• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Tuesday, March 21, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Rajya Rahas

හොරට හදපු ලියුමකින් චීන තානාපති කාර්යාලය කැළඹෙයි! ආණ්ඩුවේ ප්‍රධානීන්ට පැමිණිලි! වැඩේ රහස් පොලිසියටම යයි! (රාජ්‍ය රහස්) EXCLUSIVE

February 4, 2023
in Exclusive, Rajya Rahas
Reading Time: 17 mins read
A A
බැසිල්ට කුණුහරුපෙන් බැන්න විමල්ලා බැසිල් එක්කම යළි ඩීල් දැපු හැටි අතේ පත්තු වෙයි! සියඹලාපිටිය නාඩගමේදී පොහොට්ටුවයි-ස්වාධීන 40යි එකතු වෙලා ගහපු ගේම! මහින්ද දුන් ලණුවක් විමල් අමුවෙන්ම ගිලියි! රනිල්ගේ රෙදි ගැලවෙයි! ඩීල් එක හෙළිවෙයි! (රාජ්‍ය රහස්)
893
SHARES
2.8k
VIEWS
Share on FacebookShare on Twitter

වසන්ත එළියට එන්න කලින් මගුල් ගෙදරදී ආණ්ඩුවේ ලොක්කෙක් කියපු මාර කතාව!

ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්ට වෙච්ච දෙයක්!

ලංකාදීපේ ගහපු බොරු එකින් එක හෙළිවෙයි!

මූල්‍ය අරමුදලේ සල්ලි මාර්තුවලවත් ලැබෙයිද?

අලුත්ම ගුණ්ඩුව චාල්ස්!

පළාත් පාලන මැතිවරණය කල්දමා ගැනීමට මාස කිහිපයක් තිස්සේ ආණ්ඩුව ගැසූ සියලු තුරුම්පු මේ වන විට ඇත්තේ ආපසු කැරකී ගොසිනි. එසේ කැරකී ගියේද නිකම් නොව ආණ්ඩුවත්, ආණ්ඩුවේ ප්‍රධානීනුත් රට හා ජාත්‍යන්තරය හමුවේ මහත් ලැජ්ජාවට සහ අසීරුතාවට පත්කරලමිනි. එසේ ඡන්දය කල්දමා ගැනීමට ආණ්ඩුව මීට සතියකට ඉහතදී ගැසූ තවත් තුරුම්පුවක් වූයේ ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකාවක වූ පී.එස්.එම්. චාල්ස් මහත්මිය කොමිසමෙන් ඉල්ලා අස්වී ඇති බවට වූ පුවතය. පසුගිය 25 වැනිදා රාත්‍රියේ ජනාධිපති මාධ්‍ය ඒකකයේ ආරංචි මාර්ග පවසන බව කියමින් මෙම පුවත පළමු වරට රටට කියා සිටියේ වෙන කවුරුවත් නොව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා මෙන්ම ජනාධිපතිවරයාගේ උපදේශකවරයකු මෙන්ම ඥාතියකුද වන රුවන් විජේවර්ධන මහතාගේ පවුලට අයත් ලංකාදීප පුවත්පතය. ඒ අනුව ලංකාදීප පුවත්පත පළ කළ මේ පුවත මොහොතක් යෑමට මත්තෙන් අනෙකුත් වෙබ් අඩවිද, සමාජ මාධ්‍ය ජාලද පළකිරීමට පටන්ගෙන තිබූ බැවින් රටම මහත් කැලඹීමට පත්ව සිටි ආකාරයක් දැකගත හැකි විය.

ලංකාදීප පුවතේ සැක මුසු තැන් රැසක්!

කෙසේ වෙතත් ලංකාදීප පුවත්පත මෙම පුවත පළකළද එම පුවතේ සැකමුසු තැන් රාශියක් දැකගන්නට ලැබීම විශේෂ සිදුවීමක් විය. මීට පෙරද ලංකාදීප පුවත්පත ආණ්ඩුවේ වුවමනාවන්ට අනුව මැතිවරණය කල්දමා ගැනීම සඳහා විවිධ අසත්‍ය, නිර්මාණය කරන ලද පුවත් පළකොට තිබූ බැවින් අප මෙන්ම බොහෝ දෙනෙක් මෙම පුවතේ සත්‍ය අසත්‍යතාව සොයාබැලීමට පියවර ගෙන තිබිණි. එහිදී අපටද සැක මතුවී තිබුණේ ලංකාදීප පුවත්පත චාල්ස් මහත්මිය ඉල්ලා අස්වී ඇති බවට වූ පුවතක් පළකළද ඊට අදාළ ලිපිය පළකිරීමට පියවර ගෙන නොතිබීම නිසාය. එහි සඳහන්ව තිබුණේ අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට ලැබෙන්නට සලස්වා ඇතැයි කියාය. ඒ අනුව කොමිසම තුළ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ඒකමතිකභාවයක් නොමැති බව මෙම සිදුවීම හරහා පෙනෙන්නට ඇති බවත්, කොමිසමේ සාමාජිකයකු නොමැතිව මැතිවරණය පැවැත්විය නොහැකි බවත් ආණ්ඩුව ඊට පසු දින සිටම රටට කියා සිටි කාරණය විය.

චාල්ස්ගේ ලියුම දැක්ක කෙනෙක් නෑ!

නමුත් පුදුමයට කරුණ වී තිබුණේ තමන් මැතිවරණ කොමිසමෙන් ඉල්ලා අස්වූ බවක් චාල්ස් මහත්මිය විසින් කිසිදු ස්ථානයක ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට නොතිබීමය. අවම වශයෙන් ඇය සිය ඉල්ලා අස්වීමේ ලිපිය මැතිවරණ කොමිසම වෙත හෝ යොමුකර තිබුණේ නැත. එසේම වාචිකව හෝ තමන් ඉල්ලා අස්වී ඇති බවක් මැතිවරණ කොමිසමට දැනුම් දී තිබුණේද නැත. ඊට අමතරව ඇයගේ පත්කිරීම සිදුකළ ව්‍යවස්ථාදායක සභාව වෙත හෝ ඇය එවන් දැනුම්දීමක් කර තිබුණේද නැත.

චාල්ස් නැතත් කොමිසම වැඩ!

