• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Tuesday, March 21, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Rajya Rahas

ඡන්දෙ කල් දාන්න ගහපු අන්තිම කුමන්ත්‍රණයේ සුලමුල එළියට! වැඩේට බැස්සේ ‘එකයි-දෙකයි’? රාජ්‍ය රහස් EXCLUSIVE

January 21, 2023
in Exclusive, Rajya Rahas
Reading Time: 20 mins read
A A
බැසිල්ට කුණුහරුපෙන් බැන්න විමල්ලා බැසිල් එක්කම යළි ඩීල් දැපු හැටි අතේ පත්තු වෙයි! සියඹලාපිටිය නාඩගමේදී පොහොට්ටුවයි-ස්වාධීන 40යි එකතු වෙලා ගහපු ගේම! මහින්ද දුන් ලණුවක් විමල් අමුවෙන්ම ගිලියි! රනිල්ගේ රෙදි ගැලවෙයි! ඩීල් එක හෙළිවෙයි! (රාජ්‍ය රහස්)
893
SHARES
2.8k
VIEWS
Share on FacebookShare on Twitter

හපුහින්නව අමාරුවේ දැම්මේ කව්ද?

කැබිනට් තීන්දුවක් නැති බව දිනේෂ් පිළිගනී!

බැසිල්-රනිල් ඇමැතිකම් බෙදාගත් හැටි!

රාජිත යන්න කැමැත්තෙන්! බැසිලුත් කැමතියි!

අපි කුමන්ත්‍රණ ඔක්කොම හෙළිකළා!

පළාත් පාලන මැතිවරණය කෙසේ හෝ කල් දමා ගැනීම සඳහා ආණ්ඩුව පසුගිය මාස දෙක තුන ඇතුළත සිදුකළ සියලුම සැලසුම්සහගත කුමන්ත්‍රණ එකින් එක මෙම තීරය ඔස්සේ රටට අනාවරණ කරමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට අප පියවර ගත්තේ වෙනත් කිසිදු මාධ්‍යයක් ඒ පිළිබඳ වචනයක්වත් ලිවීමට කටයුතු නොකරද්දීය. ඒ අනුව අප මුල සිටම පුංචි ඡන්දය කල්දැමීමට ආණ්ඩුව ගහපු කුමන්ත්‍රණ එකින් එක රටට හෙළි කළ අතර ඒවා කඩාකප්පල් වූ ආකාරයද, ඊට බලපෑ හේතූන්ද එකින් එක රටට හෙළිදරව් කළෙමු. එහිදී අප වරෙක ඒ පිළිබඳ සටහන් තැබුවේ මෙසේය.

ඡන්දෙ කල් දාන්න ගහපු කුමන්ත්‍රණ අපි එකින් එක කිව්වා!

‘ආණ්ඩුව ඡන්දෙට අරන් යනවා කියන්නේ හරියට පිස්සු බල්ලෙක් නාවන්න අරන් යනවා වගේ’

මේ, පසුගිය කාලයේ විපක්ෂයේ මන්ත්‍රීවරයකු ආණ්ඩුවේ ඇති ඡන්ද කල්දැමීමේ සැලසුම පිළිබඳ ප්‍රසිද්ධියේ මාධ්‍ය හමුවකට පැමිණ කී කතාවකි. මෙම විපක්ෂ මන්ත්‍රීවරයා එසේ කියා සිටියේ වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ පොහොට්ටුව මුල සිටම පළාත් පාලන මැතිවරණය කල්දමා ගැනීමට විවිධ උපාය, උපක්‍රම, උප්පරවැට්ටි ක්‍රියාවේ යෙදවූ නිසාය. ඉන් එකක් වූයේ පළාත් පාලන ආයතනවල මන්ත්‍රී ධුර 8,000 ඉක්මවා සිටින බවත්, එය 4,000 දක්වා අඩුකළ යුතු බවත් ප්‍රකාශ කිරීමය. දෙවැන්න වූයේ පළාත් පාලන ආයතන ප්‍රධානීන් සතු බලය කණ්ඩායමකට විමධ්‍යගත කළ යුතු බවට ප්‍රකාශ කිරීමය. තුන්වැන්න වූයේ හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගේ නායකත්වයෙන් යුතුව සීමා නිර්ණය කිරීම සඳහා නව කමිටුවක් පත්කිරීමය. සිවුවැන්න වූයේ හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ සංකල්පයකට අනුව යළිත් ගම්සභා ක්‍රමය කරළියට ගෙන ඒමය. ඒ සම්බන්ධයෙන් කරු සහ සිවිල් ක්‍රියාකාරයකු වන වික්ටර් අයිවන් කැබිනට් මණ්ඩලයට පවා පැමිණ කැබිනට ඇමැතිවරුන් දැනුවත් කිරීමට පියවර ගත්හ. නමුත් මේ සියල්ල පිළිබඳ විපක්ෂය වරින් වර ජනතාව දැනුවත් කිරීමට පියවර ගැනීමත් සමග ඒ හරහා ඡන්දය කල්දමන වැඩේ තරමක් අපහසු බව ආණ්ඩුවට දැකගන්නට ලැබිණි.

කැබිනට්ටුවෙන් සම්මත කරගත් දේ!

ඒ අනුව ආණ්ඩුව තවත් අලුත් සැලසුම් කිහිපයක්ම මීට සති කිහිපයකට ඉහතදී ක්‍රියාවට නැංවීමට පියවර ගෙන තිබිණි. ඉන් එකක් වූයේ පළාත් පාලන ආයතනවල තරුණ නියෝජනය 25%ක් විය යුතු බවටත්, වියදම් නියාමනය කළ යුතු බවටත් වූ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට වැඩි සද්ද බද්දයකින් තොරවම සම්මත කරගැනීමට පියවර ගැනීමය. දෙවැනි සැලැසුම වී තිබුණේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා පිහිටුවූ ව්‍යවස්ථාදායක සභාවට කඩිනමින් නියෝජිතයන් පත්කර අවසන් කොට ඒ හරහා මැතිවරණ කොමිසම ඇතුලූ අනෙකුත් කොමිසම්වලට තමන්ට හිතවත් නියෝජිතයන් පත්කර මැතිවරණ කල්දැමීමට සැලසුම් කිරීමය.

සල්ලිත් නෑ!

නමුත් එයද අසාර්ථක වූ තැන ආණ්ඩුව මැතිවරණ කොමිසම ඇතුළේ බෙදීමක් ඇති බව කියමින් ඡන්දය කල් දැමීමට උත්සාහ කළේය. එය අවසන් වූයේ කොමිසමේ සාමාජිකයන් පස්දෙනාම මාධ්‍ය හමුවට පැමිණ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුවය. පසුව ආණ්ඩුව පසුගිය කාලය පුරාම කියමින් සිටියේ ආර්ථික අර්බූද හේතුවෙන් මැතිවරණ පැවැත්වීමට මුදල් නැති බවත්, අඩුම තරමින් රාජ්‍ය සේවක වැටුප් හෝ ගෙවීමට මුදල් නොමැති බවත්ය.

