නිදහසට කොම්පඤ්ඤවීදිය-කොල්ලුපිටිය ස්ටේෂන්වලටත් නිදහස!

කොම්පඤ්ඤවීදිය සහ කොල්ලුපිටිය දුම්රිය ස්ථානවල අද (3) මාධ්‍යම රාත්‍රීයේ සිට හෙට (4) පෙරවරු 11.00 දක්වා දුම්රිය නොනවත්වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ කොළඹ ගාලුමුවදොරදී හෙට දිනයේ පැවැත්වෙන නිදහස් දින උත්සවය වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.

වෙරළබඩ මාර්ගයේ දුම්රියෙන් ගමන් කරන ජනතාව ඒ පිළිබඳව අවබෝදයෙන් හෙට දිනයේ කටයුතු කළ යුතු බව ද එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.  

Exit mobile version