අනෙක් අතට නීතිමය ප්‍රතිපාදන අනුව මැතිවරණයක් කැඳවා ඇති මොහොතක හෝ කොමිසමේ සාමාජිකයකු ඉවත් වුවද මැතිවරණය පැවැත්වීමට එය කිසිදු බාධාවක් නොවන බැවින් චාල්ස්ගේ ඉවත්වීම තඹයකට මායිම් නොකළ මැතිවරණ කොමිසම සුපුරුදු පරිදි සිය මැතිවරණ කටයුතු ඉදිරියට සිදුකරගෙන ගිය ආකාරයත් දැකගත හැකි විය.

මරණ තර්ජන පිටරටින් ඇවිත්!

මේ අතර ආණ්ඩුවේ බලාපොරොත්තුව වී තිබුණේ චාල්ස් ඉවත් වූ බවට ලංකාදීප පුවත්පතේ පළකළ පුවතින් පසු කොමිසමේ තවත් සාමාජිකයන් කිහිප දෙනකු විවිධ හේතු ඉදිරිපත් කරමින් ඉල්ලා අස්වනු ඇතැයි කියාය. ඊට හේතු වී තිබුණේ කොමිසමේ තවත් සාමාජිකයන් දෙදෙනකු වූ මොහොමඩ් සහ දිවාරත්න යන මහත්වරුන් හට වහාම ඉල්ලා අස්වන ලෙසට තර්ජනාත්මක දුරකතන ඇමතුම් ලැබී තිබීමය. එවැනි මරණීය තර්ජන සහිත දුරකතන ඇමතුම් ලැබුණා පමණක් නොව ඔවුන්ට වට්ස්ඇප් පණිවුඩ හරහා මරණීය තර්ජන එල්ල කිරීමටද යම් යම් පිරිස් පියවර ගෙන තිබිණි. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා නම් කියා සිටියේ ඩුබායි රටේ අංකයකින් මෙම තර්ජනාත්මක ඇමතුම් හා කෙටි පණිවුඩ ලැබී ඇති බවත්, වට්ස්ඇප් තාකෂණය ඔස්සේ ඒවා යොමුකර ඇති බැවින් පරීක්ෂණ තරමක් සංකීර්ණ බවත්ය.

පුංචිහේවාගෙන් කෙළින් ප්‍රකාශයක්!

කෙසේ වෙතත් මෙම පණිවුඩවලට අමතරව පසුගිය සතියේ මෙම කොමිසමේ සාමාජිකයන් දෙදෙනාගේ නිවෙස්වලට ඇතුළු වී කිසියම් පිරිසක් වාහනවල ඡායාරූප ගත් සිදුවීමක්ද වාර්තා වී තිබිණි. මේ සම්බන්ධයෙන් පළමු වරට මාධ්‍ය හමුවේ කරුණු අනාවරණ කළේ වෙන කවුරුවත් නොව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා විසින්මය. එපමණක් නොව වහාම කොමිසමේ සාමාජිකයන්ට ආරක්ෂාව සපයන ලෙස ඉල්ලා ජනාධිපතිවරයා වෙත ලිපියක් පවා යොමුකිරීමට පුංචිහේවා කටයුතු කොට තිබිණි. එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ මේ කුමන තර්ජන හමුවේ වුවද කොමිසමේ තවත් කිසිදු සාමාජිකයකු ඉල්ලා අස් නොවන බවට ස්ථිර ප්‍රකාශයක් පුංචිහේවා විසින් සිදුකරනු ලැබීමය.

චාල්ස්ට නඩු පිට නඩු!

මෙහිදී චාල්ස්ට එරෙහිව දැඩි විරෝධයක් සමාජයේ විවිධ පාර්ශ්වයන්ගෙන් එල්ල වෙමින් පැවැති ආකාරයක්ද දැකගත හැකි විය. විශේෂයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයන් විසින් මැතිවරණයක් කැඳවා තිබියදී ඇගේ හැසිරීම පිළිබඳ දැඩි විවේචනයක් එල්ල කළ ආකාරයක් දැකගත හැකි විය. එපමණක් නොව ජාතික ජන බලවේගයේ නීතිඥ කණ්ඩායමක් ඇයට විරුද්ධව අධිකරණයේ නඩු පැවරීමටද සූදානමින් සිටියහ. ඒ, මැතිවරණයක් කැඳවා තිබියදී එය කඩාකප්පල් කිරීමේ අරමුණෙන් මැතිවරණ කොමිසමේ සාමාජිකයන් කටයුතු කර ඇතැයි යන චෝදනාව යටතේත්, වගකීම්සහගත තනතුරක් දරන අයකු එම වගකීම පැහැරහැරීමට කටයුතු කර ඇති බවට වූ චෝදනාව යටතේත්ය.

ලංකාදීපෙන් නිව්ස් එක වෙනස් කරයි!

ඒ අනුව එනපොට එතරම් හොඳ නැති බවක් චාල්ස්ගේ ඉල්ලා අස්වීමේ පුවත නිර්මාණය කළ මහමොළකරුවන්ට වටහා ගැනීමට වැඩි වේලාවක් ගියේ නැත. එහි එක් ප්‍රතිඵලයක් වූයේ චාල්ස්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත ලැබී තිබුණත්, එය පිළිනොගැනීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවට වූ තවත් පුවතක් රුවන් විජේවර්ධන මහතාගේ පවුලට අයත් ලංකාදීප පුවත්පතේ පළවීමය.

මොනවත් නොදැන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ගහපු ලියුම!

