• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Tuesday, March 21, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

රනිල්ගෙන් කරුට සම්මානයක්! PHOTOS

February 3, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
රනිල්ගෙන් කරුට සම්මානයක්! PHOTOS
892
SHARES
2.8k
VIEWS
Share on FacebookShare on Twitter

හිටපු කථානායකවරයකු මෙන්ම කෘතහස්ත දේශපාලනඥයකු වන කරු ජයසූරිය මහතා “ශ්‍රී ලංකාභිමාන්‍ය”ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීමේ උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි.

කරු ජයසූරිය මහතා ජාතිය උදෙසා කරන ලද උත්කෘෂ්ඨ සේවය අගයමින් ඒ මහතා වෙත මෙම සම්මානය පිළිගැන්විණි.

කරු ජයසූරිය මහතා වෙත පදක්කම් පළඳවා සම්මානය පිළිගැන්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු විය.

එහිදී “කරු ජයසූරිය අභිමානනීය ජීවිත ගමනේ ප්‍රභාෂ්වර ප්‍රත්‍යාවලෝකනය” නම් සමරු ග්‍රන්ථය කරු ජයසූරිය මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

75 වන ජාතික නිදහස් සැමරුම නිමිත්තෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.

ජීවිත කාලය තුළ එක්වරක් පමණක් හිමි වන “ශ්‍රී ලංකාභිමාන්‍ය”ගෞරව සම්මානය ශ්‍රී ලංකා රජය විසින් ශ්‍රී ලාංකික පුරවැසියෙකුට හා ශ්‍රී ලාංකික නොවන පුද්ගලයෙකුට ලබා දෙන ඉහළම ජාතික සම්මානයයි.
මෙම ගෞරවාභිධානය සමකාලීනව දැරිය හැක්කේ ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙකුට පමණක් වන අතර එනම් එම සම්මානය ලබා සිටින පස් දෙනෙකු ජීවතුන් අතර සිටී නම් එම සම්මානය සයවෙන්නෙකුට ලබාදිය නොහැකිය. ඉහත සීමාව ඉක්මවා නොයන පරිදි පුද්ගලයෙකුගේ මරණයෙන් පසුව ද මෙම සම්මානය පිරිනැමීමට හැකියාව පවතියි.
අවසන් වරට 2017 වසරේ දී ශ්‍රී ලාංකේය සංගීත කලාව වෙනුවෙන් සිදුකරන ලද අනභිබවනීය මෙහෙවර උදෙසා ඩබ්.ඩී. අමරදේව ශූරීන් ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානයෙන් පිදුම් ලැබූ අතර හිටපු ජනාධිපතිවරුන් වන රණසිංහ ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග යන මහත්වරුන් ද, ආතර් සී. ක්ලාක්, ලක්ෂ්මන් කදිරගාමර්, ඒ.ටී. ආරියරත්න, ලෙස්ටර් ජේම්ස් පීරිස්, ක්‍රිස්ටෝපර් වීරමන්ත්‍රි යන මහත්වරුන් ද “ශ්‍රී ලංකාභිමාන්‍ය” සම්මානයෙන් පිදුම් ලැබ ඇත.
සම්මාන පිළිගැන්විමෙන් අනතුරුව උත්සව සභාව ඇමතූ කරු ජයසූරිය මහතා කියා සිටියේ මෙම අවස්ථාවේ සිදු කළ යුතුව ඇත්තේ ජාතිවාදී අරගල කිරීම නොව ජාතික සමඟිය ඇති කිරීමට කටයුතු කිරීම බවයි.
වසර 75 ක් තුළ සිදුව ඇති අඩු පාඩු සකස් කර ගනිමින් ඊළඟ පරපුරට අභිමානවත් රටක් බාර දීමට එක් වන ලෙස ද ඒ මහතා පක්ෂ විපක්ෂ සියලු දෙනා ගෙන් ඉල්ලා සිටියේය.
තම දේශපාලන ජීවිතය තුළ කිසිදු අවස්ථාවක කිසිවෙකුට පරිභව හෝ විවේචනය නොකළ බව සිහිපත් කළ කරු ජයසුරිය මහතා කිසිදු නීති විරෝධී කටයුත්තක් නොකළ බවද පැවසීය.

