• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Thursday, June 1, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

නරේන්ද්‍රසිංහ රජුගේ සඳගල සොරකම් කරන් ගිය ලොරියේ ඩ්‍රයිවර්වයි ‌ගෝලයාවයි අල්ලලා! ඒත් තවම සඳගල නෑ! පැය 24ක් තිබිලා තියෙන්නේ මහනුවර කෝටිපතියකුගේ ගෙදරක! හොරකම් කරද්දි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුත් ඉඳලා! ආරක්ෂාව දුන් ඩිෆෙන්ඩරය කාන්තාවකට අයිති එකක්! ඔක්කොම හොයාගෙන! හැබැයි තවම කවුරුවත් අල්ලලා නෑ!

January 9, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ මාලිගාවේ තිබූ කිලෝ 1000ක් බර ‘සඳගල’ ‌ඉස්සූ හොරු අහුවෙයි! ලොරියක පටවගෙන යද්දී ඩිෆෙන්ඩරයකින් ආරක්ෂාව දීලා! මහනුවර දේශපාලකයෙකුගේ ඡන්ද වැඩවලටත් මේ ඩිෆෙන්ඩරය පාවිච්චි කරලා!
892
SHARES
2.8k
VIEWS
Share on FacebookShare on Twitter

කුණ්ඩසාලේ උඩමළුව පුරාවිද්‍යා රක්ෂිතයේ සඳගල නමින් ප්‍රකට කිලෝ දහසකට අධික බරකින් යුත් ස්මාරකය සොරා ගැනීමට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනකු කෑගල්ල මොරගොඩදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

සඳගල සොරාගෙන යෑමට යොදා ගත් කැන්ටර් වර්ගයේ රථයේ රියැදුරු සහ රිය සහායක ලෙස කටයුතු කළ දෙදෙනා මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

එක් සැකකරුවෙක් දිවුලපිටියේ පදිංචිකරුවෙක් වන අතර, අනෙක් සැකකරු මහනුවර හිරැස්සල පදිංචිකරුවෙකි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙතෙක් කර ඇති විමර්ශනවලින් හෙළි වී ඇත්තේ මේ සොරකම සිදු වූ පසුගිය දෙසැම්බර් මස 14 වැනිදා යතුරුපැදි දෙකකින් ද, කැන්ටර් වර්ගයේ රථයකින් ද, බූම් ට්‍රක් රථයකින් ද, ඩිෆෙන්ඩරයකින් ද පිරිසක් කුණ්ඩසාලේ උඩමළුව පුරාවිද්‍යා රක්ෂිතයට ගොස් ඇති බවයි. මේ පිරිස අතර දේශපාලන සම්බන්ධකම් ඇති කිහිප දෙනෙක් ද සිට ඇති අතර, ඒ එක් අයෙක් ප්‍රාදේශීය සභාවක මන්ත්‍රීවරයෙක් බවට තොරතුරු ලැබී තිබේ. ඒ හැරුණු කොට මහනුවරම දන්නා කියන පුද්ගලයන් ද මේ සොරකම පිටුපස සිටින බවට තොරතුරු හෙළි වී ඇති බව පොලිස් තොරතුරු අනාවරණය කළේය. එහෙත් එම කණ්ඩායමට මෙතෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කිසිදු බලපෑමක් කිරීමට හැකියාව ලැබී නැත. පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා විසින් මේ සොරකම සම්බන්ධයෙන් වූ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීමට මුල් වී ඇත්තේ ද මේ සොරකම ගැන මහනුවරින් කළ විමර්ශන සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවීම හේතුවෙනි.

මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කර ඇති විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ බූම් ට්‍රක් රථයේ පටවා ගත් සඳගල පල්ලෙකැලේ පොලිස් වසමේ පිහිටි කෝටිපති ව්‍යාපාරිකයකුගේ ගරාජයක පැය 24කට වැඩි කාලයක් තිබී ඇති බවයි. ඒ කාලයේ එම ව්‍යාපාරිකයාට විවිධ පුද්ගලයන්ගෙන් ලැබී ඇති දුරකතන ඇමතුම් ගැන මෙන්ම එම නිවෙසට ආගිය අය ගැන පවා විශේෂ අවධානයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොමු කර තිබේ. සොරා ගත් සඳගල මේ වන විට සඟවා ඇත්තේ කොහේදැයි නිශ්චිත තොරතුරක් මෙතෙක් ලැබී නැති අතර, බොහෝ විට එය කොළඹට රැගෙන ගොස් ඇති බවට සැක කරන තොරතුරු රැසක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති තොරතුරුවලින් හෙළි වී ඇත. මේ සොරකමට යොදා ගත් බූම් ට්‍රක් රථය මහනුවර අරුප්පල ප්‍රදේශයේ සඟවා ඇති බවට ලැබී ඇති තොරතුරකට අනුව එම රථය සොයා ඊයේ මෙහෙයුමක් ද ආරම්භ කර තිබුණි. දුරකතන ජාල විශ්ලේෂණයේදී මේ සොරකමට සම්බන්ධ වී ඇති පුද්ගලයන් රැසකගේ තොරතුරු ලැබී ඇති අතර, ඒ අය සම්බන්ධයෙන් පෙර හා පසු හැසිරීම් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධ්‍යයනය කරමින් සිටින බව පොලිස් තොරතුරු අනාවරණය කළේය. සඳගල පැය 24ක් සඟවා තිබී ඇත්තේ ද මේ සොරකමට ඩිෆෙන්ඩරයක නැඟී පැමිණි ව්‍යාපරිකයාගේ නිවෙසේ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති තොරතුරුවල සඳහන්ය. එම ඩිෆෙන්ඩරය ලියාපදිංචි කර ඇත්තේ කාන්තාවකගේ නමට බව ද සඳහන්ය. එම ඩිෆෙන්ඩරය මහනුවර තවමත් තිබෙන බව ද පොලිස් අභ්‍යන්තර තොරතුරු සඳහන් කළේය.

මේ ඩිෆෙන්ඩර්කරු සඳගල රැගෙන යන බූම් ට්‍රක් රථයට ආරක්ෂාව සපයමින් ගමන් කරන ආකාරය ආරක්ෂක කැමරා කිහිපයකම සටහන්ව තිබෙන බව ද විමර්ශනවලින් පෙනී ගොස් තිබේ. සඳගල නමැති පුරාවිද්‍යා ස්මාරකය සොරා ගැනීම සිදුව ඇත්තේ සංවිධානාත්මකව බව මෙතෙක් කර ඇති විමර්ශනවලින් පෙනී ගොස් තිබේ. සඳගල ඇතුළේ ඇතැයි සැලකෙන මුතු මැණික් ගැනීමේ අරමුණින් මේ සොරකම සිදු කර ඇති බවට විශ්වාස කෙරේ.

මහා රෑ පැමිණ සොරා ගත් මේ පුරාවිද්‍යා ස්මාකරය තිබුණු භූමිය ක්‍රිස්තු වර්ෂ 1707 සිට 1739 දක්වා මහනුවර කුණ්ඩසාලේ රාජධානිය කොටගෙන වසර 32ක් පමණ රජ කළ අවසන් සිංහල රජු වන ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ මාලිගය පිහිටියේ යැයි පැවසෙන ප්‍රදේශයකි. කුණ්ඩසාලේ උඩමළුව පුරාවිද්‍යා රක්ෂිතයේ තිබූ මේ සඳගල අඩි හතරක් පමණ දිගින් සහ අඩි තුනක පමණ උසකින් යුක්තය.

Share357Tweet223SendShare89
Previous Post

තවම පරීක්ෂණ ඉවරත් නෑ! වාර්තා ලැබිලත් නෑ! ෂාෆ්ටර් මැරෙන හැටි ප්‍රැක්ටිස් කරන්න කනත්තට ගිහිල්ලත් නෑ! සියදිවි නසා ගැනීමක් කියලා අපි උසාවියට කිව්වෙත් නෑ! පොලිසියෙන් විශේෂ ප්‍රකාශයක්! එතකොට ෂාෆ්ටර් මරණය සිය සිවි නසාගැනීමක් කියලා වහන්න හදන ප්‍රබලයෝ කව්ද? පත්තරවල නිව්ස් ගහන්නේ කොහොමද?