අන්තිමේදී ලැජ්ජා සහගත කුමන්ත්‍රණයක්! හපුහින්න යවපු ලියුම!

කෙසේවෙතත් මේ සියලු උත්සාහයන් අසාර්ථක වූ තැන ආණ්ඩුව ගැසූ තවත් ලැජ්ජාසහගත කුමන්ත්‍රණයක් අප පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේත්, ‘මව්රට’ මුල් පිටුව ඔස්සේත් රටට අනාවරණ කළෙමු. එහිදී අප කියා සිටියේ ආණ්ඩුව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා වූ නීල් බණ්ඩාර හපුහින්න මහතා උපයෝගී කරගනිමින් මැතිවරණය කල්දැමීමට තවත් එක් උප්පරවැට්ටියක් ඇටවීමට කටයුතු කළ බවකි. එහිදී සිදුව තිබුණේ පසුගිය සතියේ පැවැති කැබිනට් රැස්වීමේදී ගත් තීන්දුවක් බව කියමින් කැබිනට් ලේකම්වරයා විසින් නීල් හපුහින්න මහතාටත්, මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතාටත් විශේෂ ලිපියක් එවීමය. කැබිනට් ලේකම්වරයා යැවූ ලිපියේ සඳහන්ව තිබුණේ පුංචි ඡන්දයේ දේශපාලන පක්ෂ හා අපේක්ෂකයන් විසින් කරනු ලබන ඇප තැන්පත් භාරගැනීම අත්හිටුවීමට කටයුතු කරන ලෙසට හපුහින්න මහතා වෙත දැනුම්දී සිටීමය. ඒ අනුව හපුහින්න මහතා වහාම සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් කොළඹට කැඳවා ඔවුන්ට විශේෂ ලිපියක් ලබාදෙමින් කියා තිබුණේ පළාත් පාලන මැතිවරණයේ ඇප තැන්පත් භාර නොගන්නා ලෙසට කැබිනට් මණ්ඩලය විසින් තීන්දුවක් ගෙන ඇති බවට කැබිනට් ලේකම්වරයා විසින් තමන්ට දැනුම් දී ඇති බවත්, ඒ අනුව දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් ඇප මුදල් භාරගැනීමෙන් වැළකී සිටිය යුතු බවත්ය.

හපුහින්නට වැරැද්ද තේරෙයි!

කෙසේ වෙතත් මෙම ලිපිය ලද වහා පැමිණ සිටි දිස්ත්‍රික් ලේකම්වරුන් කියා සිටියේ, පළාත් පාලන මැතිවරණයේ ඇප මුදල් භාරගන්නේ මැතිවරණ තේරීම් භාර නිලධාරීන් බවත්, මැතිවරණ කොමිසම විසින් මැතිවරණය කැඳවා ඊට අදාළ කටයුතු සිදුකරගෙන යන පසුබිමක නිසි බලධාරියා මැතිවරණ කොමිසම බැවින් මේ අයුරින් ලිපියක් යොමු කිරීම නීති විරෝධී බවත්ය.ඒ අනුව කරපු වැරැද්දේ තරම තේරුම් ගත් හපුහින්න මෙවැනි ලිපියක් නොලැබුණා සේ සලකා කටයුතු කරන ලෙස සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දුන්නා පමණක් නොව පැය කිහිපයක් ඇතුළත අදාළ ලිපිය ආපසු කැඳවමින් තවත් ලිපියක් යොමුකිරීමටද පියවර ගත්තේය.

කැබිනට් තීන්දුවක් ගත්තාද?

කෙසේ වෙතත් මෙහිදී නැඟුණු බරපතළ ප්‍රශ්නයක් වූයේ මෙවැනි ලිපියක් හපුහින්න විසින් යොමු කිරීමට අදාළව කැබිනට් තීන්දුවක් කැබිනට් මණ්ඩලය විසින් ගත්තාද යන්න පිළිබඳවය. මන්ද යත් ඒ පිළිබඳ කැබිනට් ඇමැතිවරුන් කිහිප දෙනකුගෙන්ම කර තිබූ විමසීම්වලදී ඔවුන්ද කියා තිබුණේ එවැනි තීන්දුවක් ගනු නොලැබූ බවත්, එවැන්නක් පිළිබඳ අඩුම තරමින් සාකච්ඡා වූයේ හෝ නොමැති බවත්ය. ඒ අනුව පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ මුල් පුවත තුළින් මෙම සැකය අප රටට වාර්තා කළේ මේ ආකාරයටය.

මව්රට මුල් පුවතින් අපි මුලින්ම හෙළිකළා!

පළාත් පාලන මැතිවරණය සඳහා දේශපාලන පක්ෂවලින් සිදුකරනු ලබන ඇප තැන්පත් කිරීම් අත්හිටුවන ලෙසට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා විසින් සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට යවා තිබූ ලිපියක් හේතුවෙන් මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ විශාල අර්බුදයක් මතුව ඇති ආකාරයක් දැකගන්නට තිබේ.

ඒ සඳහා හේතුවී ඇත්තේ හපුහින්න මහතා සිය ලිපිය මගින් මෙම තීන්දුව කැබිනට් මණ්ඩලය විසින් ගෙන තමන්ට දැන්වූ බවට කර ඇති ප්‍රකාශයය.

ඒ බව දැක්වෙන ලිපියක් කැබිනට් මණ්ඩල ලේකම්වරයා විසින් හපුහින්න මහතා වෙත යොමුකරනු ලැබ තිබුණද මේ වන විට දැනගන්නට ඇති නිල නොවන තොරතුරුවලින් කියැවෙන්නේ එවැනි සාකච්ඡාවක් පසුගිය සඳුදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීම තුළ සිදුව නොමැති බවකි.

එමෙන්ම ඊට අදාළ කැබිනට් පත්‍රිකාවක් හෝ කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කර නැති බවක්ද විවිධ ආරංචි මාර්ගවලින් දැනගන්නට තිබේ.

මේ සම්බන්ධයෙන් කැබිනට් ඇමැතිවරුන්ගෙන් යම් යම් පාර්ශ්ව විසින් කර ඇති විමසීම්වලදී ඔවුන්ද ප්‍රකාශ කොට ඇතැයි කියැවෙන්නේ එවැනි කිසිදු කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්ව නොමැති බවකි.

මීට අමතරව ඇප මුදල් භාරගැනීම අත්හිටුවන ලෙසට වූ ව්‍යවස්ථා විරෝධී තීන්දුව කැබිනට් මණ්ඩලය විසින් ගත්තාද යන්න පිළිබඳ ප්‍රකාශයක් කළ යුතුව ඇතැයි පසුගිය දා පැවැති මාධ්‍ය හමුවකදී අනුර කුමාර දිසානායක මහතා ද කියා සිටියේය.

කෙසේ වෙතත් තවමත් ආණ්ඩුවේ කිසිදු අමාත්‍යවරයකු මෙවැනි යෝජනාවක් කැබිනට් මණ්ඩලයේදී සම්මත වූ බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු නොකර තිබීමද විශේෂ සිදුවීමකි.