මේ අතරවාරයේ තවත් අපූරු සිදුවීමක් සිදුවිය. ඒ, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මැතිවරණයට අදාළව පේළි තුනක විශේෂ නිවේදනයක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලිපි ශීර්ෂය යටතේ නිකුත් කිරීමය. කලක් ලංකාදීප පුවත්පතේ කර්තෘ මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කළ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ එම කෙටි නිවේදනයේ සඳහන් වූයේ කොමිසමේ සියලු සාමාජිකයන්ගේ අස්සනින් යුතුව මැතිවරණයට අදාළ ගැසට් නිවේදනය තවමත් කොමිසම විසින් රජයේ මුද්‍රණාලයට යොමුකොට නැතැයි කියාය. කාගේ උපදෙස් මත කුමන හේතුවක් නිසා මෙවැනි නිවේදනයක් නිකුත් කිරීමට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා කටයුතු කළාද යන්න පැහැදිලි නැතත් එම නිවේදනයේ බරපතළ ගැටලුවක් සහ නොදැනුවත්කමක් ඇති බව බැලූ බැල්මටම පෙනෙන්නට තිබිණි. ඒ අනුව ‘මව්රට’ පුවත්පත ඒ පිළිබඳ වහාම මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වූ සමන් ශ්‍රී රත්නායක මහතාගෙන් විමසීමක් කළ අතර, ඔහුද කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා තමන්ට අයිති නැති කටයුත්තක් සිදුකොට ඇතැයි කියාය. මෙවර මැතිවරණය ඉතා සංකීර්ණ එකක් බැවින් අපේක්ෂකයන් 80,000කට අධික පිරිසක් තරග කරන බවත්, ඒ සියල්ල ඇමුණුම් වශයෙන් සකස් කොට අදාළ ගැසට් නිවේදනය යොමුකිරීමට සැලසුම් කොට ඇති බවත්, ඒ බවක් නොදන්නේ නම් 2018 පළාත් පාලන මැතිවරණයේදී ගැසට් පත්‍රය යොමුකළ ආකාරය සොයා බලන ලෙසත් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා එහිදී සඳහන් කර සිටියේය.

ගැසට් එක පරක්කු වුණේ ඇයි?

ඇත්ත වශයෙන්ම 2018 වසරේදී සිදුව තිබුණේද පළමු වරට අපේක්ෂකයන් 80,000කට වඩා ඉදිරිපත් වූ බැවින් මැතිවරණ දිනය ප්‍රකාශයට පත්කොට මාසයකට ආසන්න කාලයකට පසු ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමය. අනෙක එය කොමිසම විසින් සිදුකරන්නක් කොව, එම කොට්ඨාස භාරව සිටින තේරීම්භාර නිලධාරීන් විසින් සිදුකරනු ලබන්නකි. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා මෙම නිවේදනය නිකුත් කරන විටදීත් තේරීම්භාර නිලධාරීණ් විසින් 90%කට වඩා වැඩි ප්‍රමාණයක් සිය කටයුතු අවසන් කොට තිබූ ආකාරයක්ද දැකගත නොහැකි විය.

අනුන්ගේ වැඩක් කරලා! අනුකම්පා කරනවා!

ඒ අනුව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයාගේ නිවේදනයට පසු දින මැතිවරණ කොමිසමේ සභාපතිවරයාද මාධ්‍ය හමුවක් කැඳවා මේ පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියේ තමන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයාගේ නොදැනුවත්භාවය පිළිබඳ අනුකම්පා කරනවා යැයි කියාය. එමෙන්ම හෙතෙම තමන්ට අයිති නැති කාර්යයක් සිදුකොට ඇති බවද කී කොමිසමේ සභාපතිවරයා, සියලු කටයුතු සම්පූර්ණ කොට ඇති බැවින් මැතිවරණයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට සියල්ල සූදානම් බවද දැනුම් දී සිටියේය.

හැංගිලා හිටපු චාල්ස් එළියට! ගැසට්ටුවට අස්සන තියයි!

ඒ කිව්වා වාගේම එදිනම මැතිවරණයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ තනතුරින් ඉල්ලා අස්වූ බවට සඳහන් ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකොට ඇතැයි ලංකාදීප පුවත්පත කී චාල්ස් මහත්මියද එම ගැසට් නිවේදනයට අස්සන් කර තිබීමය. ඇය අදාළ ගැසට් නිවේදනය සිය නිවෙසටම ගෙන්වාගෙන ඊට අස්සන් තැබීමට පියවර ගෙන තිබිණි. ඒ අනුව පසුගිය සතියේ ආණ්ඩුව නිර්මාණය කළ චාල්ස් නාඩගමද අවසන් වූයේ මැතිවරණය කල්දමා ගැනීම සඳහ ආණ්ඩුව ගැසූ ‘හපුහින්න නාඩගම’ට අත්වූ ප්‍රතිඵලයම අත්කර දෙමිනි.

ලංකාදීපේ තවත් පුවතක් බොරු වෙයි!

චාල්ස්ගේ මෙම පුවතට අමතරව පසුගිය සතියේදී ලංකාදීප පුවත්පත මැතිවරණය ඉලක්ක කර තවත් අසත්‍ය පුවතක් පළකිරීමට පියවර ගෙන තිබිණි. එම පුවතින් කියැවුණේ මැතිවරණය කල්දමන ලෙස පවරා ඇති නඩුවේදී මැතිවරණ කොමිසමද ආණ්ඩුව සමග එක්ව මැතිවරණය කල් දැමීමට එකඟ බව ප්‍රකාශ කිරීමට සූදානමින් සිටිනවා යැයි කියාය. ඒ පිළිබඳවද අප මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් කළ විමසීමකදී හෙතෙම කියා සිටියේ එවැනි කිසිදු එකඟතාවක් නොමැති බවත්, නියමිත පරිදි මැතිවරණය පැවැත්වීමට කොමිසම කටයුතු කරමින් සිටින බවත්ය. ඒ අනුව එකම සතියේ ලංකාදීපය ගහපු බොරු දෙකක්ම අතේ පත්තු වී ගියේ ඒ ආකාරයටය.

වසන්තට දීපු ඉතිහාසගත වන තීන්දුව!

දවස් 167ක් පුරා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටි අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ කොළඹ මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින් නිදහස් කරනු ලැබුවේ පසුගිය බදාදා (01) දිනය. එහිදී වසන්තව නිදහස් කරමින් මහේස්ත්‍රාත්වරයා ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක්ම සිදුකළ අතර ඉන් ප්‍රධානම තැනක් ගත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතට ගැනෙන වැරැදි කිසිවක් වසන්ත විසින් සිදුකර ඇති බවක් පෙනී නොයන බවත්, පොලිසිය පසු අවස්ථාවකදී සාක්ෂි නිර්මාණය කොට ඇති බවක් පෙනී යන බවත්ය.

ඇතුළට යැව්වේ එළියට එවන්න නෙමෙයි!

