ඇතිව තිබෙන සුළු අසනීප තත්ත්වයක් හේතුවෙන් අති උතුම් ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප්වහන්සේ අද (25) දිනයේදී රෝමයේ පැවැත්වීමට සුදානම් කර තිබු දේව මෙහෙයට සහභාගී නොවූ බව වාර්තා වේ.
නව කොරෝනා වෛරසයෙන් පිඩා විදින ජනතාවට සහයෝගය පළ කරන බවට උන්වහන්සේ ඉකුත්දා බැසිලිකාවේ සාන්ත පීතර චතුරශ්‍රයට රැස්ව සිටි ජනතාවට ප්‍රකාශ කර සිටි අතර ඉන් නොනැවතී ජනතාව අතරට යමින් ඔවුන්ට ආශිර්වාද කරමින් හිස සිප ගනු ලැබූ බවයි වාර්තා වේ.
එම දිනයට පසුදින ශුද්ධෝත්තම පියතුමන් අළු බදාදා දින දේව මෙහෙයට සහභාගී වූ අතර එහිදී උන්වහන්සේ යම් අසනීප තත්ත්වයකින් පෙලෙන අයුරු පෙන්නුම් කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේය.
මේ වන විට ඉතාලිය ඇතුළු යුරෝපයේ රටවල් ගණනාවක නව කොරෝනා ආසාධිත රෝගීන් හමුවී තිබෙන අතර ශුද්ධෝත්තම පියතුමන් කිසිදු ආරක්ෂිත ආවරණයක් නොපැළද ජනතාව අතරට ගොස් ඔවුන් සමග සිටීමෙන් අනතුරුව රෝග ලක්ෂණ පෙන්නුම් කිරිම සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය අවධානය යොමු කර තිබේ.
මේ අතර ශුද්ධෝත්තම පියතුමන් සිය දෛනික කටයුතු සිදුකරමින් සිටින බවත්, වතිකානු දේව මන්දිරයෙන් පිටත සංචාරය කිරිමට බලාපොරොත්තුවක් නොමැති බවත් උන්වහන්සේගේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේය.
කෙසේ වුවත් උන්වහන්සේගේ අසනීප තත්ත්වය ගැන මේ දක්වා කිසිදු නිල ප්‍රකාශයක් වතිකානුව විසින් සිදුකර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.