Next Post

යාපනයේ ඇවිදිනකොට විජේවීර – වික්ටර් – කුණ්ඩුමනී – ප්‍රේමකීර්ති – පොන්නාලෙයි වරදරාජ – ෆෙඩී සිල්වා මතක් වෙන තැන්…

MORE NEWS

පාර්ලිමේන්තුව ඇතුළේ ආණ්ඩුව ‌බේරගන්න රනිල් කැඳවූ සාකච්ඡාවේදී පොහොට්ටු මහලේකම් බාල්දියක් පෙරළයි! ලන්සා උත්තර දෙයි! BREAKING NEWS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රසේනත් ඇමැතිකම් ඕන කිව්වා! විමලවීරත් ඇමැතිකම් ඕන කිව්වා! ‘ඒ අයගේ ඇමැතිකම් ඉල්ලීම අසාධාරණ නෑ!’ පොහොට්ටු මහලේකම් සාගරත් දැන් ඒකම කියනවා! VIDEO I Sri Lanka Latest News

June 1, 2023
එදා වඳ ඇඳුම්-වඳ කොත්තු-වඳ දොස්තරලා ආවා! දැන් අලුත්ම එක නතාෂා! මේවා රැඩිකල් නෙමෙයි! ඒ වුණත් පරණ ජාතිවාදය අවුස්සන සෙට් එක ආයෙමත් එළියට ඇවිත් වැඩ පටන් අරන්! ජාතිවාදය නිසා මේ රට ගෙවපු වන්දිය හොඳටෝම ඇති! තවත් එපා! VIDEO I Sri Lanka Latest News

බස්නාහිර සංවර්ධනයට රනිල් 2004 අරන් ආ සිංගප්පූරුවේ ‘සුබානා ජුරොං’ සැලැස්ම අවුරුදු 19කට පස්සේ 2023දි ආයෙමත් අරන් එයි! අලුත් ආයතනයක් පිහිටුවයි!
Exclusive

ටෙලිකොම්-නෙළුම් කුළුණ-ත්‍රිපෝෂ සමාගම-ලුණු සමාගම-සිමෙන්ති සංස්ථාව-ඉංජිනේරු සංස්ථාව-BCC සමාගම ඇතුලු ආයතන රැසක් හදිසියේම රනිල් යටතට! I Sri Lanka Latest News

June 1, 2023
ගෝඨාගේ ඉතිහාසගත තවත් වැරැද්දක ප්‍රතිපල එළියට එයි! වසර 23කට පසු අඩුම තේ අපනයනය මේ කාර්තුවේ!
Exclusive

තේ කර්මාන්තයම දැවැන්ත අර්බූදයකට යන්නයි යන්නේ! මිල විශාල ලෙස කඩන් වැටෙයි! ඉල්ලුම විශාල වශයෙන් බහින්න ගනී! මේ විදිහට කළොත් යන්තම් හරි අර්බූදයෙන් ගොඩඑන්න පුලුවන්! VIDEO I Sri Lanka Latest News

June 1, 2023
IMF එකෙන් දෙන පළමු වාරිකයෙන් මොනවද කරන්න පුලුවන්? මොනවද කරන්න බැරි? මෙතැන් සිට එන අභියෝගය මොකද්ද? ඇත්ත දැනගන්න! VIDEO
Exclusive

රාජ්‍ය පාලනය අන්තිමයි! IMF එක රටක පාලන නීති දැමූ එකම රට ලංකාවයි! නතාෂාට නඩු දාන්න! ඒක ප්‍රශ්නයක් නෑ! හැබැයි ත්‍රස්ත පනත යටතේ හෝ ICCPR එක යටතේ අත්අඩංගුවට ගන්න යනවාට අපි විරුද්ධයි! VIDEO I Sri Lanka Latest News

June 1, 2023
මහනුවර රෝහලේ කැතීටකරණ යන්ත්‍රයක් කැඩෙයි! 8000කගේ ජීවිත අවදානමක! I Sri Lanka Latest News
Exclusive

මහනුවර රෝහලේ කැතීටකරණ යන්ත්‍රයක් කැඩෙයි! 8000කගේ ජීවිත අවදානමක! I Sri Lanka Latest News