කෙසේ වෙතත් වසන්තට එල්ල කර තිබූ චෝදනා හේතුවෙන් සහ ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ ඇතැම් කියුම් කෙරුම් හේතුවෙන් බොහෝ දෙනා සිටියේ මේ සම්මජාතියේ නම් වසන්නට එළියට එන්නට ඉඩක් නොලැබෙනු ඇතැයි කියාය. වසන්තද නිදහස ලබා එළියට පැමිණ පැවැත්වූ පළමු මාධ්‍ය හමුවේදී කියා සිටියේ පොලිසියේ ඇතැම් නිලධාරීන්ද තමන්ට වසර දෙක්කවත් සිරගතව සිටින්නට සිදුවනු ඇතැයි පැවසූ බවකි.

සෙනසුරාදා මගුල් ගෙදරදී වසන්ත ගැන ලොක්කෙක් කියපු කතාව!

කෙසේ වෙතත් පසුගිය සෙනසුරාදා ආණ්ඩුවේ ඉහළ පෙළේ ප්‍රධානීන් සහ මැති ඇමැතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මංගල උත්සවයකදීද වසන්ත සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබිණි. මෙම මංගල උත්සවය ආණ්ඩුවේ ප්‍රබලම ලේකම්වරයකුගේ ඥාතියකුගේ එකක් වූ අතර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකුගේ සබඳතාවක්ද පැවැති හෙයින් ආණ්ඩුවේ සහ එජාපයේ බොහෝ පිරිස් ඊට එක්ව සිටි ආකාරයක් දැකගන්නට ලැබිණි. එහිදීද කියැවී තිබුණේ වත්මන් ආණ්ඩුවේ ප්‍රබලයන් බලයේ සිටින තුරු වසන්තට එළියට ඒමට නොහැකි වනු ඇති බවකි.

පැය 72න් ඔක්කොම වෙනස් වෙයි!

නමුත් පුදුමයට කරුණ වූයේ මෙම ප්‍රකාශය සිදුකොට පැය 72ක් යෑමටත් මත්තෙන් ආන්දෝලනාත්මක නඩු තීන්දුවක් හමුවේ වසන්ත නිදහස ලබා එළියට පැමිණීමය. මේ හේතුවෙන් එම නඩු තීන්දුවත් සමග මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයම හෙල්ලී ගොස් ඇති බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.

ලංකාවට එන, අපි කලින්ම කියපු ජාත්‍යන්තර ප්‍රහාරය!

පසුගිය සතියේ අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ විශේෂ අනාවරණයක් කරමින් කියා සිටියේ නුදුරේදීම ආණ්ඩුවට ජාත්‍යන්තරයෙන් ප්‍රබල බලපෑමක් එල්ල වීමට නියමිතව ඇතැයි කියාය. ආණ්ඩුවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ සිදුවීම් සහ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල්දැමීමට ආණ්ඩුව ගෙනයන වැඩපිළිවෙළ හේතුවෙන් මෙම බලපෑම එල්ලවීමට නියමිත බවද එහිදී අපි කියා සිටියෙමු. අප කී ආකාරයටම පසුගිය සතියේදී ඇමෙරිකානු ජාතික ආරක්ෂක කවුන්සිලයේ දකුණු ආසියාවේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂිකා, රියර් අද්මිරාල් ඇසිලින් ලෝබැෂර් මහත්මිය ලංකාවට පැමිණ ජනාධිපතිවරයා මුණගැසී කලාපීය ආරක්ෂාව පිළිබඳ සාකච්ඡා කරන අතරවාරයේ මාර්තු මාසයේ නියත වශයෙන්ම පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බව දැනුම් දී සිටියාය.

නූලාන්ඩ් ජනාධිපතිට කියපු දේ!

එමෙන්ම ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයෂංකර් මහතා ලංකාවට පැමිණි අවස්ථාවේදීද මැතිවරණය පැවැත්විය යුතු බවට වූ ඉඟියක් ජනාධිපතිවරයා වෙත ලබාදීමට පියවර ගෙන තිබිණි.
මීට අමතරව පසුගිය සතියේදී ඇමෙරිකානු ජනාධිපති බයිඩන්ගේ තවත් විශේෂ නියෝජිතයෙක් ලංකාවට පැමිණියාය. ඒ, ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ්ය. මෙහිදී ජනාධිපතිවරයා මුණගැසුණු නූලන්ඩ් පසුව තනිවම මාධ්‍ය හමුවකට එක්වෙමින් කෙළින්ම කියා සිටියේ මාර්තු 09 වැනිදා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව කටයුතු කළ යුතු යැයි කියාය. බොහෝ දෙනාගේ අදහස වී ඇත්තේ ඇමෙරිකානු රජයේ මෙවැනි බලගතු නියෝජිතයකු රටට පැමිණ ඍජුවම පළාත් පාලන ඡන්දය පැවැත්වීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවට දැනුම්දීම හරහා අමෙරිකාව බරපතළ පණිවුඩයක් ආණ්ඩුව වෙත ලබාදී ඇතැයි කියාය.

ඡන්දය තියනවා! ජනාධිපති මට කිව්වා!

එමෙන්ම ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවෙන් පසු නූලාන්ඩ් මහත්මිය මෙරට සුළු පක්ෂ නියෝජිතයන් හමුවීමටද පියවර ගත්තාය. එම හමුවට රිෂාඩ් බදියුදීන්, රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, ගජන් පොන්නම්බලම්, එම්. සිද්ධාර්තන්, එම්.ඒ. සුමන්තිරන් යන මහත්වරු එක්ව සිටියහ. ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් සහ පොහොට්ටුවේ යම් යම් පිරිස් පළාත් පාලන මැතිවරණය කල්යනු ඇති බවට දිගින් දිගටම ප්‍රකාශ කර සිටියත්, නූලාන්ඩ් මහත්මිය මෙම සාකච්ඡාවේදී සිදුකරනු ලැබූ එක්තරා ප්‍රකාශයකින් සුළුජාතික පක්ෂ නියෝජිතයෝ පුදුමයට පත්වූහ. එහිදී ඇය කියා සිටියේ නිශ්චිත වශයෙන්ම මාර්තු 09 වැනිදා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට තමන් කටයුතු කරන බව ජනාධිපතිවරයා විසින් තමන්ට දැනුම් දුන්නා යැයි කියාය. ඒ අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සහතික වූ බවද ඇය එහිදී සුළු පක්ෂ නියෝජිතයන්ට පෙන්වා දුන්නාය.

එජාපයයි පොහොට්ටුවයි නින්දෙන් නැගිටියි!

