තම අනියම් බිරිද සමග ඇති වූ බහින්බස් වීමකදී එම නිවසේදීම තම සිරුරට ගිනි තබාගෙන සියදිවි නසාගෙන තිබේ.
තලාහේන මාලඹේ ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ මරණයට පත්වී ඇතැයි මුල්ලේරියාව පොලිසිය සඳහන් කරයි.
මෙම පුද්ගලයා නිවසට පැමිණ අදාළ කාන්තාව සමඟ නිතර ගැටුම් ඇති කර ගන්නා බවද පොලීසිය පවසයි.
අනියම් බිරිදගෙන් මුදලක් ඉල්ලා එම මුදල නොලැබීම හේතුවෙන් මෙසේ සිරුරට භූමිතෙල් වක්කරගෙන ගිනි තබාගෙන පරීක්ෂණවලදී හෙළි වී ඇත.










