• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Tuesday, March 21, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Gurudawa

ජාත්‍යන්තර මොළයෙන් සහ මොළ හතාණෝගේ කනෙන් රිංගූ පුතාණෝ! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

January 14, 2023
in Exclusive, Gurudawa
Reading Time: 5 mins read
A A
ජාත්‍යන්තර මොළයෙන් සහ මොළ හතාණෝගේ කනෙන් රිංගූ පුතාණෝ! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
894
SHARES
2.8k
VIEWS
Share on FacebookShare on Twitter

2019 ජනාධිපතිවරණයේදී පොහොට්ටුව සහ පොහොට්ටුවට හිතවත් මාධ්‍ය සජිත්ට කිව්වේ මෝඩ පුතාණෝ කියාය. ඉන් පසු 2020 මහ මැතිවරණයේදී පොහොට්ටුවත්, ජ.වි.පෙත්, යූ.ඇන්.පීයත් සජිත්ව මෝඩ පුතාණෝ නාමයෙන් භෞතිස්ම කළහ.

මේ මෝඩ පුතාණෝ 2010 සිට 2015 දක්වා වසර 5ක් යූ.ඇන්.පී නායකයා වීමට හෝ විපක්ෂ නායකයා වීමට සටන් කළේය. රනිල් ඔහු පත්කළ ඔහුගේ කුස්සි කෘත්‍යාධිකාරී මණ්ඩලය පාවිච්චි කොට සජිත්ගේ සටන මොට කළේය.

2015 ජනාධිතිවරණයේදී රනිල් ශ්‍රීල.නි.ප. ලේකම් මෛත්‍රීපාලගේ නම ජනාධිපති අපේක්ෂක ලෙස යෝජනා කරද්දී මෝඩ පුතාණෝ යූ.ඇන්.පී.යෙන් ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවටත් තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට කැමැති බවටත් ප්‍රකාශයක් කළේය. රනිල් සහ ඔහුගේ කුස්සි කෘත්‍යාධිකාරී මණ්ඩලය සජිත්ගේ ප්‍රකාශය සත පහකට මයිම් කළේ නැත. මෛත්‍රීපාල තම ජනාධිපති අපේක්ෂකත්වයට යූ.ඇන්.පීයෙන් අනුමැතිය ලබා ගත් පසු ජනාධිපති ඡන්ද සටනේදී අගමැති නම් කිරීම ප්‍රතික්ෂේප කළේය. ඒ වෙලාවේ රනිල් සහ සජිත්ගේ ගැටුම වේලාවේ රනිල්ගේ නායකත්වය ආරක්ෂා කරගත් මංගල ඇතුළු රනිල්වාදීන්ද මෛත්‍රී ජනාධිපතිවරණයේදී රනිල්ව අගමැති අපේක්ෂක ලෙස නම් නොකළ යුතුය යන දැඩි මතයේ සිටියේය. ඒ වෙලාවේ අසරණ වූ රනිල් හැරුණේ මෝඩ පුතාණෝ දෙසටය. මෛත්‍රීපාල රනිල් අගමැති අපේක්ෂක ලෙස ප්‍රකාශයට පත් කළ යුතු බව සජිත් ප්‍රසිද්ධියේ කීවේය. ඒ වේලාවේ රනිල් බැලුවේ මෛත්‍රීව පාලනය කරගත නොහැකි නම් මෛත්‍රීට ගහන්න සජිත්ව පාවිච්චි කරන්නටය. එවිට මෛත්‍රී සජිත්ට ගහල සජිත්ගේ දේශපාලනය ඉවර කරන බවත් රනිල් දැන සිටියේය. මෝඩ පුතාණෝ ඒ වෙලාවේ රිංගුවේ රනිල්ගේ කනින්ය. තමාව දේශපාලන වශයෙන් විනාශ කිරීමේ ලොකුම වුවමනාව ඇත්තේ රනිල්ට බව තේරුම් ගෙන ඔහු මෛත්‍රීපාල සමග සමීප සම්බන්ධයක් ගොඩනගා ගත්තේය. මෛත්‍රී ඒ වේලාවේ බැලුවේ රනිල්ට ගහන්න සජිත්ව පාවිච්චි කරන්නටය. 2019 ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂක වීමට රනිල් දත කට මැදගෙන ඉන්නා බව දැනගෙන මෛත්‍රී තමාට ජනාධිපති අපේක්ෂක වීමට යූ.ඇන්.පී. සහාය ගන්න සජිත්ව පාවිච්චි කරන්න උත්සාහ කළේය. ඔහු සජිත්ට අගමැති ලණුව දුන්නේ ඔහු ජනාධිපති අපේක්ෂක වී සජිත්ව අගමැති කරගෙන 2019 ජනාධිපතිවරණයට යන්නටය. ඒත් මෝඩ පුතාණෝ ඒ ලණුව කෑවේ නැත. ඔහු පක්ෂය පාවා දෙන්න අකමැති විය. අනෙක් අතට ඔහු අගමැති වී යූ.ඇන්.පී.ය රනිල් එක්ක හිටගත්තොත් තමාගේ දේශපාලනය ඉවර වෙන බවද ඔහු දැන ගත්තේය. ඔහු 2018 කුමන්ත්‍රණය වේලාවේ රනිල්ගේ ආරක්ෂකයා ලෙස පෙනී සිටියා පමණක් නොව රනිල්ට අගමැති ධුරය දෙන ලෙස මෛත්‍රීට බලපෑම් කළේය.