නව දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමට ගත් උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස මාදුළුවාවේ සෝභිත හිමි යෝජනා කළ යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් තම දේශපාලන දිවිය කැප කළ බවත් මෙම ශ්‍රී ලංකාභිමාන්‍ය ජාතික සම්මානය තමන් අනුගමනය කළ ප්‍රතිපත්තිවලට ලබා දුන් ගෞරවයක් බවත් ඔහු පැවසීය.
තමන් දේශපාලනයට අවතීර්ණ වූයේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත් වූ පසු කරන ලද ආරාධනයට අනුව බව සිහිපත් කළ කරු ජයසූරිය මහතා එහිදී මහජනතාව සමඟ සමීපව කටයුතු කිරීමට ලැබීම පිළිබඳව සතුටට පත් වන බවද සඳහන් කළේය.
නගරාධිපති ලෙස කොළඹ නගරසභාව තුළ නව සංස්කෘතියක් ඇති කිරීමට හැකි වූ බවත් එහි සාර්ථකත්වය අන්තර්ජාතිකව පවා පිළිගත් බවත් කරු ජයසූරිය මහතා පැවසීය.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කතානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග, හිටපු කතානායක චමල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉරාන් වික්‍රමරත්න, වජිර අබේවර්ධන, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරු සහ පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන්, කරු ජයසූරිය මහතා ගේ පවුලේ සාමාජිකයින් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

Share357Tweet223SendShare89
Previous Post

නායක හාමුදුරුවෝ ආණ්ඩුවට දිගට හරහට පහර දුන්නා! පැය 24ක් ඇතුළත මිහින්තලේ පන්සලෙන් පොලිසියයි හමුදාවයි අයින් කරලා! නම් ගම් හෙළිකරමින් ධම්මරතන හිමියන්ගෙන් යළිත් ආණ්ඩුවට දැඩි ප්‍රහාරයක්! VIDEO

Next Post

රාජද්‍රෝහී-දේශද්‍රෝහී ක්‍රියාවක්! මැර ප්‍රහාරයක්! වහාම ආරක්ෂාව තහවුර කරන්න! පැය 24න් මිහින්තලා පුදබිමේ හමුදා-පොලිස් ආරක්ෂාව ඉවත් කිරීමට එරෙහිව විපක්ෂනායකගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO

MORE NEWS

අපි ඡන්දෙට කිසිම බලපෑමක් කරන්නේ නෑ! ඡන්දෙ කල් දාන්න කියලා කිසිම නිර්දේශයක් නිකුත් කරලත් නෑ! මූල්‍ය අරමුදලෙන් විශේෂ ප්‍රකාශයක්!
Exclusive

අපි ඡන්දෙට කිසිම බලපෑමක් කරන්නේ නෑ! ඡන්දෙ කල් දාන්න කියලා කිසිම නිර්දේශයක් නිකුත් කරලත් නෑ! මූල්‍ය අරමුදලෙන් විශේෂ ප්‍රකාශයක්!

March 21, 2023
කලින් දැනුම්දීලා තියෙද්දිත් මයිනා ගෝ ගම ගෝඨා ගෝ ගම ප්‍රහාර ඇයි පොලිසියට නවත්තන්න බැරිවුණේ…
Exclusive

දේශබන්දුව පොලිස්පති කරන්න! එයාට නඩු වැටුණේ ආණ්ඩුව ආරක්ෂා කරන්න ගිහින්! සී.ඩී. වික්‍රමරත්නට එක දවසක්වත් සේවා දිගුවක් දෙන්න එපා! පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් රනිල්ගෙන් ඉල්ලයි!

March 21, 2023
හදිස්සියට ඉල්ලන සල්ලි දෙන්නත් ණය පියවන හැටි පෙන්වන්න! ස්ථාවරත්වය පෙන්වන්න! IMF ලංකාවේ නියෝජිතයා පැහැදිලිවම කියයි!
Exclusive

තවම හොඳ හරිය පටන් ගත්තේ නෑ! ටිකක් බලන් ඉන්නකෝ! IMF එකත් එක්ක එන ‘මරු වැල්’ මෙන්න! VIDEO

March 21, 2023
අන්තිම මොහොතේ මාතරට දාපු හිච්චි රාජපක්ෂ පැටියා! විමල් වේදිකාවේදී නම කියලා දායි! (VIDEO)
Exclusive

පළාත් පාලන ඡන්දෙ ඉස්සුවා! JR ඡන්ද පෙට්ටි ඉස්සුවා! රනිල් ඡන්දෙ පිටින්ම ඉස්සුවා! ඒක අපි උසාවියේදී බලාගමු! JVP එක අද බලන්නේ රුපියල ගැන නෙමෙයි ඩොලරය ගැන! JVP එකට අද චරිත සහතික දෙන්නේ ජූලියා නෝනා! VIDEO

March 21, 2023
කව්රුත් ආදරය කරන නිළිය සුසන්තා චන්ද්‍රමාලිගේ ගෙදරට සජිත් ‌බෙහෙත් අරන් ගිය කතාවේ කවුරුත් නොදත් රහස් කතාව එළියට එයි!  VIDEO
Exclusive

