එක්සත් වාමාංශික පෙරමුණ සහ ඊට අනුබද්ධ වෘත්තීය සමිති කිහිපයක නියෝජිත පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් කොළඹ විපක්ෂනායක කාර්යාලයේ සිදුවිය.
එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කොට සිටියේ මේවනවිටත් රට අතිශය බංකොලොත් තත්ත්වයකට පත්ව ඇති බවත්,රටට මන්දිර දේශපාලනය මේ මොහොතේ නොගැළපෙන බවත්,ජනාධිපති මන්දිරය,අරලියගහ මන්දිරය ඇතුළු මන්දිර තාක්ෂණික සහ පරිගණක මධ්‍යස්ථාන බවට පත් කළ යුතු බවත්ය.
මන්දිර දේශපාලනය ඉදිරියට අවසන් වන බවත්,ඒ සියල්ල ජනතාවගේ සුබසිද්ධිය උදෙසා පරිවර්තනය කළ යුතු බවත් ඒ මහතා පැවසීය.
ජවිපෙ කුහකයි.ඔවුන් විසින් ඔවුන්ගේ වළ කපා ගන්නවා! -චමීර පෙරේරා කියයි.
එම අවස්ථාවට එක්ව සිටි චමීර පෙරේරා මහතා පවසා සිටියේ මේ මොහොතේ ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ ජාතික ජන බලවේගය අතිශයින්ම කුහක දේශපාලනයක යෙදෙන බවත්,ඔවුන්ගේ වල ඔවුන් විසින්ම කපා ගනිමින් සිටින බවත් ය.
ඔවුන්,පොදු සතුරා වන පොහොට්ටුව සහ රනිල් වික්‍රමසිංහ මහතා පැත්තකට දමා ,ප්‍රහාර එල්ල කිරීමට සජිත් ප්‍රේමදාස මහතාව තෝරාගෙන ඇති බව පැවසූ පැවැසූ ඒ මහතා එම විවේචනය ද අතිශය කුහක ලෙස සිදුකරන බව පැවසීය.