2019 ජනාධිපතිවරණයට සජිත් ඉදිරිපත් වූයේ දිනන්න අමාරු බව තේරුම් ගෙනය. 2002දී වරක් මහින්ද විපක්ෂ නායකයා ලෙස සිටියදී මාධ්‍යවේදියෙක්ට මෙසේ කීවේය.

“ 2005 ජනාධිපතිවරණයට මම කොහොම හරි ශ්‍රීල.නි.ප.යෙන් අපේක්ෂකයා වෙන්න ඕන. සමහර විට පරදියි. ඒත් ශ්‍රීල.නි.ප.යේ නායකත්වය ගන්න නම් පක්ෂය මා වටේ එකතු කර ගන්න ඕන..” මහින්ද කීවේය.

1994 ජනාධිපතිවරණයේදී නියත පරාජයක් ලබන අපේක්ෂකත්වය ගන්නේ ඇයිදැයි ගාමිණී දිසානායකගෙන් ඔහුගේ මිත්‍රයන් අහන විට ඔහු කීවේද ඒ කතාවමය.

“යූ.ඇන්.පී. නායකයා වෙන්න නම් පක්ෂය මගේ වටේ එකතු කරගන්න ඕන..” ගාමිණී කීවේය.

2019 ජනාධිපතිවරණයේදී සජිත් ඒ වැඩේම කළේය. අවසානයේදී යූ.ඇන්.පීයම ඔහු වටා එක් විය. රනිල් තනි විය. රනිල් නොදුන්න නායකත්වය සහ විපක්ෂ නායකත්වය ඔහු ජනතාවගෙන් හිමි කරගත්තේ රටම මවිතයට පත් කරමිනි.

සජිත් විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායකත්වයට පත් වූ පසු රාජපක්ෂවාදී මධ්‍යයත් යූ.ඇන්.පීයත් ජ.වි.පෙත් ඔහුට චෝදනා කළේ ඔහු දුර්වල නායකයෙක් කියාය. හැබැයි 69%ක් ගත්ත ජනාධිපතිවරයෙක් සහ තුනෙන් දෙකේ බලයක් සහිත ආණ්ඩුවකට එරෙහිව කොරෝනා බිය මධ්‍යයේ කොළඹට ජනතාව ගෙන්වා මිනිසුන් පාරට බස්සවන වැඩේට සජිත් අත ගැහුවේය. 69%ක ජනවරමක් ගත්ත ජනාධිපතිවරෙයක්ට සහ තුනෙන් දෙකක ආණ්ඩුවකට එරෙහිව වසරකට පසු ජනතාව පාරට බස්සවපු ලංකාවේ පළමු විපක්ෂනායකයා ඔහුය. ඔහු පළමු විරෝධතාවය ජනාධිපති ලේකම් කාර්යාලය අසලට ගොස් නතර කළේය. දෙවන විරෝධතාවය ජනාධිපති කාර්යාලයේ ගේට්ටුවටම අරගෙන ගොස් ගෝඨාගේ පඹයින්ට ගිනි තියන තරමට විරෝධතාවය රත් කළේය. ඉන් පසු ඔහු හිරුණිකාගේ නායකත්වයෙන් යුත් සමඟි වනිතා බළකාය ගෝඨාගේ මිරිහාන ගේ වටලන්න යැව්වේය. අරගලයට පාර කැපුවේ එහෙමය.

