ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය සම්පූර්ණයෙන්ම කඩා වැටීමේ අනතුරක් අත ළඟයි! සජිත් නැගෙනහිර ‌කොළඹදී තවත් හෙළිදරව්වක් කරයි! VIDEO & PHOTOS

මැතිවරණය වෙනුවෙන් පාර්ලිමේන්තුව වෙන් කළ මුදල් ඒ ආකාරයෙන්ම ලබා දිය යුතුයි කියන අන්තර්වාර නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන්නත් මේ රජය ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් අපහසුතාවට පත් කරන්න කටයුතු කරන බවත් අපක්ෂපාතී අධිකරණයට, ස්වාධීන මැතිවරණ කොමිසමට බලපෑම් කරමින් රජය නියෝජනය කර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙනෙකු විසින් අධිකරණ තීන්දුව හරහා ඔවුන්ගේ වරප්‍රසාද කඩවූ බවට පවසමින් ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රමයට බාධා එල්ල කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ප්‍රජාතන්ත්‍රවාදී රටක ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය සුරකින්න විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය ක්‍රියාත්මක වුවත් මේ වන විට වාර්තා වන ආකාරයට පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ලිඛිතව දැනුම් දී ඇත්තේ අදාළ අන්තර්වාර නියෝගය පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට ලබා දෙන ලෙස බවත් විපක්ෂ නායකවරයා පැවසීය. වරප්‍රසාද කමිටුව ශ්‍රේෂ්ඨාධිකරණ අන්තර්වාර නියෝගය ඉල්ලීමෙන් අධිකරණයට සෘජු දැවැන්ත බලපෑමක් කරන බවත් එය අධිකරණය විසින් ලබා දුන් අන්තර්වාර නියෝගය හෑල්ලුවට ලක් කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

ව්‍යවස්ථාදායකය තුළ විධායකයේ බලපෑම මත පාර්ලිමේන්තුවේ මෙසේ අධිකරණයට ඇගිලි ගසනවා නම් එය තුළින් රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහය සම්පූර්ණයෙන් කඩා වැටීමක් සිදුවන බවත් එය මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහයේ වලංගු භාවයට බරපතළ බලපෑමක් සිදු කරන බවත් එය තුළින් අප රට ප්‍රජාතන්ත්‍රවාදී රටක් නොව ඒකාධිපති විධායකයකට යටත් වූ රටක් බවට පත්වන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියේ නැගෙනහිර කොළඹ ප්‍රදේශයේ පැවති සමගි ජන බලවේගයේ පොකුරු රැස්වීමකට සම්බන්ධ වෙමිනි.

Exit mobile version