ඒ අනුව කැබිනට් ලේකම්වරයා සහ හපුහින්න මහතා නිකුත් කර ඇති ලිපි මුල්කරගෙන මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ මහත් ආන්දෝලනයක් ඇතිව ඇති ආකාරයක් දැකගන්නට තිබේ.

අපි කියපු කතාව හරියටම හරි! හපුහින්න සමාව ගනී!

අප අනාවරණ කළ මෙම පුවත 100%ක්ම නිවැරැදි බව තහවුරු වූ සිදුවීම් 3ක් ඉන් අනතුරුව සිදුවිය. ඉන් පළමුවැන්න වූයේ මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වූ සමන් ශ්‍රී රත්නායක මහතා විසින් හපුහින්න නිකුත් කොට තිබූ ලිපියට ප්‍රතිචාර දක්වා තවදුරටත් ඇප තැන්පත් මුදල් භාරගන්නා ලෙසට සියලු මැතිවරණ තේරීම් භාර නිලධාරීන් වෙත ලිපියක් යොමු කිරීමය. දෙවැනි සිදුවීම වූයේ වහාම මැතිවරණ කොමිසම විසින් හපුහින්නගෙන් මේ පිළිබඳ කරුණු විමසීම සඳහා මැතිරවණ කොමිසමට කැඳවීමය. එහිදී හපුහින්න කොමිසමට කියා තිබුණේ තමන් මෙම ලිපිය යොමු කළේ කැබිනට් ලේකම්වරයාගෙන් ලද දැනුම් දීමකට අනුව බවත්, නමුත් එම ක්‍රියාව ව්‍යවස්ථා විරෝධී බව දැනුණු වහාම එම ලිපිය ආපසු කැඳවීමට කටයුතු කළ බවත්, තමන් විසින් කළ ක්‍රියාව හේතුවෙන් මැතිවරණ කොමිසම අපහසුතාවට පත්වුණේ නම් ඒ පිළිබඳ සමාව අයැදින බවත්, මින් මතුවට එවැන්නක් තමන්ගෙන් සිදු නොවන බවත්ය. හපුහින්නගේ මේ සමාව ඉල්ලීම නිවේදනයක් නිකුත් කරමින් කොමිසම මගින් තහවුරු කිරීමටද පියවර ගැනිණි.

සජිත් අනුර පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි! දිනේෂ් පිළිගනී!

තුන්වැනි සිදුවීම වූයේ පාර්ලිමේන්තුවේ මේ පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාත්, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාත් කළ ප්‍රශ්න කිරීමේදී අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් එවැනි කැබිනට් තීන්දුවක් නොගත් බව පිළිගැනීමය. කැබිනට් ලේකම්වරයා විසින් ඇප මුදල් භාරනොගන්නා ලෙසට එවන ලද ලිපිය කාගේ වුවමනාවට කෙසේ සිදුවුණිද යන්න සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නයක් පැනනගින බවත්, කැබිනට් මණ්ඩලයටත් ඉහළින් අදිසි හස්තයක් මේ සියල්ල මෙහෙයවන බවට බරපතළ චෝදනාවක් අනුර දිසානායක විසින් එල්ල කළේ ඒ අනුවය.

වජිරගේ කටින් බළලා මල්ලෙන් එළියට පනී!

කෙසේ වෙතත් බළලා මල්ලෙන් එළියට පැන්නේ ඒ පිළිබඳ එජාප සභාපති වජිර අබේවර්ධන මහතා විසින් මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබූ ප්‍රකාශයකදීය. එහිදී මාධ්‍ය හපුහින්නගේ ප්‍රශ්නය පිළිබඳ වජිරගෙන් ප්‍රශ්න කරද්දී ඔහු කියා සිටියේ ජනාධිපතිවරයා විසින් නිකුත් කරන නියෝග පිළිගැනීමට රාජ්‍ය නිලධාරීන් බැඳී සිටිනවා යැයි කියාය. වජිරගේ එම කතාවට අනුව නියෝගය නිකුත් වී ඇත්තේ කවර ස්ථානයකින්ද යන්න රටටම පැහැදිලි විය.

පාර්ලිමේන්තුව ඇතුළටම කුමන්ත්‍රණය එයි! විජයදාස නම් මාසයක් කල් දාන්න එකග වෙයි!

මේ ආකාරයට හපුහින්න ලවා මැතිවරණය කල් දමා ගැනීමේ මෙහෙයුම අතේ පත්තු වෙද්දී ආණ්ඩුවේ ප්‍රධානීන් අවසාන වශයෙන් මැතිවරණය කල්දැමීම සඳහා පාර්ලිමේන්තුව හරහා අවසන් තුරුම්පුව ගැසීමට සැලසුම් කළේය. ඒ, මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත සමාන්‍ය ක්‍රියාවලිය මඟහැර වහාම සම්මත කොට ගෙන ඒ හරහා ඡන්දය කල්දමා ගැනීමට මාර්ගයක් සකස් කරගැනීමේ අරමුණ ඇතිවය. ඒ අනුව ආණ්ඩුවේ බලධාරීන් සැලසුම් කළේ අධිකරණ අමාත්‍ය විජයදාස ලවා මෙම පනත අඟහරුවාදා දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට එම සතිය ඇතුළත එය සම්මත කරගැනීමටය. නමුත් ප්‍රශ්නය පැනනැඟුණේ අඟහරුවාදා දින එම කෙටුම්පත ඉදිරිපත් කිරීමෙන් පසු විපක්ෂ නායක සජිතුත්, ජවිපෙ නායක අනුරත් එහි පිටුපස ඇති ආණ්ඩුවේ කූඨ සැලැස්ම හෙළිකර මෙම පනත සංශෝධනය විය යුතු බවට දිගින් දිගටම කළ බලපෑම හමුවේ පනත ගෙන ඒම මසකින් කල් දැමීමට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා එකඟ වීමෙන් අනතුරුවය.

සජිත්-අනුර ප්‍රශ්න කරයි!

එහිදී සජිත් සහ අනුර ආණ්ඩුවට පෙන්වා දී තිබුණේ මෙම පනත ගෙන ඒමේ කිසිදු ගැටලුවක් නොමැති නමුත් මෙම පනත හදිසියේ සම්මත කිරීම හරහා එම නීති මෙම මැතිවරණයටද අදාළ කරගන්නා ලෙස ඉල්ලමින් යමෙකු අධිකරණය හමුවට ගියහොත් දැනට කැඳවා ඇති පළාත් පාලන මැතිවරණය කල් යෑමෙ අනතුරක් මතුවන බවකි. එම නිසා මෙම පනත මෙවර පළාත් පාලන මැතිවරණයට වලංගු නොවේ යනුවෙන් වගන්තියක් පනතට ඇතුළු කරන ලෙසද විපක්ෂය එහිදී ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය. ඊටද විජයදාසගෙන් ලැබුණේ සාධනීය ප්‍රතිචාරයකි.