අරගලයෙන් මහින්දට අගමැති ධුරයෙන් ඉවත් වෙන්න වූ විට ගෝඨා ඔහුට කතා කර අගමැති ධුරය බාර ගන්න කීවේය. ගෝඨා බලන්නේ තමාව අරගලකරුවන්ගේ හතුරෙක් කොට ගෝඨාගේ පව් තමා පිට පටවා තමාව පොහොට්ටුවෙ සහ රාජපක්ෂවරුන්ගේ හිරකාරයෙක් කර ගන්න බව මෝඩ පුතාණෝ තේරුම් ගත්තේය. තමා අගමැති ධුරය බාර ගෙන අරගලය පවා දීමට සූදානම් නැති බව ඔහු කීවේය. අගමැති ධුරය බාර ගන්න ඔහු කොන්දේසි ඉදිරිපත් කළේය.

රනිල් අගමැති වූ විට සජිත් ඉවර යැයි ඔහුගේම පක්ෂයේ සමහරු සිතූහ. ඔහු අරගලය වෙනුවෙන් පෙනී සිටිමින් හරීන් සහ මනුෂ හැරුණු විට වෙනත් කිසිදු ස.ජ.බ මන්ත්‍රීවරයෙක් රනිල්ට එකතු නොවන තැනට ගේම ගැහුවේය.

ගෝඨා ජනාධිපති ධුරයෙන් ඉවත් වී පාර්ලිමේන්තුවෙන් ජනාධිපති තෝරන වේලාවේ ජනාධිපති ධුරයට තරග කරන්න යැයි කියද්දී ජනාධිපති වීමට තමාට පොහොට්ටුවෙ ඡන්ද නොලැබෙන බව ඔහු දැන සිටියේය. 1993 ප්‍රේමදාස ඝාතනය වී පාර්ලිමේන්තුවෙන් ජනාධිපති තෝරන වේලාවේ විපක්ෂ නායිකා මැතිනියට තමන්ට දිනන්න බැරි බව දැන තරඟයෙන් ඉවත් විය. ඒත් සජිත් පොහොට්ටුවේ ඉදිරිපත් කරන යූ.ඇන්.පී නායකයාට එරෙහිව ස.ජ.බ.යෙන් පොහොට්ටු නායකයෙක්ව ඉදිරිපත් කළේය.

ඔහු රාජපක්ෂවරුන්ව බලයට ගෙන ආ ජාතිවාදීන් වූ විමල්ලා සහ දමිළ ජාතික සන්ධානය එක තැනකට ගෙන ආවේය. විපක්ෂයේ මන්ත්‍රී සංඛ්‍යාව 82ක් දක්වා වැඩි කරගත්තේය.

රනිල් ජනාධිපති වූ දවසේ සිට මෙරට මාධ්‍ය හැමදාම එක නිවුස් එකක් ගැහුවේය. එනම් ස.ජ.බ.යේ මන්ත්‍රීවරු 20ක් පමණ රනිල් සමග එක්වෙන බවය. රනිල් ජනාධිපති වී දැනට මාස 6ක් ඉක්ම ගොස්ය. පහුගිය මාසයේත් ලංකාවේ මාධ්‍ය මේ නිවුස් එක පළ කළහ. එකම වෙනස ලෙස විස්ස 6ට අඩු විය. ඒත් මෝඩ පුතාණෝ ස.ජ.බ මන්ත්‍රීවරුන් රනිල් ළඟට යෑම වැළක්වූවේය. මේ මන්ත්‍රීවරු ඔක්කෝම රනිල් හදපු මන්ත්‍රීවරුය. ඔවුන් රනිල් හැරදමා සජිත් වටා එක්වූයේ රනිල්ට ජනාධිපති වෙන්න බෑ කියාය.

