රජය ලබාදෙන සහන පිළිබඳව සමාජ මාධ්‍ය ජාලාවන්හි අසත්‍ය ප්‍රචාර නොකරන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා විශේෂ ඉල්ලීමක් කළේය.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අගමැතිවරයා මෙම ඉල්ලීම කළේය.
එහි මෙසේද සදහන්ය.
කොවිඩ් 19 වෛරසය පැතිරීම පාලනය කරන අතරේ ජනතාවට අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සැපයීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාවද්‍ය තොරතුරු සමාජ ගත කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට අවධානය යොමු කෙරේ.
වගකිවයුතු රජයක් ලෙස ජනතාවගේ යහපත වෙනුවෙන් ගෙන ඇති ඇතැම් තීන්දු පිළිබඳව සාවද්‍ය තොරතුරු සමාජ ජාල ඔස්සේ ප්‍රචාරණය වීම හේතුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම තීරණයට එළැඹ ඇත.
අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ ඇතුළත් සහන ජනතාවට ලබාදීම ඇතුළුව අග්‍රාමාත්‍යවරයා ගෙන ඇති තීන්දු හිතාමතාම අසත්‍ය ලෙස සමාජගත කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව පෙනී යයි.
මූල්‍ය ශක්තිය ඇති නැති සියලු දෙනා කොරෝනා ව්‍යසනයෙන් කායික මෙන් ම මානසික පීඩාවට පත්ව සිටින මෙවැනි අවස්ථාවක දේශපාලන අවශ්‍යතා ඉස්මතු කරමින් පහත් ආකාරයෙන් මෙවැනි අසත්‍ය තොරතුරු සමාජගත කිරීම හෙළා දකින බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.
මෙලෙස සාවද්‍ය තොරතුරු සමාජගත කිරීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයාගේ නීතිඥයින් කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමටද අද(2020.03.25)පියවර ගෙන තිබේ.
පක්ෂ පාට භේදයකින් තොරව සමස්ත රටවැසියාම අනතුරට මුහුණ පා ඇති මෙවන් අවස්ථාවක සාවද්‍ය තොරතුරු සමාජගත කරමින් රජයේ උත්සාහය හෑල්ලුවට ලක් කරනවා වෙනුවට රජයේ මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සහාය ලබා දෙන්නයි රජය සියලු සමාජ මාධ්‍යවලින් ඉල්ලා සිටී.
විජයානන්ද හේරත්
අග්‍රමාත්‍ය මාධ්‍ය ලේකම්
අග්‍රමාත්‍ය මාධ්‍ය අංශය