තීන්දුව හදිසියේම වෙනස් වෙයි! පාර්ලිමේන්තුව ඇවිස්සෙයි!

නමුත් ප්‍රශ්නය පැනනැගුණේ අධිකරණ ඇමැති විජයදාස මේ ආකාරයට අඟහරුවාදා දිනයේදී පනත මසකින් පසු ගෙන ඒමට එකඟතාව පළකර තිබියදී එය බ්‍රහස්පතින්දා දිනයේදී සම්මත කරගැනීමට ආණ්ඩුවේ බලධාරීන් විසින් හදිසියේම තීන්දු කිරීමය. එය ප්‍රකාශයට පත්වීමත් සමග බදාදා දිනයේදී පාර්ලිමේන්තුව කඩි ගුලක් සේ ඇවිස්සී ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි.

විජයදාසට කතා කරලා බැනපු ‘එකයි-දෙකයි’ කව්ද?

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක කිරිඇල්ල ප්‍රසිද්ධියේම චෝදනා කර සිටියේ ආණ්ඩුවේ ‘එකයි… දෙකයි…’ විජයදාසට කතාකොට බැණ වැදී ඇති බවත්, ඒ අනුව විජයදාස පාර්ලිමේන්තුවට ලබාදුන් පොරොන්දුවද නොතකා පනත සම්මත කොටගෙන මැතිවරණය කල් දමාගැනීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බවත්ය. වහාම පක්ෂ නායක රැස්වීමක් කැඳවා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතු බවද විපක්ෂයේ ස්ථාවරය විය. ඒ අනුව බදාදා පස්වරු 1ට පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට තීන්දු විය.

විජයදාස දාපු වාර්තාවෙත් මාසයක් තිබ්බා!

මෙහිදී ආණ්ඩුවේ ප්‍රධානීන් මෙසේ හදිසියේම පනත බ්‍රහස්පතින්දා දිනයේදී ඡන්දයට ගැනීමට තීන්දු කර තිබුණේ අඟහරුවාදා පැවැති අධිකරණ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේදී පවා විජයදාස විසින් මෙම පනත මසකින් කල්දැමීමට එකඟතාව පළකොට තිබීමේ පසුබිමකදී වීම විශේෂ සිදුවීමකි. අනෙක් අතට බදාදා දින විජයදාස විසින් පාර්ලිමේන්තුටව ඉදිරිපත් කරන ලද වාර්තාවේද මෙම පනත මසකින් කල් දමන බවට සඳහන් කොට තිබීමද විශේෂ සිදුවීමක් විය.

හදිසියේම ජනාධිපතිගේ රැස්වීමක් එයි!

කෙසේවෙතත් මෙවැනි පසුබිමක් යටතේ කතානායකවරයා විසින් තවත් විශේෂ පක්ෂ නායක රැස්වීමක් බදාදා පස්වරුවේ කැඳවා තිබූ අතර ඊට ජනාධිපති රනිල් වික්‍රමසිංහද සහභාගි වන බව පාර්ලිමේන්තුවට දැනුම් දීමට පියවර ගෙන තිබිණි. ඒ සමගම යළිත් වතාවක් විපක්ෂයේ ප්‍රධානීන් කතානායකවරයාට විරෝධය පළකරමින් කියා සිටියේ ජනාධිපතිවරයා සහභාගි වන පක්ෂ නායක රැස්වීමක් කැඳවන්නේ නම් එය කලින් පස්වරු 1ට පැවැත්වීමට එකඟ වී තිබූ පක්ෂ නායක රැස්වීමට පසුව පැවැත්වීමට පියවර ගත යුතු යැයි කියාය. මුලින් මුලින් කතානායකවරයා ඊට එකඟතාව පළ කරන ආකාරය දැකගන්නට හැකි වුණත් අගමැති දිනේෂ් ගුණවර්ධන, සභානායක සුසිල් ප්‍රේමජයන්ත සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වන ප්‍රසන්න රණතුංග ඊට විරෝධය පළකිරීමත් සමග විපක්ෂයේ විරෝධය නොතකා කලින් ඇතිකරගත් එකඟතාව වෙනුවට පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමට පෙර ජනාධිපතිවරයා සහභාගි වන පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට කතානායකවරයා පියවර ගැනීම විශේෂ සිදුවීමක් විය.

සජිත්-අනුර-ඩලස්-සුමන්තිරන් රැස්වීම වර්ජනයක!

ඊට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක සජිත් සහ ජවිපෙ නායක අනුර පමණක් නොව දෙමළ ජාතික සන්ධානයද ඩලස්-ජී.එල්. පිලද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම පක්ෂ නායක රැස්වීම වර්ජනය කිරීමට පියර ගත්හ. ඒ අනුව ඊට විපක්ෂය පැත්තෙන් සහභාගි වූයේ ශ්‍රීලනිපය නියෝජනය කරමින් මෛත්‍රීපාල සිරිසේන සහ දයාසිරි ජයසේකරත්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් රවුෆ් හකීමුත්ය. එහිදී මෛත්‍රීපාලත්, දයාසිරිත් මෙම පනත හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලෙස ඉල්ලා සිටි නමුත් හකීම් ඊට විරෝධය පළකරමින් ආණ්ඩුව පොරොන්දු වී ඇති ආකාරයට මෙම පනත මසකින් කල්දමන ලෙසට දැනුම් දීමට පියවර ගෙන තිබීම වශේෂ සිදුවීමක් විය.

දෙවන රැස්වීමේදී ආණ්ඩුවට දැඩි ප්‍රහාරයක්!

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම පක්ෂ නායක රැස්වීම වර්ජනය කළ විපක්ෂය ඉන් අනතුරුව ජනාධිපතිවරයා නොමැතිව පැවැති පක්ෂ නායක රැස්වීමට සහභාගි වීමට පියවර ගත්හ. එහිදී ආණ්ඩුව ගෙන යන දෙබිඩි පිළිවෙත සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව යටපත් කිරීමට දරන උත්සාහය දැඩිව විවේචනය කිරීමට සජිත් සහ අනුර කටයුතු කොට ඇති බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. එමෙන්ම රැස්වීමට සහභාගි වී සිටි ආණ්ඩුවේ ප්‍රධානීන් විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇති බවද ආරංචිය.

රනිල්-බැසිල් හමුවේ තොරතුරු!

