• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Monday, September 25, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Rajya Rahas

චීන ඔත්තු නැව තුන්කොන් සටනක පෙරනිමිත්තක්ද? නෝනා නිසා රනිල් බේරුණු හැටි! අමෙරිකාව නැව ගැන වාර්තාවක් රනිල්ට බාර දෙයි! 22 අස්සේ මහජන්දෙකට යන්න ආණ්ඩුව වංගුවක් ගහලා! කැබිනට් ඇමැතිකම්වලට පොහොට්ටුවෙන් නම් 4ක් රනිල්ට යවයි! ඇමැතිකම ගැන හර්ෂ සජබෙට කියපු කතාව! ජවිපෙ අලුත්ම සටන් පාඨය! (රාජ්‍ය රහස්) EXCLUSIVE

August 14, 2022
in Exclusive, Rajya Rahas
Reading Time: 19 mins read
A A
බැසිල්ට කුණුහරුපෙන් බැන්න විමල්ලා බැසිල් එක්කම යළි ඩීල් දැපු හැටි අතේ පත්තු වෙයි! සියඹලාපිටිය නාඩගමේදී පොහොට්ටුවයි-ස්වාධීන 40යි එකතු වෙලා ගහපු ගේම! මහින්ද දුන් ලණුවක් විමල් අමුවෙන්ම ගිලියි! රනිල්ගේ රෙදි ගැලවෙයි! ඩීල් එක හෙළිවෙයි! (රාජ්‍ය රහස්)
Share on FacebookShare on Twitter

වෙල්ගමටත් ත්‍රිපුද්ගල කමිටුවක්!

ප්‍රමිත නැවේ සුලුමුල හොයයි!

රාජ්‍ය රහස් කතාව රංගේ ඔප්පු කර ලෙන්වයි!

නැවේ අර්බූදය තවම ඉවර නෑ!

පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප ලංකාව මෑත කාලයේ මුහුණදී ඇති බරපතළම රාජ්‍යතාන්ත්‍රික අර්බුදය වූ ‘යුආන් වැන්ග් 5’ නමැති චීන ඔත්තු බැලීමේ නැව පිළිබඳ අතිවිශේෂ හෙළිදරව්වක් කිරීමට පියවර ගත්තෙමු. කිසිදු මාධ්‍යයක් මේ පිළිබඳ කතා නොකොට වුවමනාවෙන් හෝ වෙනත් හේතු මත චීන නැව සම්බන්ධයෙන් කිසිවක් වාර්තා නොකර සිටි පසුබිමක් යටතේ අප එහි සියලු තොරතුරුත්, ඊට එරෙහිව මතුවූ ජාත්‍යන්තර විරෝධයත් එකින් එක අපගේ ‘රාජ්‍ය රහස්’ පාඨකයන් වෙනුවෙන් ලියා තැබීමට පියවර ගත්තෙමු. එහිදී අප කියා සිටියේ මෙම චීන නැව හේතුවෙන් ඉන්දියාව සහ ඇමෙරිකාව දැඩි කලබලයට පත්ව සිටින බවත්, ඊට සිය විරෝධය නිල වශයෙන් ආණ්ඩුව වෙත දැනුම්දීමට පියවර ගෙන තිබූ බවත්ය. විශේෂයෙන්ම ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා සහ ඇමෙරිකානු තානාපතිවරිය වන ජූලි චන්ග් නිල වශයෙන් සිය විරෝධය විදේශ අමාත්‍යාංශය වෙත දැනුම්දී ඇති බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවා හමුවී ඔවුන් මේ පිළිබඳ විරෝධය ප්‍රකාශ කර තිබූ බවත් අපි වාර්තා කළෙමු. එම සාකච්ජාවලදී නිශ්චිත වශයෙන්ම 11 වැනි බ්‍රහස්පතින්දා දිනයේ නැව ලංකාවට පැමිණීමේ වාතාවරණයක් ගොඩනැඟී තිබූ නිසා නැව පැමිණීම නැවැත්වීමට අවශ්‍ය හේතු ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා එහිදී ජූලි චන්ග් මහත්මියට දැනුම්දී තිබූ බවක්ද පසුගිය සතියේ අපි වාර්තා කළෙමු.

