ශක්තිමත් ඍජු කොන්දක් ඇත්තේ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාටද, එසේත් නැත්නම් ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතාටද යන්න බලාගැනීමේ කදිම අවස්ථාවක් අද (11) දිනයේදී රටේ ජනතාවට හිමිව තිබේ.
ඒ අද දින පැවැත්වීම නියමිත ක්‍රිකට් විධායක සභාවේ රැස්වීමේදීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල ක්‍රිකට් ආයතනයේ තනතුරු දැරීම වළක්වාලමින් ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා තහනම් නියෝගයක් නිකුත් කළ අතර ඊට අනුව තිලංග සුමතිපාලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් ලෙස හෝ ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති ලෙස ක්‍රිකට් ආයතනයේ කිසියම් වූ රැස්විමක හෝ කමිටුවකට සහභාගි වීම, ඡන්දය ප්‍රකාශ කිරිම තහනම් කොට ඇත.
නමුත් ඊයේ (09) දිනයේදී තිලංග සුමතිපාල මහතා ප්‍රසිද්ධියේම කියා සිටියේ තමන් හිටපු සභාපතිවරයා ලෙස අනිවාර්යයෙන්ම මෙම විධායක සභා රැස්වීමට සහභාගි වන බවත්, එය වැළැක්වීමට අමාත්‍යවරයාට බලයක් නොමැති බවත්ය.
ඒ අනුව වඩා ශක්තිමත් කොන්දක් ඇත්තේ හරීන් ප්‍රනාන්දු මහතාටද, එසේත් නැත්නම් තිලංග සුමතිපාල මහතාටද යන්න දැක බලාගැනීමේ හැකියාවක් ජනතාවට අද දිනයේදී උදා වනු ඇත.