මේ ආකාරයට පාර්ලිමේන්තුව ඇතුළේ මැතිවරණ පනත හදිසියේ සම්මත කරගැනීමට ආණ්ඩුව සියලු උත්සාහයන් දරන අතරවාරයේ ජනාධිපතිවරයා මෙම පනතට පොහොට්ටුවේ සම්පූර්ණ සහාය ලබාගැනීමටද විශේෂ වැඩපිළිවෙළක් දියත් කොට තිබිණි. ඒ, පොහොට්ටුවේ ප්‍රධානියා වූ බැසිල් රාජපක්ෂ මහතා සමග අතිශය රහසිගත සාකච්ඡා වටයක් පැවැත්වීම හරහාය. මෙම රහස් සාකච්ඡාවට ජනාධිපතිවරයාගේ පාර්ශ්වය නියෝජනය කරමින් සාගල රත්නයක සහ වජිර අබේවර්ධන සහභාගි වී සිටි අතර බැසිල් පිල නියෝජනය කරමින් සාගර කාරියවසම් සාකච්ඡාවට එක්ව සිටියේය. මෙහිදී සාකච්ඡාව ආරම්භයේ සිටම බැසිල් දැඩි ස්ථාවරයක සිටිමින් අදහස් දැක්වීම විශේෂ සිදුවීමක් විය. ජනාධිපතිවරයා තනතුරට පත්කරගැනීමෙන් පසු ආණ්ඩුව ශක්තිමත් කිරීම සඳහා පොහොට්ටුව පැත්තෙන් ඉදිරිපත් කළ යෝජනා කිසිවක් ක්‍රියාත්මක නොවීමත්, අඩුම තරමේ කැබිනට් අමාත්‍යවරුන් පත්කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනා හෝ ක්‍රියාත්මක නොවීමත් බැසිල්ගේ දැඩි විවේචනයට හේතුවී තිබිණි. මෙහිදී බැසිල් කෙතරම් තදින් අදහස් දැක්වූවද කියනවා නම් ඒ අවස්ථාවේදී බැසිල්ගේ කටින් මෙවැනි ප්‍රකාශක් පිටවුණු ආකාරයක් දැකගත හැකි විය.

බැසිල්ට ඡන්ද තිබ්බත් එකයි නැතත් එකයි!

‘මට මේ ඡන්ද තිබ්බත් එකයි නැතත් එකයි. ආණ්ඩුව ඒවා දින්නත් එකයි නැතත් එකයි. හැබැයි ආණ්ඩුව ශක්තිමත් කරන්න ඕන නම් අපි ඉදිරිපත් කරලා තියෙන යෝජනා ක්‍රියාත්මක කරන්න. පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට කැබිනට් ඇමැතිකම් දෙන්න…’ යනුවෙන් බැසිල් කියද්දී මතුව ඇති තත්ත්වය යටතේ ජනාධිපතිවරයාටද ඊට එකඟ නොවී සිටිය නොහැකි වාතාවරණයකට මුහුණ පා සිටි බවක් දැකගත හැකි විය.

පොහොට්ටුවෙන් 7යි ජනාධිපතිගෙන් 5යි!

ඒ අනුව බැසිල්ගේ යෝජනා ක්‍රියාත්මක කිරීමට එකඟතාව පළකළ ජනාධිපතිවරයා ඉතිරිව ඇති කැබිනට් ඇමැති ධුර 12න් පොහොට්ටුවට හතක් ලබාදීමට එකඟතාව පළ කළේය. ඉතිරි කැබිනට් ධුර 5 සඳහා ආණ්ඩුව අතුළේ සිටින තමන්ට හිතවත් මන්ත්‍රීවරුන් පත්කිරීමට ජනාධිපතිවරයා තීන්දු කොට තිබිණි. ඒ අනුව පොහොට්ටුව පැත්තෙන් මහින්දානන්ද අලුත්ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි, එස්.එම්. චන්ද්‍රසේන, රෝහිත අබේගුණවර්ධන ඇතුළු හත්දෙනකුටත්, ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් වජිර අබේවර්ධන, දුමින්ද දිසානායක, ජීවන් තොණ්ඩමාන් ඇතුළු පස්දෙනකුටත් කැබිනට් ඇමැති ධුර ලබාදීමට තීන්දු විය. එහිදී ජනතා විරෝධයක් මතුවීම වළක්වනු සඳහා ලබන 20 වැනි දිනට ප්‍රථමයෙන් කඩින් කඩ ඉතිරි කැබිනට් ඇමැතිවරුන් පත්කිරීමටත් මෙහිදී එකඟතාව ඇති විය.

කියපු දින පහුවෙයි! පණිවුඩ දෙපැත්තටම යයි!

කෙසේ වෙතත් මෙම සාකච්ඡාවෙදී 20 වැනිදා වන විට පූර්ණ කැබිනට් මණ්ඩල දිවුරුම් දීමට නියමිතව තිබුණත් ආණ්ඩුව ඇතුළේ මතුවූ විවිධ අර්බුද හේතුවෙන් එය කල් ඇදෙන ආකාරයෙන් දැකගන්නට ලැබිණි. ඒ අනුව පොහොට්ටුව පැත්තෙන් ඒ පිළිබඳ කළ සිහිකැඳවීම්වලදී ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් දැනුම් දී තිබුණේ මතුව ඇති අර්බුද හේතුවෙන් 20 වැනි දිනට ප්‍රථම එය සිදුකළ නොහැකි බවත්, 25 වැනිදා වන විට ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය පත්කරනු ඇති බවත්ය. නමුත් ඉන් අනතුරුව නැවත ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් බැසිල් පිලට ලැබී තිබුණු පණිවුඩයකින් කියවී තිබුණේ 25 වැනි දිනත් කැබිනට් සංශෝධනය සිදුනොවනු ඇති බවත්, තවත් සති කිහිපයක් එය පසුපසට යනු ඇති බවත්ය.

පනත නිසා ඇමැතිකම් දෙන්න වෙයි!

ඒ අනුව නැවත වතාවක් බැසිල්ගේ පාර්ශ්වයෙන් රනිල් පිලට පණිවුඩයක් ලැබිණි. ඒ වන විටත් මැතිවරණය කල් දමා ගැනීම සඳහා ගැසූ සියලු තුරුම්පු ආපසු කැරකී ගොස් ආණ්ඩුවට ඉතිරිව තිබුණේ පාර්ලිමේන්තුවට ගෙන එන මැතිවරණ වියදම් නියාමන පනත හරහා කෙසේ හෝ මැතිවරණය කල් දමාගැනීමට මඟ පාදාගැනීම පමණි. ඒ සඳහා පොහොට්ටුවේ සහාය අත්‍යාවශ්‍යය. පොහොට්ටුවේ සහාය පනත සම්මත කරගැනීමට නම් කෙසේ හෝ පොහොට්ටුවේ ඉල්ලීම් සපුරාලිය යුතු බවද රහසක් නොවේ. ඒ අනුව අවසානයේදී නැවත වතාවක් රනිල්ගේ පාර්ශ්වයෙන් බැසිල් පිලට එවනු ලැබූ පණිවුඩයකින් කියැවුණේ පොහොට්ටුවේ ඉල්ලීම් ඉටුකිරීමට ආණ්ඩුව සූදානම් බවය. මෙම පණිවුඩය පොහොට්ටුවට ලබාදීම සඳහා අගමැතිවරයාද මැදිහත් වී තිබිණ.

එකපාර 10ම දෙන්න බෑ මිනිස්සු කලබල වෙයි! මුලින්ම 2ක් දෙයි!

