මතකද මැතිවරණයේ නාමයෝජනා බාරගන්න එපා කියලා ලියුම් ගහපු රාජ්‍ය පරිපාලන ලේකම් නීල් හපුහින්න! අන්න එතුමට ජනාධිපති ලේකම් කාර්යාලයට මාරුවක් දීලා!

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් නීල් හපුහින්න හදිසියේ ස්ථාන මාරු කර ඇති බව වාර්තා වනවා.

එලෙස ඔහු ජනාධිපති කාර්යාලය වෙත ස්ථාන මාරු කර ඇති බවයි වාර්තා වුණේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්ධූරයේ වැඩ බැලීම සඳහා එම අමාත්‍යංශයේම අතිරේක ලේකම් කේ ඩී එන් රංජිත් අශෝක පත් කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ. -නෙත්

Exit mobile version