චන්ග් අමෙරිකාවට පණිවුඩය තියයි!

ඒ අනුව පසුගිය සති අන්තය වන විට ඇමෙරිකානු තානාපතිවරිය රනිල්ගේ මේ ප්‍රතිචාරය ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත වාර්තා කිරීමට පියවර ගත්තාය. එහිදී ඇය දැනුම්දී සිටියේ චීන නැව නැවැත්වීමට අවශ්‍ය නම් හෝ එය පැමිණීමට විරුද්ධ නම් ඊට හේතු මොනවාද යන්න ජනාධිපතිවරයා විසින් විමසා සිටින බවකි. මෙම දැනුම්දීමත් සමග ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පසුගිය සති අන්තයේදීම යුආන් වැන්ග් 5 නෞකාව සම්බන්ධයෙන් වූ සියලු තොරතුරු ඇතුළත් අතිශය රහසිගත වාර්තාවක් චන්ග් වෙත ලැබිමට සැලැස්වීය. පිටු ගණනාවකින් සමන්විත වූ මෙම වාර්තාවේ අදාළ චීන නෞකාව කුමන වර්ගයේ එකක්ද, ඊට කළ හැකි කාර්යයන් මොනවාද යනාදී සියලු කරුණු අන්තර්ගත කිරීමට ඇමෙරිකාව පියවර ගෙන තිබිණි.

අමෙරිකාව වාර්තාවත් අරන් යයි!

මෙම වාර්තාව ලද සැණින් චන්ග් කළේ ජනාධිපතිවරයා සමග නැවත මුහුණට මුහුණ සාකච්ඡාවක් පැවැත්වීමට පියවර ගැනීමය. එහිදී තානාපතිවරිය අදාළ වාර්තාව ජනාධිපතිවරයා වෙත භාරදී ඇති බවත්, එම නැව ලංකාවට පැමිණියහොත් ඇමෙරිකාව පැත්තෙන් බරපතළ ප්‍රශ්න ගණනාවක් උද්ගත වනු ඇති බවත් නොනිල ලෙස ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බවත් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.

චීනය උදව් කරයිද?

කෙසේ වෙතත් ඉන්දියාව සහ ඇමෙරිකාව චීන නැව පැමිණිමට එරෙහිව තිරය පිටුපස දැවැන්ත සටනක් දියත් කර තිබියදී චීනයද අතපය බැඳගෙන නිකම් සිටියේ නැත. විශේෂයෙන්ම ලංකාව දැනට ඉතිහාසයේ මුහුණ දී සිටින බරපතළම ආර්ථික අර්බුදයට මුහුණ සිටියදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත්, USAID සංවිධානයේ ප්‍රධානියා ලෙස පත්ව සිටින සමන්තා පවර් මහත්මියත් ලංකාවට දැනුම්දී තිබුණේ මූල්‍ය අරමුදලේ සහාය ලංකාවට ලබාගැනීමට නම් පළමුව චීනයෙන් ලබාදී ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීමට පියවර ගත යුතු යැයි කියාය. එසේ නොවන්නේ නම් මූල්‍ය අරමුදලේ සහාය ලංකාවට ලබාදිය නොහැකි බව මූල්‍ය අරමුදල නොනිල වශයෙන් ලංකාවට දැනුම්දීමට පියවර ගෙන තිබිණි. ඒ අනුව ඉතිරිව ඇති එකම විකල්පය වූ මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීමට නම් අනිවාර්යයෙන්ම ලංකාවට චීනය සමග සාකච්ඡා කොට මෙතෙක් ලබාගෙන ඇති ණය නැවත ගෙවීමේ කාලය දීර්ඝ කරගැනීමට පියවර ගත යුතුය.