ඒ අනුව ජනාධිපතිවරයාගේ පැත්තෙන් යෝජනා වී තිබුණේ එකවර පොහොට්ටුවේ මන්ත්‍රීවරු 10 දෙනෙක් කැබිනට් අමාත්‍ය ධුරවල දිවුරුම් දුනහොත් එය රට ඇතුළේ දැඩි විරෝධයක් මතුවීමට තුඩුදිය හැකි කාරණාවක් විය හැකි බැවින් කඩින් කඩ පොහොට්ටු මන්ත්‍රීවරුන්ට ඇමැතිකම් ලබාදීමට සූදානම් යැයි කියාය. ඒ අනුව සංකේතාත්මකව එම වචනය සනාථ කිරීමට පළමු අදියරේදී පොහොට්ටුව පැත්තෙන් පවිත්‍රාටත්, ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ජීවන් තොණ්ඩමාන්ටත් කැබිනට් අමාත්‍ය ධුර ලබාදීමට තීන්දු විය. ඊට පොහොට්ටුවේද අනුමැතිය හිමි විය. පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී පෙරවරු 11.30ට පවිත්‍රාත්, ජීවනුත් අමාත්‍ය ධුරවල දිවුරුම් දුන්නේ එම එකඟතාවට අනුවය.

ඡන්දය කල්දාන්න පුලුවන්ද?

කෙසේ වෙතත් ආණ්ඩු මෙම පනත හරහා මැතිවරණය කල්දමා ගැනීමට උගුල් ඇටවුවත් අවසාන මොහොතේ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සහ මැතිවරණ කොමිසම එක්ව ඊට එක් කළ සංශෝධනයක් හරහා මැතිවරණය කල්දමා ගැනීමට අපහසු තත්ත්වයක් මතුව ඇති බවක්ද දැනගන්නට තිබේ. එහිදී නාමයෝජනා ගැසට් කොට දින 5ක් ඇතුළත මැතිවරණයට අදාළ නව රෙගුලාසි සකස් කළ යුතුව ඇති අතර, කොමිසම සූදානමින් සිටින්නේ දින 5ක් ඇතුළත එම රෙගුලාසි සකසා ලබා දී මැතිවරණය ක්‍රියාදාමය දිගටම පවත්වාගෙන යෑමටය.

විපක්ෂය ජාත්‍යන්තරයට ප්‍රශ්නය අරන් යයි!

කෙසේ වෙතත් ආණ්ඩුව මේ ආකාරයට මැතිවරණය කල්දැමීමට පාර්ලිමේන්තුව හරහා සිදුකළ සදාචාර විරෝධී කටයුත්ත පිළිබඳ ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංගමය සහ පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමය දැනුවත් කිරීමට විපක්ෂය තීන්දු කොට ඇත. පසුගිය බදාදා රාත්‍රියේදී මේ සම්බන්ධයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැති අතර එහිදී මෙම තීන්දුව ගැනීමට විපක්ෂය තීරණය කොට තිබිණි. එමෙන්ම පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් ෆින් මහතා මුණගැසුණු විපක්ෂයේ නියෝජිතයන් ආණ්ඩුව ගෙනයන මෙම අනීතික කටයුතු පිළිබඳ සම්පූර්ණයෙන්ම ඔහුව දැනුවත් කිරීමට පියවර ගෙන තිබිණි. ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම තොරතුරු දැනගැනීමෙන් අනතුරුව පෙදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම්වරයා පුදුමයට පත්ව සිටි බවකි.

කොමිසම ඡන්දයට ලෑස්තියි!

ඒ අනුව මේ වන විට මැතිවරණ කොමිසම සිටින්නේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා සියලු කටයුතු සූදානම් කරමිනි. එය නිමිති කොට ගෙන පසුගිය සිකුරාදා දිනයේදී සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාද සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූයේ කොළඹ නගර සභාවට තරග වැදීමටය. නමුත් මැතිවරණ ප්‍රතිඵලවලට අනුව ඉදිරියේදී ආණ්ඩුවට මුහුණ දීමට සිදුවන බරපතළ තත්ත්වය හොඳින්ම දන්නා ආණ්ඩුවේ නියෝජිතයන් කෙසේ හෝ මැතිවරණය කල්දමා ගැනීම සඳහා දරන උත්සාහයන් තවමත් නවත්වා නැත. ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුළත ආණ්ඩුව කුමක් කරාවිද යන්න පිළිබඳ සියලු දෙනාම අවධානයෙන් පසුවන බවද සඳහන් කළ යුතුය.

විදෙස් නියෝජිතයන් පෝලිමේ එයි! ඡන්දය තියන්න කියයි!

පසුගිය සතියේ විශේෂ නියෝජිතයන් දෙදෙනකු ලංකාවට පැමිණ ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ ඉහළ පෙළෙ නියෝජිතයන් මුණගැසීමට පියවර ගත්හ. ඉන් පළමුවැන්නා වූයේ ඇමෙරිකානු රජයේ මධ්‍යම සහ ආසියානු කලාපවල ආරක්ෂාව භාරව සිටින ඇය ලංකාවට පැමිණ ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා පැවැත්වීමට පියවර ගත්තාය. ඊට අමතරව පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් ෆින් මහතාද පසුගිය සතියේ ලංකාවට පැමිණ ජනාධිපතිවරයා ඇතුළු මැති ඇමැතිවරු මුණගැසීමට පියවර ගත්තේය. මෙහිදී සාකච්ඡා දෙකේදීම පොදු මාතෘකාවක් දෙපාර්ශ්වය අතර කතාබහට ලක්විය. එම පොදු මාතෘකාවක වූයේ අන් කිසිවක් නොව නිසි කලට මැතිවරණ පැවැත්විය යුතුය යන්නය. ඇමෙරිකානු ලේකම්වරියද, පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම්වරයාද මේ බව ජනාධිපතිවරයාටත්, ආණ්ඩුවටත් දැනුම් දීමට පියවර ගත්හ.

යුරෝපා කොමිසමත් ඡන්දය ඉල්ලයි!

මීට අමතරව යුරෝපා කොමිසමට අයත් රටවල් ගණනාවක්ම මේ වන විට ආණ්ඩුවට දැනුම් දී ඇත්තේ නිසි කලට මැතිවරණ පැවැත්විය යුතු යැයි කියාය. ඔවුන්ද ආණ්ඩුවට පෙන්වා දී ඇත්තේ ජාත්‍යන්තරය සමග සාධාරණ අයුරින් ගනුදෙනු කිරීමට අවශ්‍ය නම් ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් නිසි කලට මැතිවරණය පැවැත්විය යුතු බවකි. ඒ අනුව එකක් පැහැදිලිය. ඒ, දැනට රට මුහුණදී ඇති තත්ත්වයෙන් ගොඩ ඒමට නම් පළාත් පාලන ඡන්දය නිසි අයුරින් පැවැත්විය යුතු බවය. එසේ නොමැති වුවහොත් ජාත්‍යන්තරය විසින් ලබාදීමට නියමිත ආධාරවලට විශාල බලපෑමක් එල්ල වීම නොවැළැක්විය හැකි මට්ටමට පැමිණ ඇති බවක් දැකගන්නට තිබේ.