June 1, 2023
Load More
Leave Comment
පාර්ලිමේන්තුව ඇතුළේ ආණ්ඩුව ‌බේරගන්න රනිල් කැඳවූ සාකච්ඡාවේදී පොහොට්ටු මහලේකම් බාල්දියක් පෙරළයි! ලන්සා උත්තර දෙයි! BREAKING NEWS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රසේනත් ඇමැතිකම් ඕන කිව්වා! විමලවීරත් ඇමැතිකම් ඕන කිව්වා! ‘ඒ අයගේ ඇමැතිකම් ඉල්ලීම අසාධාරණ නෑ!’ පොහොට්ටු මහලේකම් සාගරත් දැන් ඒකම කියනවා! VIDEO I Sri Lanka Latest News

June 1, 2023

එස්.එම්. චන්ද්‍රසේන සහ විමලවීර දිසානායක මහත්වරුන් විසින් අමාත්‍ය ධූර ඉල්ලීම අසාධාරණ නොවන බව පොහොට්ටු මහලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය. මෙම...

Read more
එදා වඳ ඇඳුම්-වඳ කොත්තු-වඳ දොස්තරලා ආවා! දැන් අලුත්ම එක නතාෂා! මේවා රැඩිකල් නෙමෙයි! ඒ වුණත් පරණ ජාතිවාදය අවුස්සන සෙට් එක ආයෙමත් එළියට ඇවිත් වැඩ පටන් අරන්! ජාතිවාදය නිසා මේ රට ගෙවපු වන්දිය හොඳටෝම ඇති! තවත් එපා! VIDEO I Sri Lanka Latest News

එදා වඳ ඇඳුම්-වඳ කොත්තු-වඳ දොස්තරලා ආවා! දැන් අලුත්ම එක නතාෂා! මේවා රැඩිකල් නෙමෙයි! ඒ වුණත් පරණ ජාතිවාදය අවුස්සන සෙට් එක ආයෙමත් එළියට ඇවිත් වැඩ පටන් අරන්! ජාතිවාදය නිසා මේ රට ගෙවපු වන්දිය හොඳටෝම ඇති! තවත් එපා! VIDEO I Sri Lanka Latest News

June 1, 2023
බස්නාහිර සංවර්ධනයට රනිල් 2004 අරන් ආ සිංගප්පූරුවේ ‘සුබානා ජුරොං’ සැලැස්ම අවුරුදු 19කට පස්සේ 2023දි ආයෙමත් අරන් එයි! අලුත් ආයතනයක් පිහිටුවයි!

ටෙලිකොම්-නෙළුම් කුළුණ-ත්‍රිපෝෂ සමාගම-ලුණු සමාගම-සිමෙන්ති සංස්ථාව-ඉංජිනේරු සංස්ථාව-BCC සමාගම ඇතුලු ආයතන රැසක් හදිසියේම රනිල් යටතට! I Sri Lanka Latest News

June 1, 2023
ගෝඨාගේ ඉතිහාසගත තවත් වැරැද්දක ප්‍රතිපල එළියට එයි! වසර 23කට පසු අඩුම තේ අපනයනය මේ කාර්තුවේ!

තේ කර්මාන්තයම දැවැන්ත අර්බූදයකට යන්නයි යන්නේ! මිල විශාල ලෙස කඩන් වැටෙයි! ඉල්ලුම විශාල වශයෙන් බහින්න ගනී! මේ විදිහට කළොත් යන්තම් හරි අර්බූදයෙන් ගොඩඑන්න පුලුවන්! VIDEO I Sri Lanka Latest News

June 1, 2023
IMF එකෙන් දෙන පළමු වාරිකයෙන් මොනවද කරන්න පුලුවන්? මොනවද කරන්න බැරි? මෙතැන් සිට එන අභියෝගය මොකද්ද? ඇත්ත දැනගන්න! VIDEO

රාජ්‍ය පාලනය අන්තිමයි! IMF එක රටක පාලන නීති දැමූ එකම රට ලංකාවයි! නතාෂාට නඩු දාන්න! ඒක ප්‍රශ්නයක් නෑ! හැබැයි ත්‍රස්ත පනත යටතේ හෝ ICCPR එක යටතේ අත්අඩංගුවට ගන්න යනවාට අපි විරුද්ධයි! VIDEO I Sri Lanka Latest News

June 1, 2023

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

Go to mobile version