පළාත් පාලන ඡන්දය පැවැත්විය යුතු බවට නූලන්ඩ් කළ මෙම ප්‍රකාශයත් සමග එක්සත් ජාතික පක්ෂය සහ පොහොට්ටුව මේ වන විට සම්පූර්ණයෙන්ම බලාසිටින්නේ මැතිවරණය සම්බන්ධයෙන් ලබන 10 වැනිදා අධිකරණය හමුවේ පනවා ඇති නඩුවෙන් ලැබෙන තීන්දුව දෙසය. නමුත් වසන්ත මුදලිගේ සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් තීන්දුව මුල් කරගෙන මේ වන විට එජාපය සහ පොහොට්ටුව තරමක් හෙල්ලී සිටින බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. එහි ප්‍රතිඵලය පසුගිය බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවලදී දැකගන්නට ලැබුණේ එජාපය වහාම පක්ෂයේ කළමනාකරණ කමිටුව සිරිකොතට කැඳවා මැතිවරණයට සූදානම් වන ලෙස දැනුම් දීමත්, බැසිල් බ්‍රහස්පතින්දා දිනයේදී පොහොට්ටුවේ ආසන සංවිධායකයන් බත්තරමුල්ලේ පක්ෂ කාර්යාලයට කැඳවා මැතිවරණයට සූදානම් වන ලෙස දැනුම් දීමත් හරහාය.

ජිනීවාවලත් ලංකාව ගැන කතා වෙයි!

මීට අමතරව පසුගිය සතියේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ 42 වැනි මානව හිමිකම් සැසිවාරයට සමගාමීව විශ්ව කාලාන්තර සමාලෝචනය පැවැත්විණි. මෙහිදී දැකගැනීමට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ඇමෙරිකාව, බි්‍රතාන්‍යය, ඉන්දියාව ඇතුළු රටවල් රැසක්ම ලංකාවේ මාවව හිමිකම් ආරක්ෂා කරලීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමය. ඒ නිර්දේශ අතර ත්‍රස්ත පනත අහෝසි කිරීම, මානව හිමකම් ආරක්ෂා කිරීම, සංහිඳියාව ඇතිකිරීම, භාෂණයේ නිදහස ඇතිකිරීම ආදිය ප්‍රධාන විය. ඉන්දියාව එහිදී විශේෂ නිර්දේශයක් ඉදිරිපත් කරමින් 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කිරීම සහ පළාත් සභා මැතිවරණය පැවැත්වීමද අන්තර්ගත කොට තිබූ ආකාරයක් දැකගත හැකි විය.

මූල්‍ය අරමුදලෙන් කියන විදිහට සල්ලි දෙයිද?

කෙසේ වෙතත් ජිනිවාහි පැවැති මෙම රැස්වීමේදී ප්‍රතිඵල කෙළින්ම සම්බන්ධ වීමේ අවදානම ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෛන් ලැබීමට නියමිත මුදල් කෙරෙහිය. ආණ්ඩුවේ ප්‍රධානීන් පමණක් නොව මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතාද මේ වන විට ප්‍රකාශ කොට ඇත්තේ මාර්තුවේදී අදාළ මුදල් ලංකාවට ලැබෙනු ඇතැයි කියයා. නමුත් අප මුල සිටම කියා සිටියේ ආණ්ඩුවේ මානව හිමිකම් වාර්තාව හේතුවෙන් සහ ජනවරම පිළිබඳ ඇති ප්‍රශ්නය හේතුවෙන් මූල්‍ය අරමුදලේ ආධාර නොලැබීමේ අවදානමක් මතුව ඇතැයි කියාය. අනෙකුත් සියලු මාධ්‍ය ආණ්ඩුවේ ප්‍රධානීන් මුදල් ලැබෙන බවට සිදුකරන ප්‍රකාශ ඒ ආකාරයෙන්ම විචාරයකින් තොරව තම මාධ්‍යවල පළකරද්දී අප මුල සිටම කියා සිටියේ ආණ්ඩුව කියන ආකාරයට මුදල් ලබාදීමට මූල්‍ය අරමුදල සූදානම් නැතැයි කියාය. ආණ්ඩුව පමණක් නොව මහබැංකු අධිපතිද එවකදී දෙසැම්බර් මාසය වන විට මුදල් ලැබෙනු ඇති බව කියා සිටියත් අප ඉතා වගකීමකින් යුතුව කියා සිටියේ දෙසැම්බර් මාසයේ කිසිසේත්ම මූල්‍යාධාර ලැබෙන්නේ නැති බවකි. එහිදී අප කී කතාව තහවුරු වී ආණ්ඩුව කී කතා අසත්‍යයක් බවට පත්විය. නමුත් අදත් ආණ්ඩුව කියන්නේ ලබන මාර්තුවේ එම අරමුදල් ලැබෙනු ඇතැයි කියාය. නමුත් අපට ඇති තොරතුරුවලින් නම් කියැවෙන්නේ මාර්තු මාසයේදීවත් මූල්‍ය අරමුදලෙන් ලැබෙන ආධාර නොලැබෙනු ඇති බවකි.

චීනයේ අවුරුදු 2 ඇතිද?

අප එසේ කියන්නේ ඉන්දියාව ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟතාව පළකොට තිබුණත් චීනය මූල්‍ය අරමුදල බලාපොරොත්තු වන ආකාරයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට එකඟතාව පළකොට නොතිබීම නිසාය. මූල්‍ය අරමුදල අවුරුදු 10ක ණය සහනයක් චීනයෙන් බලාපොරොත්තු වුවද චීනය දී ඇත්තේ වසර 2ක ණය සහනයක් ලබාදිය හැකි බවට වූ සහතිකයකි. ලංකාවට පැමිණි වික්ටෝරියා නූලන්ඩ්ද එය ප්‍රසිද්ධියේම කියා සිටියේ මූල්‍ය අරමුදල විසින් ලබාදීමට නියමිත මුදල් පිළිබඳ ඇති අවදානම තවත් ඉහළ නංවමිනි.

බංග්ලාදේශයට ණය දෙකක් දුන්නේ ඇයි!

