මෙම වසර අවසානයේදී ජනාධිපතිවරණයක් කැඳවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හැකි බවට ඇතැම් පිරිස් ප්‍රකාශ කළද, ඒ ආකාරයෙන් ජනාධිපතිවරණයක් කැඳවීමට වත්මන් ජනාධිපතිවරයාට නොහැකි බව මැතිවරණ කොමිසමේ හිටපු කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පෙන්වා දී තිබේ.
ඒ මහතා සඳහන් කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධුර කාලයේ ඉතිරිය සඳහා පත්ව ඇති බැවින් මෙම වසර අවසානයේදී ජනාධිපතිවරණයක් කැඳවීමට ඔහුට හැකියාව නොමැති බවකි.
ව්‍යවස්ථාවට අනුව රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණයක් කැඳවීමට හැකියාව ඇත්තේ ලබන වසර අවසානයේදී බවද මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කොට ඇත.
අවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපණයන් ලබාගත හැකි බවද දේශප්‍රිය මහතා පෙන්වා දී ඇත.