එල්.ටී.ටී.ඊ.හිටපු නායකයෙකු වූ ත්යාගදීපන් තිලීපන් නැමත්තාගේ 33 වන ගුණ සැමරුම වෙනුවෙන් සැමරුමක් සිදු කිරීමට උත්සහ ගත් උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්රී එම්.කේ.සිවාජිලිංගම් මහතා අද (15) උදෑසන පොලිස් භාරයට ගෙන ඇත.
හිටපු මන්ත්රීවරයා යාපනය උරුම්පිරායි ප්රදේශයේදි තිලීපන් නැමත්තාගේ රුව ඇතුළත් බැනරයක් ඉදිරිපිටදී පහන් දැල්වීමට ගත් උත්සහයකදී එම ස්ථානයට ගිය කෝපායි පොලිස් නිලධාරීන් විසින් පොලිස් භාරයට ගෙන ඇත.
මේ පිළිබඳව කෝපායි පොලීසියෙන් සිදු කරන ලද විමසීමකදී කියා සිටියේ මන්ත්රීවරයා මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවටත් මහජන සාමය කඩවන අයුරින් ක්රියාකරන්නේ යැයි සැක පිට පොලිස් භාරයට ගෙන කෝපායි පොලිස් ස්ථානයට රැගෙනවිත් මහජන සාමය කඩවන අයුරින් ක්රියා නොකරන ලෙසට අවවාද කොට මුදා හැරීමට කටයුතු කරන බවත්ය.