ජිනීවා සැසිවාරය කටමුලට ඇවිත් තිබියදී ජගත් සංවිධානයේ ප්‍රබලයන් දෙදෙනකු ලංකාවට එයි!

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සැසිවරාය සැප්තැම්බර් මස ආරම්භ වීමට නියමිතව තිබියදී එම සංවිධානයට අයත් ප්‍රබලයන් දෙදෙනකු ලංකාවේ සංචාරය කිරීමට සැලසුම් කොට තිබේ.

ඒ, ජිනීවාහි මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ ආසියා ශාන්තිකර කලාපීය ප්‍රධානී රෝරි මුන්ගෝවන් සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන සම්බන්ධීකරණ කාර්යාලයේ (UNDCO) ආසියා සහ පැසිෆික් කලාපීය අධ්‍යක්ෂ ඩේවිඩ් විලියම් මැක්ලැක්ලන්-කාර් යන අයය.

රෝරි මුන්ගෝවන් සැප්තැම්බර් මස මුලදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත.

ඩේවිඩ් විලියම් මැක්ලැක්ලන්-කාර් – අඟහරුවාදා (16) සිට ශ්‍රී ලංකාවේ සංචාරය කරන අතර සෙනසුරාදා (20) දක්වා මෙරට රැදී සිටීමට නියමිතය.

මෙම සංචාරයේදී එක්සත් ජාතීන්ගේ නිලධාරියා ජනාධිපතිවරයා, අගමැතිවරයා, විදේශ කටයුතු අමාත්‍යවරයා සහ භාණ්ඩාගාර ලේකම්වරයා හමුවීමට නියමිතව ඇති බව වාර්තා වේ.

Exit mobile version