අද සවස ජනාධිපතිවරයාගේ ප්රධානත්වයෙන් පැවැත්වුණු පක්ෂ නායක රැස්වීම මේ වනවිට අවසන් වී ඇති අතර එහිදී මැතිවරණය පැවැත්වීම පිළිබදව කිසිදු කරුණක් සාකච්ඡා වී නොමැති බව දැනගන්නට ඇත.
විපක්ෂනායකවරයා විපක්ෂයේ සියලුම පක්ෂ නායකයන් අද දින ඊට සහභාගී වූයේ මැතිවරණ කල් දැමීම සදහා ගෙන එන ඕනෑම යෝජනාවකට විරෝධය පළ කිරීමේ එකගතාවය මතය.
නමුත් ඒ සම්බන්ධයෙන් වචනයක් හෝ කතා කොට නොමැති ජනාධිපතිවරයා උතුරු නැගෙනහිර ගැටලුව පිළිබද පමණක් සාකච්ඡා කොට එම සාකච්ඡාව අවසන් කොට ඇති බව වාර්තා වේ.