පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන්ට නීතිමය පියවර ගැනීම සඳහා ලබන අප්‍රේල් 21 දක්වා කාලය ලබාදෙන බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ප්‍රකාශ කළහ.
පාස්කු ප්‍රහාරය පිළිබඳ සෙවූ ජනාධිපති කොමිසමේ වාර්තාව ඊයේ උන්වහන්සේ වෙත ලැබීමෙන් පසු අද පැවති මාධ්‍ය හමුවක් අමතමින් මේ බව ප්‍රකාශ කර සිටියහ.
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් හා අනුබල දුන් පුද්ගලයින් වසර 2ක් ගත වුවත් නීතිය හමුවට ගෙන ඒමට නොහැකි වුයේ ඇයි දැයි මෙහිදී මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රශ්න කර සිටියේය.
වගකිව යුතු නිලධාරීන් පාස්කු ප්‍රහාරයේ සැබෑ මහ මොළකරුවන් අප්‍රමාදව නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටි කාදිනල් හිමියන් ඒ සඳහා ලබන අප්‍රේල් මස 21 වෙනිදා දක්වා කල් ලබා දෙන බවයි.