එන්නේ මානුෂික හේතුවකට!

නමුත් මේ වන විට වැන්ග් 5 නෞකාව සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය මුල් කරගෙන යම් හෙයකින් චීන නැවේ ලංකා ගමන නැවැත්වුවහොත් චීනය මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවලින් සම්පූර්ණයෙන්ම ඉවත් වීමේ අවදානමක්ද මතුව තිබේ. එපමණක් නොව, චීනය සම්පූර්ණයෙන්ම මෙතෙක් ලංකාවට ලබාදුන් සහායද අවසන් කරනවා නිසැකය. එසේ වුවහොත් මූල්‍ය අරමුදලෙන් ලැබීමට නියමිත මුදල් අහිමි වනවා පමණක් නොව චීන සහායද නොලැබී යෑම තුළ ලංකාවේ ආර්ථික අර්බුදයට විසඳුමක් සොයා ගැනීම ඉතා අසීරු තත්ත්වයකට පත්වනවා ඇත.
ඒ අනුව චීනයේ ශ්‍රී ලංකා තානාපතිවරයා වන කී ෂෙන්හොන්ග් මහතා අවස්ථා දෙකකදී ජනාධිපතිවරයා මුණගැසී වැන්ග් 5 නෞකාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පියවර ගත්තේය. එම සාකච්ඡාවලදී චීන තානාපතිවරයා ජනාධිපතිවරයාට පෙන්වා දී තිබුණේ චීන නැව පිටත් වුණේ ලංකාවෙන් ඊට ඇතුළු වීමට නිකුත් කර තිබූ අවසරය හේතුවෙන් බවත්, එය මෙතෙක් කිසිදු වරායක නැවැත්වීමක් නොකොට මාසයකට ආසන්න කාලයක් තිස්සේ යාත්‍රා කරමින් සිටින බවත්, ඒ හේතුවෙන් නැවට ඉන්ධන මෙන්ම නාවිකයන්ට අවශ්‍ය ආහාරපාන ලබාගත යුතුව ඇති නිසා අතිශය මානුෂික හේතු මුල් කරගෙන මෙම නැව හම්බන්තොට වරාය වෙත පැමිණෙන බවත්ය. එහිදී ජනාධිපතිවරයාද චීන නැව මුල් කරගෙන දැනට මතුව ඇති ප්‍රශ්න පිළිබඳ චීන තානාපතිවරයා දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවක් ආරංචිය.

බරපතළම අනතුරු ඇගවීමක්!

කෙසේ වෙතත් මෙම තත්ත්වය යටතේ චීනය පාර්ශ්වයෙන් මේ වන විට ආණ්ඩුවට අතිශය බරපතළ රතු එළියක් නිකුත් වී ඇති බවත් අප හට වාර්තා වී තිබේ. එම රතු එළිය වන්නේ ඉන්දීය හා ඇමෙරිකානු බලපෑම මත චීන නෞකාවේ ලංකා ගමන වැළැක්වීමට ලංකාව පියවර ගන්නේ නම් එය ජීවිත කාලයටම චීන – ලංකා සබඳතාවලට බරපතළව බලපානු ඇති බවකි.

කල් දාන්න කියයි!