“ඔන්න මම ජනාධිපති වුණා. දැන් මා ළඟට එන්න…”

රනිල් එහෙම කීවත් මන්ත්‍රීවරු ගියේ නැත. මෝඩ පුතාණෝ අමාරුම කඩුල්ල පැන ගත්තේ එලෙසය.

මෝඩ පුතාණෝ ඒ වෙලාවේ පැන්නුවේ මොළ හතක් තියෙනවා කී බැසිල් සහ ජාත්‍යන්තර මොළයක් කී රනිල් එක්කය. රනිල් 21වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවේ පොහොට්ටුව තමන් යටතට ගෙන ජාත්‍යන්තරයේ වීරයා වී තමා එක්ක මුළු පාර්ලිමේන්තුවම ඉන්නා බව පෙන්වීමටය. සජිත් ඒකට ඉඩ දුන්නේය.

“රනිල්ගේ පළමු ජයග්‍රහණය…”

මෙරට මාධ්‍ය 21වන ව්‍යවස්ථා සංශෝධනය විග්‍රහ කළේ එසේය. 21න් රනිල් බැසිල්ව තරහා කරගන්න බව සජිත් දැන සිටියේය. ඔහු ස.ජ.බ ඡන්ද ටික දී ඒ වැඩේ වෙන්න ඉඩ හැරියේය. ඊළඟට රනිල් සිටියේ දැන් මමයි රජා කියලා 21වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් මැතිවරණ කොමිසම වෙනස් කොට කොමිසමේ පාලනය සියතට ගෙන ඡන්දය කල් දමන්නටය. සජිත් නොහොත් මෝඩ පුතාණෝ ව්‍යවස්ථාදායක සභාවට සාමාජිකයන් පත් වීම කල් දමමින් පුංචි ඡන්දයට පාර කපා ගත්තේය. ජාත්‍යන්තර මොළය, මොළ හතාණෝගේ කනෙන් රිංගුවේය. මෝඩ පුතාණෝ මේ දෙන්නාගේම කනෙන් රිංගුවේය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

Share358Tweet224SendShare89
Previous Post

ඇප තැන්පත් බාර නොගන්න තීන්දුවක් කැබිනට් එක අරගෙන නෑ! ඒක ජනාධිපති අරන් තියෙන තීන්දුවක්! ලියුමෙ ලිව්වෙ බොරුවක්! පුලුවන්නම් ඇමැති කෙනෙක් ඇවිල්ලා ඒක නෑ කියන්න! ඡන්ද කල් දැමීමේ කැබිනට් සැලැස්ම පටන් ගත් විදිහ හෙළිවෙයි! (VIDEO)

Next Post

ඡන්දෙට යන බිලියන 10 හොයාගන්න එක සිම්පල්! ‌මෙන්න ක්‍රමය! (VIDEO)

MORE NEWS

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ගැන හර්ෂ මහා හෙළිදරව්වක් කරයි! කෝටි ගණන් ගෙවලා පත්තරවල දැන්වීම් දානවා! සුපිරි මත්පැන් දීලා පාටි දාන්න කෝටි ගණන් වියදම් කරනවා! හැබැයි ජනතාවට සහනයක් වන සුවසැරියට ගෙවන්න රක්ෂණ සංස්ථාවට සල්ලි නෑ! එහෙම වෙන්නෙ කොහොමද? (VIDEO)
Exclusive