අනෙක් අතට ආණ්ඩුවට ඇති ජනවරමද මේ වන විට මූල්‍ය අරමුදලේ අවධානයට ලක්ව තිබෙන කාරණයකි. ඒ බව තහවුරු වූයේ ලංකාවට පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ආධාර ඉල්ලූ බංග්ලාදේශයට පසුගිය සතියේ ණය වාරිකයේ පළමු කොටස මුදාහැරීමට මූල්‍ය අරමුදල පියවර ගැනීම හරහාය. එහිදී එක් ණයක් වෙනුවෙන් ණය දෙකක්ම ලබාදීමට මූල්‍ය අරමුදල කටයුතු කළේ බංග්ලාදේශයේ ජනවරමක් සහිත ආණ්ඩුවක් බලයේ සිටීමත්, ඔවුන් මානව හිමිකම්වලට ගරු කරමින් රාජ්‍ය පාලනය මෙහෙයවීමත් හේතුකොටගෙනය. නමුත් ලංකාවේ ජනවරමක් සහිත ආණ්ඩුවක් නොපැවැතීම හේතුවෙන් මාර්තුවේ හෝ මූල්‍ය අරමුදලේ ආධාර ලැබෙනු ඇතැයි විශ්වාසයක් තැබීමට නොහැකි බව ක්ෂේත්‍රයේ බොහෝ දෙනාගේ මතය වී තිබේ.

චීන තානාපති කාර්යාලය කැළඹූ හොර ලියුම!

මේ ආකාරයට චීනය පිළිබඳ අලුත් ප්‍රශ්නයක් මතුව එද්දී මෙරට පිහිටි චීන තානාපති කාර්යාලයටද පසුගිය සතියේ මහත් අකරතැබ්බකට මුහුණ දීමට සිදුවිය. ඒ, වසර දෙකකට ණය ප්‍රතිව්‍යුහගත කළ හැකි බව දැනුම් දෙමින් බීජිං පාලනය මගින් එවනු ලැබූ ලිපිය කිසියම් පිරිසක් විසින් වෙනස්කමකට භාජනය කරනු ලැබීම හරහාය. මෙම ලිපිය බීජිං සිට මෙරට චීන තානාපති කාර්යාලයට ඉතා රහස්‍ය ආකාරයට යොමුකර තිබූ අතර පසුව එය චීන තානාපති කාර්යාලය මගින් මෙරට බලධාරීන්ට යොමුකිරීමට පියවර ගෙන තිබිණි. නමුත් අදාළ ලිපිය මාධ්‍ය වෙත නිල වශයෙන් නිකුත් වීමට පෙර අදාළ ලියුමේ සඳහන්ව තිබූ වසර 2ක කාලය වසර 5ක් යනුවෙන් කිසියම් පිරිසක් විසින් වෙනස් කොට මාධ්‍ය වෙත නිකුත් කිරීමට පියවර ගෙන තිබීමත් සමග මහත් ආන්දෝලනයක් මතුවිය. විදෙස් රාජ්‍යයක් එවූ නිල ලිපියක් එරට අවසරයකින් හෝ අනුදැනුමකින් තොරව සංශෝධනයකට ලක්කිරීම බරපතළ රාජ්‍යතාන්ත්‍රික ගැටලුවක් බැවින් මෙම ලිපිය දුටු මෙරට චීන තානාපති කාර්යාලය මහත් කලබලයට පත්වූ ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව මෙරට වැඩබලන චීන තානාපතිවරයා වහාම කළේ බීජිං පරිපාලනය සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කිරීමය. බීජිංවලින් ලැබුණු උපදෙස වූයේ මෙය ඉතා භයානක තත්ත්වයක් බැවින් ආණ්ඩුවේ ඉහළ පෙළේ ප්‍රධානීන් වෙත ඒ පිළිබඳ ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කළ යුතු යැයි කියාය.

චීනෙන් ඉහළටම පැමිණිලි!

ඒ අනුව චීන වැඩබලන තානාපතිවරයා ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් යන මහත්වරුන් වෙත මේ සම්බන්ධයෙන් ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පියවර ගත්තේය. එහිදී ඔහු අවධාරණය කර සිටියේ මේ ක්‍රියාව සම්බන්ධයෙන් වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බවත්, මෙහි පිටුපස සිටින පිරිස වහාම සොයාගත යුතු බවත්ය. එමෙන්ම චීන වැඩබලන තානාපතිවරයා, සාගල සහ ටිරාන් හමුවී මේ පිළිබඳ පැමිණිලි කළා පමණක් නොව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද හමුවී මේ පිළිබඳ සාකච්ඡා කිරීමට පියවර ගත් බවක් ආරංචිය. එහිදී ඇතැම් නම්ගම් පිළිබඳ සාකච්ඡා වී ඇති බවක්ද ආරංචිය. ඒ අනුව චීනය මේ ප්‍රශ්නය පිටුපස දැඩිව පැන්නීමට සැලසුම් කර ඇති බවක් දැකගත හැකිය.

ව්‍යවස්ථාදායක සභාව සූම් එකෙන් රැස්වෙයි!

පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප විශේෂ අනාවරණයක් කරමින් ව්‍යවස්ථාදායක සභාවේදී කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හා පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා සමග විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතිකරගත් සංවාදයක තොරතුරු රැගෙන ආවෙමු. එහිදී අප පෙන්වා දුන්නේ කතානායකවරයාත්, පාර්ලිමේන්තු මහලේකම්වරයාත් මැතිවරණ කොමිසම ඇතුළු ස්වාධීන කොමිෂන් සභා 10ට අලුත් නියෝජිතයන් පත්කළ යුතු බවට විපක්ෂ නායකවරයාගේ විරෝධය නොතකා පුවත්පත් දැන්විම් පළකිරීමට තීරණය කර තිබූ ආකාරයත්, සජිත් ඊට දැඩි විරෝධය පළකොට එය සඳුදා තෙක් කල් දමා ගැනීමට කටයුතු කළ ආකාරයත්ය. වෙනත් කිසිදු පුවත්පතක් මේ පිළිබඳ වචනයක් හෝ නොලියූ පසුබිමක අපි එහි සිදුවූ සිදුවීම් සහ සංවාදයන් ඒ අයුරින්ම පළකිරීමටද කටයුතු කළෙමු.

සජිත් යළිත් විරෝධයේ!