චීනය පැත්තෙන් මෙම බරපතළ රතු එළියක් නිකුත් කර තිබියදීත් අවසානයේදී ලංකාව තින්දු කළේ වැන්ග් 5 නෞකාවේ ලංකා ගමන අත්හිටුවීමටය. ඒ බව විදේශ අමාත්‍යාංශය මගින් චීනයට දැනුම් දීමට පියවර ගෙන තිබූ අතර එම පණිවුඩයෙන් කියැවුණේ චීන නැවේ ලංකා ගමන ප්‍රමාද කිරීමට පියවර ගත යුතු යැයි කියාය. ලංකාවේ මේ ප්‍රතිචාරයත් සමග චීනයද නිකම් සිටියේ නැත. වහාම ඊට ප්‍රතිචාර දැක්වීමට පියවර ගත් චීනය මෙම සතිය තුළදී ලංකාවේ සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් චීනයේ සිදුකිරීමට නියමිතව තිබූ දැවැන්ත ප්‍රචාරාත්මක වැඩසටහනක් සඳහා ලබාදීමට තිබූ සියලු චීන සමාජ මාධ්‍යවල සහාය අත්හිටුවීමට පියවර ගත්තේය. පසුගිය කාලයේදී ලංකාවේ සංචාරක කර්මාන්තයෙන් වැඩි කෝටාවක් වෙන්කරගෙන තිබුණේ චීන සංචාරකයන්ගෙන්ය. මතුව ඇති අර්බුදය හමුවේ චීනය ගත් මෙම තීරණයෙන් නොකියා කියැවුණේ සිය සංචාරකයන්ට ලංකාවට නොයන ලෙස චීනය දැනටමත් නොනිල වශයෙන් තීරණයක් ගෙන ඇති බවය. එසේ වුවහොත් එය තවත් වටයකින් ලංකාවේ ආර්ථිකයට බරපතළ පහරක් එල්ල කරනවා නොඅනුමානය.

නැව තියෙන තැන!

අනෙක් අතට චීන නෞකාවද සිය ගමන් මාර්ගය කිසිදු වෙනස් කිරීමකට ලක් නොකොට පසුගිය බ්‍රහස්පතින්දා වන විටත් ලංකාව දෙසට මුහුණලා සිය ගමන් මාර්ගය සකස් කරගෙන තිබිණි. වරෙක ලංකා ආණ්ඩුවෙන් නෞකාවේ ගමන අත්හිටුවන ලෙස දැනුම් දීමත් සමග එම නෞකාව සිය වේගය වැඩිකර ලංකාව දෙසට ගමන් කිරීමට පියවර ගත්තේය. නමුත් ඒ සමගම රටවල් රැසක් දැඩි ලෙස කලබලයට පත්ව ඊට එරෙහිව ප්‍රතිචාර දැක්වීමත් සමග අදාළ නෞකාව සිය වේගය අඩාළ කිරීමට පියවර ගත් ආකාරයක්ද නිරීක්ෂණය විය. ඒ අනුව පසුගිය බ්‍රහස්පතින්දා වන විට මෙම නැව ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් ආසන්නව පිහිටා ඇති ‘නයින්ටි ඊස්ට් රිජ්ඩ්’ ලෙස හැඳින්වෙන මුහුදු පත්ලේ ඇති කඳු පන්තිය මත ඉතා අඩු වේගයකින් ඉහළ පහළ යන ආකාරයක් දැකගත හැකිව තිබිණි.

ඉන්දියාව අවුලෙන්!

