සඳුදා සජබයයි ජාජබයයි එක්වෙයි!

සජිත් ප්‍රේමදාස මහතාගේ ‌නායකත්වයෙන්ම යුත් සමගි ජන බලවේගය සහ අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගය එක් සිද්ධියක් මුල්කරගෙන එක්ව කටයුතු කිරීමේ සිදුවීමක් සදුදා දිනයේදී දැකබලා ගැනීමට අවස්ථාව සැලසී තිබේ.

ඒ මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම මුල්කරගෙන නඩු පැවරීමේ අවස්ථාව මුල්කරගෙනය.

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් පළාත් පාලන මැතිවරණය මුල් කරගෙන ලබා දී තිබූ අධිකරණ තීන්දුව ක්‍රියාත්මක නොකිරීම සම්බන්දයෙන් මෙම නඩු පැවරීම සිදු වනු ඇති බව දැනගන්නට ඇත.

ඒ අනුව සදුදා දිනයේදී සජබය සහ ජාජබය වෙන වෙනම මහින්ද සිරිවර්ධන මහතාට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරනු ඇත.

Exit mobile version