කෙසේ වෙතත් පසුගිය සඳුදා නැවත වතාවක් ව්‍යවස්ථාදායක සභාව රැස්වුණේ ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයන් පත්කිරීම සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම සඳහාය. සූම් තාක්ෂණය ඔස්සේ පැවැති මෙම සාකච්ඡාවට කතානායකවරයා, පාර්ලිමේන්තු මහලේකම්වරයාට අමතරව ආණ්ඩුව නියෝජනය කරමින් දිනේෂ් ගුණවර්ධන සහ නිමල් සිරිපාල ද සිල්වා මහතාද සහභාගි වී සිටියහ. මෙහිදීද කතානායකවරයාත්, ආණ්ඩුවේ පිරිසත් පෙන්වා දුන්නේ ඉතාමත් ඉක්මනින් ස්වාධීන කොමිෂන් සභා දහයේ නියෝජිතයන් පත්කළ යුතු යැයි කියාය. නමුත් සජිත් එහිදීද කියා සිටියේ අනෙකුත් ස්වාධීන කොමිෂන් සභා සම්බන්ධයෙන් ගැටලුවක් නැති බවත්, මැතිවරණයක් කැඳවා තිබියදී මැතිවරණ කොමිසමේ නියෝජිතයන් අලුතින් පත්කිරීම සදාචාර විරෝධී මෙන්ම නීති විරෝධී බවත්ය. නමුත් ආණ්ඩුවේ නියෝජිතයන් එහිදී පෙන්වා දුන්නේ මැතිවරණ කොමිසමට නව නියෝජිතයන් පත්කළද මැතිවරණයට බාධාවක් නොවන බවකි. ඒ අනුව විපක්ෂ නායකවරයාගේ විරෝධය මැද කොමිෂන් සභා සඳහා නව නියෝජිතයන් පත්කිරීමේ දැන්වීම් පළකිරීමට ව්‍යවස්ථාදායක සභාව තීරණය කළ ආකාරයක් දැකගත හැකි විය.

නිමල් රහස් රකින්නලු!

ඉන් අනතුරුව නිමල් සිරිපාල මතුකළ කාරණයක් හේතුවෙන් සජිත්ට කේන්ති ගිය ආකාරයක් දැකගත හැකි විය. ඒ, ව්‍යවස්ථාදායක සභාවේ කතාවෙන කරුණුවල රහස්‍යභාවය ආරක්ෂා කිරීමට සියලු දෙනාම පියවර ගත යුතු බවට කළ කතාව හේතුකොටගෙනය. එහිදී යක්ෂාරූඪ වූ සජිත් කියා සිටියේ ව්‍යවස්ථාදායක සභාවේ ජනතා විරෝධී තීරණ ගන්නේ නම් ඊට එරෙහිව තමන් කටයුතු කරනවා යැයි කියාය.

සජිත්ට යකා නගී!

‘මොන රහස්‍යභාවයක්ද? ව්‍යවස්ථාදායක සභාවේ වැරැදි තීන්දු ගන්නවා නම් මම ඒවට ප්‍රසිද්ධියේ විරෝධය පළකරනවා. ඒවා ඕන තැනක කතා කරන්නත් මම ලෑස්තියි. මම ලෑස්ති නෑ ජනතා විරෝධී තීන්දු තීරණවලට අත උස්සන්න. ඒ වගේම මෙහෙම තීන්දු තවදුරටත් ගන්නවා නම් මමත් මගේ නියෝජිතයත් ව්‍යවස්ථාදායක සභාවට තවදුරටත් සහභාගි වෙනවද කියලා තව සැරයක් හිතන්න ඕනෑ…’ යනුවෙන්ද සජිත් කියා සිටියේය.

කපිල පුංචිමාන්නගේ

Share357Tweet223SendShare89
Previous Post

මරදානේ අරගලයට පොලිසියයි මැරයොයි ගහපු ගැහිල්ලට එරෙහිව කතෝලික පියතුමන්ලා පාරට බහියි! VIDEO

Next Post

වසන්තටයි සිරිධම්ම හිමිටයි හදිසියේම නුගේගොඩ අධිකරණයෙන් තහනම් නියෝගයක්!

MORE NEWS

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ගැන හර්ෂ මහා හෙළිදරව්වක් කරයි! කෝටි ගණන් ගෙවලා පත්තරවල දැන්වීම් දානවා! සුපිරි මත්පැන් දීලා පාටි දාන්න කෝටි ගණන් වියදම් කරනවා! හැබැයි ජනතාවට සහනයක් වන සුවසැරියට ගෙවන්න රක්ෂණ සංස්ථාවට සල්ලි නෑ! එහෙම වෙන්නෙ කොහොමද? (VIDEO)
Exclusive

කෝප් එකේදි එළියට ආපු රක්ෂණ සංස්ථාවේ ‌බිලියන ගණන් ගැහිලි ගැන අපි කලින් එකක් හෙළිකළා! ඒ පාර අපි කිව්වේ ලොක්කන්ගේ පඩි රහසක් කියලා! මෙන්න දෙවැනි එක! මේ පාර කියන්නේ විදෙස් ශ්‍රමිකයන් රක්ෂණය කරද්දි හොර පාරෙන් ගහපු කෝටි ගාණක ගැහිල්ලක් ගැන! ලිපිගොනුත් නෑ! අහද්දි ලොක්කන්ට කටඋත්තරත් නෑ! ඊළඟ වංචාවත් හෙට අනිද්දම එළියට දානවා! VIDEO

March 21, 2023
මහ මොළකරු… ආරක්ෂක ලේකම්… පොලිස්පති… දේශබන්දු… දඩයම සහ ජවිපෙ! (VIDEO)
Exclusive

හම්බන්තොට වරාය විකුණපු වෙලාවෙත් රනිලුයි මලිකුයි මේ වගේම උජාරුවෙන් පෙන්නුවා! අදත් ඒ වගේම කොන්දේසිවලට යට වෙලා බදු බර වැඩි කරලා රාජ්‍ය ආයතන විකුණලා ණය අරන් උජාරුවෙන් කතා කරනවා! ලැජ්ජයි! IMF ගැන ජවිපෙ මතය! VIDEO

March 21, 2023
ස්ථාවර නියෝග 21යි 2  යටතේ මේ පාර්ලිමේන්තුව ඇතුළේ පිටස්තර කෙනෙකුට කතා කරන්න බෑ! වහාම කතානායකතුමා එයාව එළියට දාන්න! කව්ද අද පාර්ලිමේන්තුවට ආපු පිටස්තරයා? සභාව උණුසුම්! (VIDEO)
Exclusive

කවදාවත් IMF යන්නේ නෑ කියපු පොහොට්ටු අය අද වීරයෝ වෙලා! කෝටි ගාණක IMF ණයක් අරන් පුදුම චූන් විල්ලක් චූන් වෙලා! VIDEO

March 21, 2023
සල්ලි දුන්නත් පාර අතිදුෂ්කර බව මතක තියාගන්න! මේක රිදී උණ්ඩයක් නෙමෙයි! IMF ණයේ තියෙන හොඳ නරක දෙකම MOODY’S පෙන්වා දෙයි!
Exclusive

සල්ලි දුන්නත් පාර අතිදුෂ්කර බව මතක තියාගන්න! මේක රිදී උණ්ඩයක් නෙමෙයි! IMF ණයේ තියෙන හොඳ නරක දෙකම MOODY’S පෙන්වා දෙයි!