කෙසේ වෙතත් මේ වන විට මෙම නැව ලංකාවට පැමීණියද නොපැමිණියද නැව මුල්කොට ගෙන ජාතික මෙන්ම ජාත්‍යන්තරවද විශාල ප්‍රශ්න ගණනාවකට ලංකාවට මුහුණ දීමට සිදුව අවසානය. චීන නැවට හම්බන්තොටට පැමිණීමට අවසර දීම මුල් කරගෙන මේ වන විට ඉන්දියාව අපත් සමග පසුවන්නේ අමනාපයකිනි. පසුගිය අසීරු සමයේ අන් කිසිදු රටක් ලංකාවට උදව් නොකරද්දී ඉන්දියාව ඉන්ධන, ආහාර, ඖෂධ ලබාගැනීම සඳහා ලංකාවට ඩොලර් බිලියන 4කට ආසන්න ණය පහසුකමක් ලබාදීමට පියවර ගත්තේය. නමුත් ඒ කිසිවක් නොතකා ඉන්දියාව විරෝධය පළකරන බව දැන දැනත් චීන නැවට ලංකාවට පැමිණීමට අවසර ලබාදීම හරහා ඉන්දියාව යම් අසීරුතාවකට පත්කිරීමට ආණ්ඩුව පියවර ගෙන තිබේ. අනෙක් අතට ඉන්දීය සාගර සීමාවේ චීන ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම ඇතුළු කරුණු ගණනාවක් මුල් කරගෙන ඉන්දීයාව, ඇමෙරිකාව, ජපානය සහ ඔස්ටේ්‍රලියාව ඒකාබද්ධව පිහිටුවාගෙන සිටින ූඹ්ෘ සංවිධානයද මේ සිදුවීම හරහා යම් ඇවිස්සීමකට ලක්ව සිටින බවක් දැකගන්නට පුළුවන. විශේෂයෙන්ම ඇමෙරිකාව සිය විරෝධය නිල වශයෙන් ලංකා ආණ්ඩුවට දැනුම් දුන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසය. මීට අමතරව අවසානයේදී චීන නැවට පැමිණිමට අවසර ලබාදී පසුව එය වෙනස් කිරීම හේතුවෙන් සිදුවූ මදිපුංචිකම නිසා චීනයද දැන් සිටින්නේ කෝපයට පත්වය. ඒ අනුව දැන හෝ නොදැන කවුරුන් විසින් හෝ චීන නැවට ලංකාවට පැමිණීමට අවසර ලබාදීම හරහා රටවල් 3ක ගැටුමකට ලංකාව මැදිකොට ඇති බවක් දැකගැනීමට හැකිය.

නැවට එන්න දුන්නේ කොහොමද-කව්ද?

එසේ නම් මේ චීන නැවට ලංකාවට පැමිණීමට අවසර දුන්නේ කවුද? මෙම නැව පැමිණීමේ සුලමුල කුමක්ද? ඊට අවසර දුන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවෙන්ද? එසේත් නැත්නම් රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවෙන්ද? නැවට අවසර ලබාදීමේදී නැවේ ‘කැටලොග්’ එක හෙවත් එහි තොරතුරු ඇතුළත් දත්ත පරීක්ෂා කළේ නැද්ද? නැවට අනුමැතිය දීමේදී නිසි ක්‍රමවේදය අනුගමනය කළාද? නැතහොත් නැවට පැමිණීමට ඉඩ දීම කුමන්ත්‍රණයක්ද? ඒ පිළිබඳ විමර්ශනයක් කරනවාද යනාදී වශයෙන් මේ වන විට රට ඉදිරියේ බරපතළ ප්‍රශ්න ගණනාවක් පැනනැගී අවසන්ය.

මෙහිදී ඇතැම් පාර්ශ්වයන් කියන්නේ සාමාන්‍ය ලියුමක් මාර්ගයෙන් මෙම නැවට පැමිණීමට අවසර ඉල්ලා ඇති බවත්, ආරක්ෂක අමාත්‍යාංශයේ සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ පහළ මට්ටමින් ඊට අවසර ලබාදී ඇති බවත්ය. නමුත් ගැටලුව වී ඇත්තේ මෙවැනි නැවක් සම්බන්ධයෙන් එවැනි පියවරක් අනුගමනය කළ හැකිද යන්න පිළිබඳවය.

යුරෝපා කොමිසම රනිල් හමුවන්න එයි!

මේ සියල්ල මධ්‍යයේ පසුගිය බදාදා දිනයේදී විශේෂ පිරිසක් ජනාධිපතිවරයා මුණගැසීමට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණියේය. ඒ, යුරෝපා කොමිසමට අයත් රටවල තානාපතිවරුන්ය. මෙම තානාපතිවරුන් රනිල් මුණගැසීමට පැමිණ තිබුණේ ආණ්ඩුවට බරපතළ අනතුරු ඇඟවීම් කිහිපයක්ද සමගය. විශේෂයෙන්ම රනිල් සමග පැවැති සාකච්ඡාවේදී ඔවුන් ගෝඨා ගෝ ගම සාමකාමී අරගලකරුවන්ට එල්ල කළ ප්‍රහාරය ඇතුලු අරගලකරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සිය අප්‍රසාදය ආණ්ඩුවට පළකර සිටීමට පියවර ගත් බවක් ආරංචිය. සිවිල් සහ මානව හිමිකම් ආරක්ෂා කිරීමේ වැදගත්කම මෙන්ම සියල්ලටත් වඩා ප්‍රකාශනයේ නිදහස, විසම්මුතියට ඇති අයිතිය පිළිබඳ මෙහිදී යුරෝපා කොමිසමේ තානාපතිවරුන් විසින් රනිල් සමග අදහස් හුවමාරු කරගෙන ඇති බවත් දැනගන්නට ඇත.