කොළඹ ගෙදර බැසිල්-රාජිත හමුව!

පසුගිය තෛපොංගල් දිනයේදී කොළඹ දේශපාලනයත් සමග ඉතා සමීපව ඇසුරු කරන එක්තරා කාන්තාවකගේ නිවෙසේ විශේෂ තෛපොංගල් උත්සවයක් පැවැත්විණි. සාමාන්‍යයෙන් මෙම කාන්තාව සෑම වසරකදීම පාහේ මේ ආකාරයට සිය නිවෙසේ තෛපොංගල් උත්සවයක් පවත්වන අතර ඊට පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දේශපාලකයන් පැමිණීම සාමාන්‍ය දසුනකි. ඒ අනුව පසුගියදා පැවැති උත්සවයට විශේෂ නියෝජිතයයෝ දෙදෙනකු සහභාගි වී සිටියහ. ඉන් එක් අයකු වූයේ පොහොට්ටුවේ මහමොළකරුවා වන බැසිල් රාජපක්ෂය. අනෙක් කෙනා වූයේ මේ දිනවල ‘ආණ්ඩුවට ඔන්න ගියා, මෙන්න ගියා’ යැයි කියැවෙන සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නය. එහිදී දෙදෙනා අතර විශේෂ සාකච්ඡාවක්ද පැවැතිවිණි. මෙහිදී සාකච්ඡාවට මාතෘකාව වූයේ රාජිත ආණ්ඩුවට එක්වීම පිළිබඳවය.

බැසිල් විරුද්ධ නෑලු! කතාව බොරුවක්ලු!

ඒ සම්බන්ධයෙන් මුලින්ම විමසමින් බැසිල් කියා සිටියේ රාජිත ආණ්ඩුවට එක්වී ඇමැතිකම් ගන්නවා තමන් විරුද්ධ බවට මතයක් දේශපාලන ක්ෂේත්‍රයේ පැතිර ඇති බවත්, තමන් ඊට කිසිසේත්ම විරුද්ධ නැති බවත්ය.
‘ඔයා මේ ඇමැතිකමක් ගන්නවට මම විරුද්ධයි කියලා හැමතැනම කතාවක් යනවා. මම ඒකට කිසිම විදියකින් විරුද්ධ වෙලා නැහැ. මොකද ඔයා අපිත් එක්ක වැඩ කරපු කෙනෙක්. ඒක හින්දා මමත් කියන්නේ ඔයා ආණ්ඩුව ඇතුළට ඇවිල්ලා අපිත් එක්ක එකතුවෙලා වැඩකරමු කියලා…’ යනුවෙන් බැසිල් කියද්දී රාජිත කියා සිටියේ, ‘කෝ මේ ජනාධිපතිතුමා මේක කල්දානවනේ… නැත්නම් මමත් කැමැතියි ආණ්ඩුවට එකතු වෙලා වැඩ කරන්න….’ යැයි කියාය. රාජිතගේ මෙම පිළිතුරට අනුව ඉදිරියේදී සිදුකිරීමට නියමිත ඇමැති ධුර ලබාදීමේදී රාජිතටද ඇමැතිකමක් ලබාදීමට ඇති ඉඩකඩ ඉතා ඉහළය.

දෙමළ සන්ධානයට සාකච්ඡා එපා වෙයි!

උතුරේ වාර්ගික ප්‍රශ්නයට විසඳුම් ලබාදීම සඳහා ජනාධිපතිවරයාගේ ආරාධනයෙන් මීට සති කිහිපයකට ඉහතදී දෙමළ ජාතික සන්ධානය සමග තවත් සාකච්ඡා වටයක් ආරම්භ වී තිබිණි. ඒ අනුව සාකච්ඡා වට දෙකකට දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරයා සමග සහභාගි වී තිබිණි. මෙහිදී ඔවුන් ජනාධිපතිවරයාට පෙන්වා දී තිබුණේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කළ යුතු බවත්, ඊට අනුව සියලු බලතල උතුරු නැගෙනහිර පළාත්වලට ලබාදිය යුතු බවත්ය. නමුත් මෙම සාකච්ඡාවලදී දෙමළ ජාතික සන්ධානයට අවබෝධ වී ඇත්තේ නැවත වතාවක් ජනාධිපතිවරයා සාකච්ඡා ඉදිරියට පත්වාගෙන යමින් කල් මැරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවකි. ඒ අනුව මේ වන විට දෙමළ ජාතික සන්ධානය තීන්දු කොට ඇත්තේ ජනාධිපතිවරයා සමග තවදුරටත් සාකච්ඡා නොකිරීමටය. ඒ බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා මේ වන විට මාධ්‍ය වෙත ප්‍රකාශ කිරීමටද කටයුතු කොට ඇත.

කපිල පුංචිමාන්නගේ

Share357Tweet223SendShare89
Previous Post

රාජිතයි බැසිලුයි හදිසි හමුවක්! ඇමැතිකම ගැන කතාබහක්! බැසිල් විරුද්ධ නෑ කියයි! රාජිතත් යන්න සූදානමින්! EXCLUSIVE

Next Post

ගම්පහ බලය අල්ලන්න ෆීල්ඩ් මාෂල් පෙරමුණ ගනී! මහා සෙනගක් එක්ක ගිහින් නාමයෝජනා බාරදෙයි! VIDEO

MORE NEWS

හදිස්සියට ඉල්ලන සල්ලි දෙන්නත් ණය පියවන හැටි පෙන්වන්න! ස්ථාවරත්වය පෙන්වන්න! IMF ලංකාවේ නියෝජිතයා පැහැදිලිවම කියයි!
Exclusive

තවම හොඳ හරිය පටන් ගත්තේ නෑ! ටිකක් බලන් ඉන්නකෝ! IMF එකත් එක්ක එන ‘මරු වැල්’ මෙන්න! VIDEO

March 21, 2023
අන්තිම මොහොතේ මාතරට දාපු හිච්චි රාජපක්ෂ පැටියා! විමල් වේදිකාවේදී නම කියලා දායි! (VIDEO)
Exclusive

පළාත් පාලන ඡන්දෙ ඉස්සුවා! JR ඡන්ද පෙට්ටි ඉස්සුවා! රනිල් ඡන්දෙ පිටින්ම ඉස්සුවා! ඒක අපි උසාවියේදී බලාගමු! JVP එක අද බලන්නේ රුපියල ගැන නෙමෙයි ඩොලරය ගැන! JVP එකට අද චරිත සහතික දෙන්නේ ජූලියා නෝනා! VIDEO

March 21, 2023
කව්රුත් ආදරය කරන නිළිය සුසන්තා චන්ද්‍රමාලිගේ ගෙදරට සජිත් ‌බෙහෙත් අරන් ගිය කතාවේ කවුරුත් නොදත් රහස් කතාව එළියට එයි!  VIDEO
Exclusive

කව්රුත් ආදරය කරන නිළිය සුසන්තා චන්ද්‍රමාලිගේ ගෙදරට සජිත් ‌බෙහෙත් අරන් ගිය කතාවේ කවුරුත් නොදත් රහස් කතාව එළියට එයි! VIDEO