කව්රුත් ආදරය කරන නිළිය සුසන්තා චන්ද්‍රමාලිගේ ගෙදරට සජිත් ‌බෙහෙත් අරන් ගිය කතාවේ කවුරුත් නොදත් රහස් කතාව එළියට එයි! VIDEO

March 21, 2023
අතරමං වෙලා හිටපු කතරගම අසරණ දරුවන්ට IT උගන්වලා කතරගම ලංකාවේ හොඳම IT නගරය කරන්න යන කෝටිපති ධම්මික පෙරේරා! දරුවන් 1000ක් ඉගෙන ගන්න පරිගණක 48ක සුපිරි පරිගණක විද්‍යාගාරයක්! VIDEO
Exclusive

අතරමං වෙලා හිටපු කතරගම අසරණ දරුවන්ට IT උගන්වලා කතරගම ලංකාවේ හොඳම IT නගරය කරන්න යන කෝටිපති ධම්මික පෙරේරා! දරුවන් 1000ක් ඉගෙන ගන්න පරිගණක 48ක සුපිරි පරිගණක විද්‍යාගාරයක්! VIDEO

March 21, 2023
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
අපි ඡන්දෙට කිසිම බලපෑමක් කරන්නේ නෑ! ඡන්දෙ කල් දාන්න කියලා කිසිම නිර්දේශයක් නිකුත් කරලත් නෑ! මූල්‍ය අරමුදලෙන් විශේෂ ප්‍රකාශයක්!
Exclusive

අපි ඡන්දෙට කිසිම බලපෑමක් කරන්නේ නෑ! ඡන්දෙ කල් දාන්න කියලා කිසිම නිර්දේශයක් නිකුත් කරලත් නෑ! මූල්‍ය අරමුදලෙන් විශේෂ ප්‍රකාශයක්!

March 21, 2023

ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රියාවලියට කිසිදු බලපෑමක් සිදු නොකරන බවත්, පළාත් පාලන මැතිවරණය කල් දැමීමට කිසිදු නිර්දේශයක් නිකුත් කර නොමැති බවත්,ජාත්‍යන්තර...

Read more
කලින් දැනුම්දීලා තියෙද්දිත් මයිනා ගෝ ගම ගෝඨා ගෝ ගම ප්‍රහාර ඇයි පොලිසියට නවත්තන්න බැරිවුණේ…

දේශබන්දුව පොලිස්පති කරන්න! එයාට නඩු වැටුණේ ආණ්ඩුව ආරක්ෂා කරන්න ගිහින්! සී.ඩී. වික්‍රමරත්නට එක දවසක්වත් සේවා දිගුවක් දෙන්න එපා! පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් රනිල්ගෙන් ඉල්ලයි!

March 21, 2023
හදිස්සියට ඉල්ලන සල්ලි දෙන්නත් ණය පියවන හැටි පෙන්වන්න! ස්ථාවරත්වය පෙන්වන්න! IMF ලංකාවේ නියෝජිතයා පැහැදිලිවම කියයි!

තවම හොඳ හරිය පටන් ගත්තේ නෑ! ටිකක් බලන් ඉන්නකෝ! IMF එකත් එක්ක එන ‘මරු වැල්’ මෙන්න! VIDEO

March 21, 2023
අන්තිම මොහොතේ මාතරට දාපු හිච්චි රාජපක්ෂ පැටියා! විමල් වේදිකාවේදී නම කියලා දායි! (VIDEO)

පළාත් පාලන ඡන්දෙ ඉස්සුවා! JR ඡන්ද පෙට්ටි ඉස්සුවා! රනිල් ඡන්දෙ පිටින්ම ඉස්සුවා! ඒක අපි උසාවියේදී බලාගමු! JVP එක අද බලන්නේ රුපියල ගැන නෙමෙයි ඩොලරය ගැන! JVP එකට අද චරිත සහතික දෙන්නේ ජූලියා නෝනා! VIDEO

March 21, 2023
කව්රුත් ආදරය කරන නිළිය සුසන්තා චන්ද්‍රමාලිගේ ගෙදරට සජිත් ‌බෙහෙත් අරන් ගිය කතාවේ කවුරුත් නොදත් රහස් කතාව එළියට එයි!  VIDEO

කව්රුත් ආදරය කරන නිළිය සුසන්තා චන්ද්‍රමාලිගේ ගෙදරට සජිත් ‌බෙහෙත් අරන් ගිය කතාවේ කවුරුත් නොදත් රහස් කතාව එළියට එයි! VIDEO

March 21, 2023

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

Go to mobile version