කරුණු 3ක් පෙන්වයි!

එමෙන්ම එහිදී අවසන් වශයෙන් කරුණු 3ක් මතක් කිරීමටද යුරෝපා තානාපතිවරුන් පියවර ගෙන ඇත. ඒ, ජී.එස්.පී. ප්ලස් සහනය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම සහ ජිනීවා මානව හිමිකම් කොමිසම යන කරුණු 3ය. ජී.එස්.පී. ප්ලස් සහනය ලංකාවට හිමිවන්නේ යුරෝපා කොමිසමේ ඍජු දායකත්වය, අනුමැතිය යටතේය. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීමට යුරෝපා කොමිසමේ සහාය අත්‍යාවශ්‍යය. මන්ද ලංකාවට ආර්ථික සහාය ලබාදෙන්නේද යන්න සම්බන්ධයෙන් පවත්වන ඡන්ද විමසීමේදී යුරෝපා කොමිසමටද තීරක බලයක් හිමිවීම හේතුවෙනි. අනෙක් අතට ජිනීවා මානව හිමිකම් රැස්වීමේදීද මෙවර ලංකාවට එරෙහිව යෝජනාවක් සම්මත වීමේ අවදානමක් මතුව තිබේ. එහිදීද යුරෝපා කොමිසමට විශාල කාර්යභාරයක් සිදුකිරීමට හැකියාව තිබේ. ඒ අනුව මෙම සාකච්ඡාවේදී යුරෝපා කොමිසම ආණ්ඩුවට දැනුම්දී ඇත්තේ තවදුරටත් ආණ්ඩුව ජනතාවගේ ප්‍රකාශන නිදහසට බාධා කරන අයුරින් කටයුතු කරන්නේ නම් ජී.එස්.පී. ප්ලස්, මුල්‍ය අරමුදල සහ ජිනීවා යන මාතෘකා තුනේදීම එම කොමිසමේ සහාය ලංකාවට ලබාදීම සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නයක් මතුවන බවකි. ඒ අනුව අලි මදිවාට කොටි කිව්වා සේ දැඩි මූල්‍ය අර්බුදයක් හමුවේ ලංකාවට ජාත්‍යන්තරය සමගද හැප්පීමට මේ වන විට සිදුව ඇති බවක් දැකගන්නට තිබේ.

වීරසේකර චීන නැවට එන්න දෙන්න කියයි!

මේ අතර පසුගිය සඳුදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී චීන නැවට අදාළ පුවත ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබිණි. මෙහිදී රැස්වීම ආරම්භයේදීම සරත් වීරසේකර ඒ පිළිබඳ රනිල්ගෙන් ප්‍රශ්න කරමින් චීන නැවට ලංකාවට පැමිණීමට අවසර ලබාදිය යුතු බවත්, ඉන්දීය විරෝධය හමුවේ එවැන්නක් කරන්නේ නම් එය පිළිගත නොහැකි බවත් කියා සිටියේය.

