මෙරටින් ළමා ලාදුරු රෝගීන් හඳුනා ගැනීම ඉහළ ගොස් ඇති බව ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර පැවසීය.
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ළමා ලාදුරු රෝගීන් 250 දෙනෙකු පමණ පසුගිය වසරේ සිට මේ දක්වා හඳුනාගෙන තිබෙන බව ත් ඒ අතරින් වැඩි දෙනෙකු මඩකලපුව දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව ත් හෙතෙම කීය.
රට තුළ ලාදුරු රෝගීන් වැඩි වීමට හේතුව වන්නේ පසුගිය වසර 3 තුළ රෝගීන් හඳුනා ගැනීමේ අඩුවක් සිදු වීම බව ත් එයට රජයේ වගකිව යුතු පාර්ශ්වයන් අවධානය ලබා දිය යුතු බව ත් ඔහු පැවසුවේ ය.
එමෙන් ම, ගම්පහ දිස්ත්‍රික්කයේ හඳුනා නොගත් ලාදුරු රෝගීන් ගැවසෙන තත්ත්වයක් පවතින බැවින් ඔවුන් හඳුනාගනිමින් ප්‍රතිකාර සඳහා යොමු කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්.එම්.අයි.කේ. වන්නිනායක පැවසීය.
මෙම වසරේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් මේ වන විට රෝග ලක්ෂණ පෙන්නුම් කළ ලාදුරු රෝගීන් 124 දෙනෙකු හඳුනා ගෙන ඇති බව ත් ඔහු සඳහන් කළේ ය.
දිවයින පුරා හඳුනාගෙන ඇති ලාදුරු රෝගීන්ගෙන් සියයට 13ක් පමණ පාසල් සිසු දරුවන් බව පෙනී ගොස් ඇති බව ත් ඒ පිළිබඳව මවුපියන් හා පාසල් ගුරුවරුන් අවධානයෙන් සිටිය යුතු බව ත් ඔහු වැඩිදුරට ත් ප්‍රකාශ කළේ ය.