කෝප් එකේදි එළියට ආපු රක්ෂණ සංස්ථාවේ ‌බිලියන ගණන් ගැහිලි ගැන අපි කලින් එකක් හෙළිකළා! ඒ පාර අපි කිව්වේ ලොක්කන්ගේ පඩි රහසක් කියලා! මෙන්න දෙවැනි එක! මේ පාර කියන්නේ විදෙස් ශ්‍රමිකයන් රක්ෂණය කරද්දි හොර පාරෙන් ගහපු කෝටි ගාණක ගැහිල්ලක් ගැන! ලිපිගොනුත් නෑ! අහද්දි ලොක්කන්ට කටඋත්තරත් නෑ! ඊළඟ වංචාවත් හෙට අනිද්දම එළියට දානවා! VIDEO

March 21, 2023
මහ මොළකරු… ආරක්ෂක ලේකම්… පොලිස්පති… දේශබන්දු… දඩයම සහ ජවිපෙ! (VIDEO)
Exclusive

හම්බන්තොට වරාය විකුණපු වෙලාවෙත් රනිලුයි මලිකුයි මේ වගේම උජාරුවෙන් පෙන්නුවා! අදත් ඒ වගේම කොන්දේසිවලට යට වෙලා බදු බර වැඩි කරලා රාජ්‍ය ආයතන විකුණලා ණය අරන් උජාරුවෙන් කතා කරනවා! ලැජ්ජයි! IMF ගැන ජවිපෙ මතය! VIDEO

March 21, 2023
ස්ථාවර නියෝග 21යි 2  යටතේ මේ පාර්ලිමේන්තුව ඇතුළේ පිටස්තර කෙනෙකුට කතා කරන්න බෑ! වහාම කතානායකතුමා එයාව එළියට දාන්න! කව්ද අද පාර්ලිමේන්තුවට ආපු පිටස්තරයා? සභාව උණුසුම්! (VIDEO)
Exclusive

කවදාවත් IMF යන්නේ නෑ කියපු පොහොට්ටු අය අද වීරයෝ වෙලා! කෝටි ගාණක IMF ණයක් අරන් පුදුම චූන් විල්ලක් චූන් වෙලා! VIDEO

March 21, 2023
සල්ලි දුන්නත් පාර අතිදුෂ්කර බව මතක තියාගන්න! මේක රිදී උණ්ඩයක් නෙමෙයි! IMF ණයේ තියෙන හොඳ නරක දෙකම MOODY’S පෙන්වා දෙයි!
Exclusive

සල්ලි දුන්නත් පාර අතිදුෂ්කර බව මතක තියාගන්න! මේක රිදී උණ්ඩයක් නෙමෙයි! IMF ණයේ තියෙන හොඳ නරක දෙකම MOODY’S පෙන්වා දෙයි!

March 21, 2023
ළමයින්ගේ ප්‍රශ්න සජිත් පාර්ලිමේන්තුවට අරන් එයි! ආණ්ඩුවේ මන්දගාමී ප්‍රතිපත්තියට දැඩි ප්‍රහාරයක්! (VIDEO)
Exclusive

අද උදේම පාර්ලිමේන්තුව උණුසුම් වෙයි! ආණ්ඩුව ගෙනා ගැසට් එකට සජිත් ඡන්දයක් ඉල්ලයි! අණ්ඩුවත් සජිත්ගේ යෝජනාවට පක්ෂව අත උස්සයි! ආණ්ඩුවේ ගැසට් එක පරාද වෙයි! සජිත් නීති සිසුන්ට සාධාරණය ඉටු කරයි! VIDEO

March 21, 2023
ඡන්දෙට සල්ලි නෑ කියලා මම කිව්වේ නෑ! මුදල් අමාත්‍යංශ ලේකම් පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කමිටුවට අද දැනුම් දෙයි!
Exclusive

ඡන්දෙට සල්ලි නොදී මුදල් ලේකම් නඩු 2ක් දාගනී! එකක් සජබෙන්! අනෙක ජාජබෙන්! අද ෆයිල් කළා!

