෙය කෙටියෙන් හඳුන්වා දිය හැක්කේ, ‘දමිළ සංහාර අධ්‍යයන සතිය’ Tamil Genocide Education Week ලෙසිනි. මෙම පනත එම ව්‍යවස්ථාදායක සභාව මගින් සම්මත කර ගැනීමට කටයුතු කර ඇත්තේ කැනඩාවේ සිටින දමිළ ඩයස්පෝරාව මගිනි. එහිදී එම කටයුතුවලට ප්‍රධානත්වය ගෙන කටයුතු කර ඇත්තේ, දැනට ඔන්ටාරියෝ ප්‍රාන්ත පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රිවරයකු වන, ශ්‍රී ලාංකික සම්භවයක් ඇති විජේ තානිගසලම් Wije Thanigasalam නැමැත්තා විසිනි. මොහු උග්‍ර එල්.ටී.ටී.ඊ. හිතවාදියකු ලෙස සැලකෙන පුද්ගලයෙකි. ඔහු කැනේඩියානු පුරවැසියකුද වෙයි.

ප්‍රියන්ත හේහිගේ!

SendShareShare
Previous Post

හෙට ජනාධිපති පාර්ලිමේන්තු එනවා! හැමෝම එන්න..!

Next Post

මළ හත්තිලව්වයි! චීන සයිනොෆාම් එන්නතේ ආයුෂ මාස 3ට බැහැලා! විශේෂඥයන් වහාම බූස්ටර් එන්නතක් දෙන්න කියයි!

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.