March 21, 2023
අතරමං වෙලා හිටපු කතරගම අසරණ දරුවන්ට IT උගන්වලා කතරගම ලංකාවේ හොඳම IT නගරය කරන්න යන කෝටිපති ධම්මික පෙරේරා! දරුවන් 1000ක් ඉගෙන ගන්න පරිගණක 48ක සුපිරි පරිගණක විද්‍යාගාරයක්! VIDEO
Exclusive

අතරමං වෙලා හිටපු කතරගම අසරණ දරුවන්ට IT උගන්වලා කතරගම ලංකාවේ හොඳම IT නගරය කරන්න යන කෝටිපති ධම්මික පෙරේරා! දරුවන් 1000ක් ඉගෙන ගන්න පරිගණක 48ක සුපිරි පරිගණක විද්‍යාගාරයක්! VIDEO

March 21, 2023
රනිල් පාර්ලිමේන්තුවට ඇවිත් කිව්වේ පට්ටපල් බොරු! ඡන්දෙ කල් දැනවා කියලා හැමෝම බැන්නේ මුදල් ලේකම්ටයි-මුද්‍රණාලයාධිපතිනියටයි! හැබැයි අද රටට ඔප්පු වුණා ප්‍රජාතන්ත්‍රවාදයේ ඝාතකයා කව්ද කියලා! දැන් ඡන්දයේ දේහය තියෙන්නේ වික්‍රමසිංහ මල් ශාලාවේ! මරික්කාර්ගෙන් පසු ඩලස් පාර්ලිමේන්තුවේදී රනිල්ට දුවන්න දෙයි! VIDEO
Exclusive

මැතිවරණ කොමිසමට අත තිබ්බා! අධිකරණයට අත තිබ්බා! ඊළඟට අත තියන්නේ මාධ්‍යයට! රනිල් ඔක්කොම බුල්ඩෝසර් කරන්නයි හදන්නේ! මේක සියලු එකතු වෙලා සටන් කළ යුතු වෙලාවක්! පුරවැසියෙක් වෙනවද? යටත්වැසියෙක් වෙනවද? තීන්දුව ඔබ අතේ! ඩලස්ගෙන් සැර කතාවක්! VIDEO

March 21, 2023
IMF ප්‍රධානියා හදිසියේම ඉන්දියාවට එයි! ලංකාව ගැන කතා කරන්න නිලධාරීන් ඉන්දියාවට කැඳවයි!
Exclusive

‌ඩොලර් බිලියන 7ක් ගන්න IMF අනුමැතිය ලැබුණා -ජනාධිපති මාධ්‍ය අංශය! අද රනිල් ජාතිය අමතයි! ඩොලර් බිලියන 3ක් දෙනවා! IMF එකෙන් නිවේදනයක්!

March 21, 2023
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
හදිස්සියට ඉල්ලන සල්ලි දෙන්නත් ණය පියවන හැටි පෙන්වන්න! ස්ථාවරත්වය පෙන්වන්න! IMF ලංකාවේ නියෝජිතයා පැහැදිලිවම කියයි!
Exclusive

තවම හොඳ හරිය පටන් ගත්තේ නෑ! ටිකක් බලන් ඉන්නකෝ! IMF එකත් එක්ක එන ‘මරු වැල්’ මෙන්න! VIDEO

March 21, 2023

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ඉදිරිපත් කර ඇති භයානක කොන්දේසි මොනවාද යන්න ඉදිරියේදී බලා ගත හැකි වනු ඇති බව වාසුදේව නානායක්කාර...

Read more
අන්තිම මොහොතේ මාතරට දාපු හිච්චි රාජපක්ෂ පැටියා! විමල් වේදිකාවේදී නම කියලා දායි! (VIDEO)

පළාත් පාලන ඡන්දෙ ඉස්සුවා! JR ඡන්ද පෙට්ටි ඉස්සුවා! රනිල් ඡන්දෙ පිටින්ම ඉස්සුවා! ඒක අපි උසාවියේදී බලාගමු! JVP එක අද බලන්නේ රුපියල ගැන නෙමෙයි ඩොලරය ගැන! JVP එකට අද චරිත සහතික දෙන්නේ ජූලියා නෝනා! VIDEO

March 21, 2023
කව්රුත් ආදරය කරන නිළිය සුසන්තා චන්ද්‍රමාලිගේ ගෙදරට සජිත් ‌බෙහෙත් අරන් ගිය කතාවේ කවුරුත් නොදත් රහස් කතාව එළියට එයි!  VIDEO

කව්රුත් ආදරය කරන නිළිය සුසන්තා චන්ද්‍රමාලිගේ ගෙදරට සජිත් ‌බෙහෙත් අරන් ගිය කතාවේ කවුරුත් නොදත් රහස් කතාව එළියට එයි! VIDEO

March 21, 2023
අතරමං වෙලා හිටපු කතරගම අසරණ දරුවන්ට IT උගන්වලා කතරගම ලංකාවේ හොඳම IT නගරය කරන්න යන කෝටිපති ධම්මික පෙරේරා! දරුවන් 1000ක් ඉගෙන ගන්න පරිගණක 48ක සුපිරි පරිගණක විද්‍යාගාරයක්! VIDEO

අතරමං වෙලා හිටපු කතරගම අසරණ දරුවන්ට IT උගන්වලා කතරගම ලංකාවේ හොඳම IT නගරය කරන්න යන කෝටිපති ධම්මික පෙරේරා! දරුවන් 1000ක් ඉගෙන ගන්න පරිගණක 48ක සුපිරි පරිගණක විද්‍යාගාරයක්! VIDEO

March 21, 2023
රනිල් පාර්ලිමේන්තුවට ඇවිත් කිව්වේ පට්ටපල් බොරු! ඡන්දෙ කල් දැනවා කියලා හැමෝම බැන්නේ මුදල් ලේකම්ටයි-මුද්‍රණාලයාධිපතිනියටයි! හැබැයි අද රටට ඔප්පු වුණා ප්‍රජාතන්ත්‍රවාදයේ ඝාතකයා කව්ද කියලා! දැන් ඡන්දයේ දේහය තියෙන්නේ වික්‍රමසිංහ මල් ශාලාවේ! මරික්කාර්ගෙන් පසු ඩලස් පාර්ලිමේන්තුවේදී රනිල්ට දුවන්න දෙයි! VIDEO

මැතිවරණ කොමිසමට අත තිබ්බා! අධිකරණයට අත තිබ්බා! ඊළඟට අත තියන්නේ මාධ්‍යයට! රනිල් ඔක්කොම බුල්ඩෝසර් කරන්නයි හදන්නේ! මේක සියලු එකතු වෙලා සටන් කළ යුතු වෙලාවක්! පුරවැසියෙක් වෙනවද? යටත්වැසියෙක් වෙනවද? තීන්දුව ඔබ අතේ! ඩලස්ගෙන් සැර කතාවක්! VIDEO

March 21, 2023

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

Go to mobile version