විදුලිය විසන්ධි කර තිබූ අවස්ථාවේ ලාම්පු එළියෙන් පාඩම් කරමින් සිටි සිසුවියක් ලාම්පුව පෙරළී හට ගත් ගින්නෙන් පිළිස්සී මියගොස් ඇති බව වාර්තා වේ.
මෙම සිදුවීම ඊයේ යාපනය මනිපායි පොලිස් වසමේ සන්ගිලිපායි ප්රදේශයේ සිදුව ඇත.
මෙසේ මියගොස් ඇත්තේ 16 හැවිරිදි සුදර්ශනී සදුර්ශිකා නැමැති සිසුවියකි.
පියා නිවස ඇතුළේ තබා තිබූ ඉන්ධන බූලියකට ගිනි ඇවිලීමෙන් මෙම සිදුවීම සිදුව ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය ළුී ඇත.