March 21, 2023
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ගැන හර්ෂ මහා හෙළිදරව්වක් කරයි! කෝටි ගණන් ගෙවලා පත්තරවල දැන්වීම් දානවා! සුපිරි මත්පැන් දීලා පාටි දාන්න කෝටි ගණන් වියදම් කරනවා! හැබැයි ජනතාවට සහනයක් වන සුවසැරියට ගෙවන්න රක්ෂණ සංස්ථාවට සල්ලි නෑ! එහෙම වෙන්නෙ කොහොමද? (VIDEO)
Exclusive

කෝප් එකේදි එළියට ආපු රක්ෂණ සංස්ථාවේ ‌බිලියන ගණන් ගැහිලි ගැන අපි කලින් එකක් හෙළිකළා! ඒ පාර අපි කිව්වේ ලොක්කන්ගේ පඩි රහසක් කියලා! මෙන්න දෙවැනි එක! මේ පාර කියන්නේ විදෙස් ශ්‍රමිකයන් රක්ෂණය කරද්දි හොර පාරෙන් ගහපු කෝටි ගාණක ගැහිල්ලක් ගැන! ලිපිගොනුත් නෑ! අහද්දි ලොක්කන්ට කටඋත්තරත් නෑ! ඊළඟ වංචාවත් හෙට අනිද්දම එළියට දානවා! VIDEO

March 21, 2023

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නිලධාරීන් පසුගිය දිනෙක කෝප් කමිටුව හමුවට කැදවා තිබුණු අතර එහිදී පසුගිය කාලයේදී සිදුව ඇතැයි කියන වංචා...

Read more
මහ මොළකරු… ආරක්ෂක ලේකම්… පොලිස්පති… දේශබන්දු… දඩයම සහ ජවිපෙ! (VIDEO)

හම්බන්තොට වරාය විකුණපු වෙලාවෙත් රනිලුයි මලිකුයි මේ වගේම උජාරුවෙන් පෙන්නුවා! අදත් ඒ වගේම කොන්දේසිවලට යට වෙලා බදු බර වැඩි කරලා රාජ්‍ය ආයතන විකුණලා ණය අරන් උජාරුවෙන් කතා කරනවා! ලැජ්ජයි! IMF ගැන ජවිපෙ මතය! VIDEO

March 21, 2023
ස්ථාවර නියෝග 21යි 2  යටතේ මේ පාර්ලිමේන්තුව ඇතුළේ පිටස්තර කෙනෙකුට කතා කරන්න බෑ! වහාම කතානායකතුමා එයාව එළියට දාන්න! කව්ද අද පාර්ලිමේන්තුවට ආපු පිටස්තරයා? සභාව උණුසුම්! (VIDEO)

කවදාවත් IMF යන්නේ නෑ කියපු පොහොට්ටු අය අද වීරයෝ වෙලා! කෝටි ගාණක IMF ණයක් අරන් පුදුම චූන් විල්ලක් චූන් වෙලා! VIDEO

March 21, 2023
සල්ලි දුන්නත් පාර අතිදුෂ්කර බව මතක තියාගන්න! මේක රිදී උණ්ඩයක් නෙමෙයි! IMF ණයේ තියෙන හොඳ නරක දෙකම MOODY’S පෙන්වා දෙයි!

සල්ලි දුන්නත් පාර අතිදුෂ්කර බව මතක තියාගන්න! මේක රිදී උණ්ඩයක් නෙමෙයි! IMF ණයේ තියෙන හොඳ නරක දෙකම MOODY’S පෙන්වා දෙයි!

March 21, 2023
ළමයින්ගේ ප්‍රශ්න සජිත් පාර්ලිමේන්තුවට අරන් එයි! ආණ්ඩුවේ මන්දගාමී ප්‍රතිපත්තියට දැඩි ප්‍රහාරයක්! (VIDEO)

අද උදේම පාර්ලිමේන්තුව උණුසුම් වෙයි! ආණ්ඩුව ගෙනා ගැසට් එකට සජිත් ඡන්දයක් ඉල්ලයි! අණ්ඩුවත් සජිත්ගේ යෝජනාවට පක්ෂව අත උස්සයි! ආණ්ඩුවේ ගැසට් එක පරාද වෙයි! සජිත් නීති සිසුන්ට සාධාරණය ඉටු කරයි! VIDEO

March 21, 2023

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

Go to mobile version