රජය විසින් ලබාදෙන සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස අනුගමනය නොකරන්නේ නම් එළැඹෙන අප්‍රේල් 07 වැනිදාට පෙර ශ්‍රී ලංකාවේ කොරෝනා අධි වසංගත තත්ත්වයක් ඇතිවිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අගවා ඇත.
ජනතාව වගකීම් විරහිතව හැසිරෙන්නේ නම් මෙම කාලසීමාවේ කොරෝනා රෝගීන් විශාල ලෙස වර්ධනය වනු ඇති බව එම සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා පෙන්වා දෙයි.
ජනතාව පවතින තත්වය තේරුම් ගෙන ඊට අනුගත නොවුණහොත් අප්‍රේල් 4 වැනිදා වනවිට කොරෝනා අධි වසංගත තත්ත්වයක් මෙරටට පැමිණීම වැළැක්වීමට නොහැකි වනු ඇතැයිද ඔහු සඳහන් කළේය.
යම් ලෙසකින් කොරෝනා රෝගීන් 2000ක් පමණ වූ විට මෙරට සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටී ඊට දරා ගැනීමට නොහැකි වන බවත්, ඉන් පසු සිදු වන්නේ රෝගීන් දෑස් ඉදිරිපිටම මියයන්නට දී බලාසිටීම පමණක් බවද ඔහු තව දුරටත් කියා සිටියේය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත් කළ නිවේදනයකද මේ බව සදහන්ය.


