රජකම් කළත් කළ කම් පලදෙනවා! ජනාධිපතිකමේ ඉන්නකොට පිස්සු කෙළපු ඩොනල්ඩ් ට්‍රම්ප් අඟහරුවාදා අත්අඩංගුවට ගන්නවා!

හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ අසැබි චරිත රගපෑ නිළියකට මුදල් ගෙවා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තමන් අඟහරුවාදා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවකි.

ට්‍රම්ප් මහතා ඔහුගේ සමාජ ජාලයේ සටහනක් තබමින් එවැනි පියවරකට විරෝධය පළ කරන ලෙස සිය ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටියේය.

ට්‍රම්ප් මහතාගේ නීතීඥයෙකු පැවසුවේ ලබන සතියේ ඔහුට අධිචෝදනා ගොනු කළ හැකි බවට මාධ්‍ය වාර්තා කොට ඇති බවකි.

ට්‍රම්ප් මහතාට අධිචෝදනා ගොනු කළහොත් එය හිටපු අමෙරිකානු ජනාධිපතිවරයකුට එරෙහිව පනවා ඇති පළමු අපරාධ නඩුව වනු ඇත.

Exit mobile version