සමගි ජන බලවේගය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හෙට ගාලු මුවදොරදී පැවැත්වීමට නියමිත 75 වැනි නිදහස් දින උළෙල වර්ජනය කිරීමට තීරණය කර තිබේ.
මෙම උත්සවයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කිසිවකු සහභාගි නොවන බව සජබ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
මෙම උත්සවය සඳහා අපට ආරාධනා ලැබී ඇති නමුත් අපේ පක්ෂයේ කිසිවකු ඊට සහභාගි නොවනු ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම වර්ජනයට හේතුව ලෙස දක්වා ඇත්තේ රට ආර්ථික අර්බුදයකට ලක්ව ඇති අවස්ථාවක නිදහස සැමරීම සඳහා මුදල් නාස්ති නොකළ යුතු බවට වන පක්ෂයේ මතවාදයයි.