March 21, 2023
ළමයින්ගේ ප්‍රශ්න සජිත් පාර්ලිමේන්තුවට අරන් එයි! ආණ්ඩුවේ මන්දගාමී ප්‍රතිපත්තියට දැඩි ප්‍රහාරයක්! (VIDEO)
Exclusive

අද උදේම පාර්ලිමේන්තුව උණුසුම් වෙයි! ආණ්ඩුව ගෙනා ගැසට් එකට සජිත් ඡන්දයක් ඉල්ලයි! අණ්ඩුවත් සජිත්ගේ යෝජනාවට පක්ෂව අත උස්සයි! ආණ්ඩුවේ ගැසට් එක පරාද වෙයි! සජිත් නීති සිසුන්ට සාධාරණය ඉටු කරයි! VIDEO

March 21, 2023
ඡන්දෙට සල්ලි නෑ කියලා මම කිව්වේ නෑ! මුදල් අමාත්‍යංශ ලේකම් පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කමිටුවට අද දැනුම් දෙයි!
Exclusive

ඡන්දෙට සල්ලි නොදී මුදල් ලේකම් නඩු 2ක් දාගනී! එකක් සජබෙන්! අනෙක ජාජබෙන්! අද ෆයිල් කළා!

March 21, 2023
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ගැන හර්ෂ මහා හෙළිදරව්වක් කරයි! කෝටි ගණන් ගෙවලා පත්තරවල දැන්වීම් දානවා! සුපිරි මත්පැන් දීලා පාටි දාන්න කෝටි ගණන් වියදම් කරනවා! හැබැයි ජනතාවට සහනයක් වන සුවසැරියට ගෙවන්න රක්ෂණ සංස්ථාවට සල්ලි නෑ! එහෙම වෙන්නෙ කොහොමද? (VIDEO)
Exclusive

කෝප් එකේදි එළියට ආපු රක්ෂණ සංස්ථාවේ ‌බිලියන ගණන් ගැහිලි ගැන අපි කලින් එකක් හෙළිකළා! ඒ පාර අපි කිව්වේ ලොක්කන්ගේ පඩි රහසක් කියලා! මෙන්න දෙවැනි එක! මේ පාර කියන්නේ විදෙස් ශ්‍රමිකයන් රක්ෂණය කරද්දි හොර පාරෙන් ගහපු කෝටි ගාණක ගැහිල්ලක් ගැන! ලිපිගොනුත් නෑ! අහද්දි ලොක්කන්ට කටඋත්තරත් නෑ! ඊළඟ වංචාවත් හෙට අනිද්දම එළියට දානවා! VIDEO

March 21, 2023

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නිලධාරීන් පසුගිය දිනෙක කෝප් කමිටුව හමුවට කැදවා තිබුණු අතර එහිදී පසුගිය කාලයේදී සිදුව ඇතැයි කියන වංචා...

Read more
මහ මොළකරු… ආරක්ෂක ලේකම්… පොලිස්පති… දේශබන්දු… දඩයම සහ ජවිපෙ! (VIDEO)

හම්බන්තොට වරාය විකුණපු වෙලාවෙත් රනිලුයි මලිකුයි මේ වගේම උජාරුවෙන් පෙන්නුවා! අදත් ඒ වගේම කොන්දේසිවලට යට වෙලා බදු බර වැඩි කරලා රාජ්‍ය ආයතන විකුණලා ණය අරන් උජාරුවෙන් කතා කරනවා! ලැජ්ජයි! IMF ගැන ජවිපෙ මතය! VIDEO

March 21, 2023
ස්ථාවර නියෝග 21යි 2  යටතේ මේ පාර්ලිමේන්තුව ඇතුළේ පිටස්තර කෙනෙකුට කතා කරන්න බෑ! වහාම කතානායකතුමා එයාව එළියට දාන්න! කව්ද අද පාර්ලිමේන්තුවට ආපු පිටස්තරයා? සභාව උණුසුම්! (VIDEO)

කවදාවත් IMF යන්නේ නෑ කියපු පොහොට්ටු අය අද වීරයෝ වෙලා! කෝටි ගාණක IMF ණයක් අරන් පුදුම චූන් විල්ලක් චූන් වෙලා! VIDEO

March 21, 2023
සල්ලි දුන්නත් පාර අතිදුෂ්කර බව මතක තියාගන්න! මේක රිදී උණ්ඩයක් නෙමෙයි! IMF ණයේ තියෙන හොඳ නරක දෙකම MOODY’S පෙන්වා දෙයි!

සල්ලි දුන්නත් පාර අතිදුෂ්කර බව මතක තියාගන්න! මේක රිදී උණ්ඩයක් නෙමෙයි! IMF ණයේ තියෙන හොඳ නරක දෙකම MOODY’S පෙන්වා දෙයි!

March 21, 2023
ළමයින්ගේ ප්‍රශ්න සජිත් පාර්ලිමේන්තුවට අරන් එයි! ආණ්ඩුවේ මන්දගාමී ප්‍රතිපත්තියට දැඩි ප්‍රහාරයක්! (VIDEO)

අද උදේම පාර්ලිමේන්තුව උණුසුම් වෙයි! ආණ්ඩුව ගෙනා ගැසට් එකට සජිත් ඡන්දයක් ඉල්ලයි! අණ්ඩුවත් සජිත්ගේ යෝජනාවට පක්ෂව අත උස්සයි! ආණ්ඩුවේ ගැසට් එක පරාද වෙයි! සජිත් නීති සිසුන්ට සාධාරණය ඉටු කරයි! VIDEO

March 21, 2023

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

Go to mobile version