පුරහල ප්රදේශයේ ඉදිකෙරමින් පවතින ඔඩෙල් ආයතනයට අයත් ගොඩනැගිල්ලේ ඉහළ සිට ඊයේ දිනයේදී බිමට යකඩ බටයක් පතිත වීමේ සිදුවීමක් වාර්තා විය.
මෙම සිදුවීමෙන් අසළ නවතා තිබූ රථයකට හානි සිදුවූ අතර එහි සිටි රියැදුරුගේ ජීවිතය බේරී තිබුණේ හාස්කමකට මෙන්ය.
නමුත් මෙවැනි අවදානම් සහගත ඉදිකිරීමක් සම්බන්ධයෙන් මේ වනවිට සමාජය තුළ ගැටලු ගණනාවක් මතුව තිබේ.
මෙවැනි ඉදිකිරීම් සදහා අනුමැතිය නාගරික සංවර්ධන අධිකාරිය විසින් ලබා දෙන අතර ඊට ආරක්ෂාව සම්බන්ධයෙන් බාර නිලධාරියකුද පත් කරනු ලබයි.
එම නිලධාරියා සිය රාජකාරිය නිසි අයුරින් ඉටු කළේද, මෙම සිදුවීම සම්බන්ධයෙන් සොයාබැලීමක් කළේද, මෙහිදී වගකීම් පැහැර හැර ඇත්තේ කව්රුන්ද යන්න පිළිබදව සොයා බැලීමක් සිදු කළේද යනාදී ගැටලු ගණනාවක් ඒ අනුව පැන නැගී තිබේ.
ඔඩෙල් ආයතනය සොෆ්ට්ලොජික් සමාගම සතු වන අතර එහි හිමිකරු වන අශෝක් පතිරගේ මහතා ශ්රී ලංකන් ගුවන් සමාගමේ සභාපතිවරයා ලෙසද කටයුතු කරනු ලබයි.