‘අපිට මතකයි 87දී ඉන්දියාව අපට කරපු දේවල්. ඒගොල්ලෝ ඉන්දියන් හමුදාව එව්වා. උඩින් ඇවිල්ලා යාපනයට පරිප්පු දැම්මා. මේ විදිහට ඉන්දියාවට ඕන ඕන දෙවල් කරන්න දෙන්න බෑ. අපි චීන නැවට එන්න දෙන්න ඕනෙ. චීනය එදා ඉඳලම අපිත් එක්ක හිටපු රටක්. ඒ නිසා අපි එක එක්කෙනා කියන විදියට තීරණ ගන්නෙ නැතිව අපිට ඕන විදියට තීන්දු ගන්න ඕනෙ….’ යනුවෙන් සරත් වීරසේකර කියද්දී රනිල් තරමක් අප්‍රසාදයෙන් යුතුව ඊට පිළිතුරු දෙන ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව ඇඟ බේරාගන්නා උත්තරයක් දුන් රනිල් කියා සිටියේ රටවල් තරහා කර නොගෙන මේ අවස්ථාවේ වැඩකටයුතු කළයුතු යැයි කියාය.

රාඝවන්ගේ කතාවට මහින්ද-රනිල් කලබල වෙයි!

එහිදී සුරේන් රාඝවන් කියා සිටියේ අමුතුම කතාවකි. රාඝවන් කීවේ හම්බන්තොට වරාය චීනයට අයත් නිසා ඕනෑම වෙලාවක චීනයට සිය නැව් ඊට රැගෙන ආ හැකි බවකි. නමුත් රාඝවන්ගේ මේ අමුතු කතාවට වහාම කලබල වූ හිටපු ජනාධිපති මහින්ද කීවේ එම කතාව සම්පූර්ණයෙන්ම වැරැදි බවකි.

‘නෑ නෑ… හම්බන්තොට වරාය චීනයට සින්නක්කරව දීලා නෑ. ඒක චීනෙට බදු දීලා විතරයි තියෙන්නේ. එහෙමයි කියලා ඒ අයට ඕනෙ ඕනෙ වෙලාවට ඕනෙ ඕනෙ නැව් හම්බන්තොටට අරන් එන්න බෑ…’ යැයි මහින්ද කියද්දී රනිල්ද එය අනුමත කරමින් වහාම එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා ලෙසට රාඝවන්ට දැනුම් දී සිටියේය. ඒ අනුව රාඝවන් සිය ප්‍රකාශය ඉල්ලා අස්කර ගැනීමට පියවර ගත්තේය.

ප්‍රමිත සුලමුල අහයි!

කෙසේවෙතත් මෙහිදී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් විමසා සිටියේ මෙවැනි රාජ්‍යතාන්ත්‍රික අර්බූදයක් මතුවීමට පාර කැපුවේ කවුරුන්ද යන්න කියාය. මෙම නැවට පැමිණීමට අවසර ලබා දුන්නේ කවුරුන් විසින් කවදාද යන්න කියාය. ඊට පිළිතුරු දුන්නේ විදේශ ඇමැති අලි සබ්‍රිය. සබ්‍රි කියා සිටියේ ජුලි 12 වැනිදා එම නෞකාවට අවසර ඉල්ලා ඇති බවත්, ජුලි 14 වැනිදා ඊට අවසර ලබා දී ඇති බවත්ය. විදේශ අමාත්‍යංශයේ සහ ආරක්ෂක අමාත්‍යංශයේ පහළ මට්ටමින් ඊට අවසරය ලබා දී ඇති බවද සබි්‍ර එහිදී කියා සිටියේය. නැවතත් ප්‍රමිත එහිදී ප්‍රශ්න කරමින් රටම ගිනිගෙන තිබුණු එම දින කිහිපය ඇතුළත මෙවැනි නැවකට පැමිණීමට අවසර ලබා දීම සම්බන්ධයෙන් ප්‍රශ්න කර සිටියත් ඊට නිසි පිළිතුරක් ලැබුණේ නැත.

9 මොකද වෙන්නේ!

