බ්‍රිතාන්‍ය පුරවැසිභාවය දැරීම හේතුවෙන් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කරන්නැයි ඉල්ලා නීතිඥ අසිල් ෆාරිස් මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද තීන්දු කළේය.
ඒ අනුව දොසැම්බර් 12 වැනි දා අධිකරණයේ කරුණු දක්වන්නැයි ද, රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට අධිකරණ හමුවේ පෙනී සිටින්නැයි ද අභියාචනාධිකරණ නොතිසි නිකුත් කළේය.
අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ බ්‍රිතාන්‍ය පුරවැසිභායට පිළිබඳ සියලු ලිපි ලේඛන එදින අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන්නැයි ද නියෝග කළේය.