‘කිසිම රාජපක්ෂ කෙනෙකුට ගහන්ඩ අපේ පෂෙ ඉඩ නෑ කියන එක මතක තියාගන්න ඕනා. අයියට පංගුවක් කැමතියි. මල්ලිට අකමැතියි. මල්ලිට කැමති අය අයියට අකමැති. මේ පවුලක් කඩන්න හදන්නේ. මේක මොන විහිලුවක් ද. ජාත්‍යන්තරයටත් ඕනෙත් ඒක. ප්‍රේමදාසට ඕනෙත් ඒක. දිසානායකට ඕනෙත් ඒක. සුමන්දිරන්ලටත් ඕනේ ඒක. කොටියට ඕනෙත් ඒක. මේක කරන්න ඉඩ දෙන්න බැහැ. ඒව නොදැන් දේශපාලනය කරන්නත් අපි හොද නැහැ…” යනුවෙන් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශ කර සිටියේය.
කුරුණෑගල ප්‍රදේශයේ පැවති වැඩසටහනකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ සඳහන් කර සිටියා.
“ කී දෙනෙක් හිරේ දැම්මා ද. විමල් වීරවංශව හිරේ දැම්මා . උදය ගම්මන්පිල ව හිරේ දැම්මා . ඒවා අපි කවදාවත් අමතක කරන්න හොඳ නැහැ . ඒ අයටත් මම කියනවා මේවා කවදාවත් අමතක කරන්න එපා කියලා . පරිස්සමින් අපි මේ ආණ්ඩුව කරගෙන යමු . ඕනාවට වැඩියෙන් දුවන්න ගිහිල්ලා විනාශ කර ගන්නේ නැතුව මේ ආණ්ඩුව. මතක තියාගන්න හතුර හතුරාමයි. කැලේ මාරු වුණාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ. ඒවා අපි කවුරු කවුරුත් මතක තියා ගන්න ඕනා. හැමදේම මාධ්‍ය ඉදිරියේ කයිය ගහලා කිසිම කෙනෙක් අනාගතය විනාශ කර ගන්න හොඳ නැහැ. ඒක තමයි විය යුත්තේ. ඒක තමයි ජනතාව බලාපොරොත්තු වෙන්නේ. ඒක මේ හැම කෙනෙක්ම මතකේ තියාගන්න ඕනා.’ යනුවෙන්ද ප්‍රනාන්දු මහතා කීය.










