රටින් පැනලා හිටපු කාලෙදි ගෝඨාව ආරක්ෂා කළ බ්‍රිගේඩියර් මහින්දව මේජර් ජෙනරාල් ලෙස උසස් කරයි!

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්‍ෂක අංශ ප්‍රධානී, යුද හමුදා විශේෂ බළකායේ නිලධාරි රණසිංහ මුදියන්සේලාගේ මහින්ද රණසිංහ මහතා පසුගියදා බ්‍රිගේඩියර් නිලයේ සිට මේජර් ජෙනරාල් දක්වා උසස් කර ඇත.

විරෝධතාකරුවන් විසින් ජනාධිපති මන්දිරයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා නෙරපා හැරීමෙන් පසු ජූලි 12 වන දින සිට මාලදිවයිනේ සහ සිංගප්පූරුවේ ගත කළ කාලය ඇතුළත රාජපක්ෂ යුවලට ආරක්ෂාව සැපයූවේ මහින්ද රණසිංහ මහතාය.

Exit mobile version