යහපත් වචන වලින් පිරුණු රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති කතාව යථාර්තයක් කර ගැනීම සඳහා මොනතරම් අභියෝගයක් තිබේදැයි හැම දෙනාටම වඩා “එතුමාට” පුළුල් අවබෝධයක් තිබෙන බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා (පොපෙ) පැවසීය.
ජනාධිපතිවරයාගේ කතාවේ භාෂාව,වචන ඉදිරිපත් කිරීම,අන්තර්ගතය පිළිබඳව කිසිම ගැටළුවක් නැති නමුත් එම කතාව කියවා ගත යුත්තේ භාෂා අලංකෘත වලින් නොවේ යැයිද ඒ සඳහා වෙනම මිනුම් දණ්ඩක් තිබෙන බවද අලහප්පෙරුම මහතා කීය.
භාෂාවට එහා ගිය සමස්තය වෙනුවෙන් පෙනී සිටින ජනතාව සමඟ ඇත්ත බෙදාගන්නා නායකත්වයක අවශ්‍යතාවය මේ මොහොතේ පැන නැගී තිබෙන බව කී අලහප්පෙරුම මහතා වචන වලින් ඔබ්බට ඇතුලේ අර්බුදය ආමන්ත්‍රණය කිරීමට ගත් ක්‍රියාමාර්ග කුමක්දැයි ප්‍රශ්න කළේය.
රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් දා සිට මාස තුනක කාලයේදී පක්ෂයේ පරාජිත මිත්‍රයන්ගේ අර්බුද සහ පාර්ලිමේන්තුවේ දී එතුමාට උදව් පදව් කළ මන්ත්‍රීවරුන්ගේ අර්බුද විසඳන්නට කටයුතු කර තිබෙන නමුත් ජනතාවගේ අර්බුදය විසඳන්න යම් වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන අයුරු දුටුවේ නැතැයි ඩලස් අලහපෙරුම මහතා පැවසීය.