ඉන් අනතුරුව මන්ත්‍රීවරුන් රනිල්ගෙන් විමසා සිටියේ 09 වැනිදා පවත්වනවා යැයි විශාල ප්‍රචාරයක් ලබාදී තිබූ අරගලය පිළිබඳවය. එහිදී රනිල් කියා සිටියේ ඉකුත් මාසවල සිදුවූ පරිදි විශාල විරෝධතා පැවැත්වෙනු ඇති බවක් තමන් නොසිතන බවත්, තමන්ට ලැබී ඇති තොරතුරුවලට අනුව ජවිපෙ සහ පෙරටුගාමීන් විහාරමහා දේවි උද්‍යානයේ සිට නිදහස් චතුරස්‍රය දක්වා විරෝධතා පාගමනක් සංවිධාන කොට ඇති බවත්ය. එහිදී ජවිපෙ සහ පෙරටුගාමීන් එක්ව තමන් කොටුකිරීමට ගත් සැලසුමක් පිළිබඳවත්, එය සිය බිරිය වූ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය මුල් කරගෙන වැළකී ගිය ආකාරය පිළිබඳවත් රනිල් පිරිසට සඳහන් කරද්දී මන්ත්‍රී කණ්ඩායම ඒ පිළිබඳ දැනගැනීමට නොඉවසිල්ලෙන් සිටි ආකාරයක් දැකගත හැකි විය.

නෝනා ගැන රනිල් කියපු කතාව!

‘නෑ, ජේ.වී.පී. එකයි පෙරටුගාමීනුයි මාව කොටුකරන්න තමයි ලෑස්ති වෙලා ඉඳලා තියෙන්නේ. එදා මමයි මෛත්‍රීයි තැන් දෙකක හිටියේ. මම රැස්වීමට යන්න ලෑස්ති වෙලයි හිටියේ. ඒ ලෑස්ති වෙද්දී මෛත්‍රී මට දෙපාරක් කතා කරලා කිව්වා එයා ඉන්න තැනට එන්න කියලා. මම ඉතින් වැඩිය ගණන් ගන්නෙ නැතිව රැස්වීමට යන්නයි ලෑස්ති වුණේ. හැබැයි තුන්වැනි පාර මෛත්‍රී කතා කරලා ටිකක් සැරෙන් කිව්වා එයා ඉන්න තැනට එන්න කියලා. ඒ පාර මම රැස්වීමට යන එක නවත්තලා මෛත්‍රීව බලන්න ගියා. ඒකෙන් මාව කොටුකරන එක වැළකුණා. ඉතින් මම මේ මන්ත්‍රීවරුන්ටත් කියන්නේ නෝනලා කියන එක හැම වෙලාවෙම ඇහුවෙ නැති වුණත් ටිකක් සැරෙන් නෝනලා කිව්වොත් ඒ දේ අහන්න කියලයි…’ යනුවෙන් රනිල් කියද්දී සියල්ලෝම එක හඬින් සිනාසුණහ.

අමරකීර්තිට විතරක් නෙමෙයි වෙල්ගමටත්!

ඉන් අනතුරුව සාකච්ඡාවේ මාතෘකාව වූයේ මැයි 09 වැනි දින ඝාතනයට ලක්වූ අමරකීර්ති අතුකෝරල මන්ත්‍රීවරයා පිළිබඳවය. එහිදී ඇතැම් මන්ත්‍රීවරු අමරකීර්තිගේ නඩු කටයුතු හැකි ඉක්මනින් විමසා අවසන් කිරීම සඳහා විශේෂ උසාවියක් ස්ථාපනය කරන ලස රනිල්ගෙන් ඉල්ලා සිටියහ. එහිදී රනිල් කියා සිටියේ අමරකීර්තිගේ නඩු විභාගය සඳහා තමන් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් පත්කරන බවත්, අමරකීර්තිගේ පමණක් නොව කුමාර වෙල්ගම මන්ත්‍රීවරයාට පහරදීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහාද ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් පත්කරන බවත්ය.

අමරකීර්තිට වන්දි දෙන්න රනිල් ලෑස්තියි!

ඉන් අනතුරුව මන්ත්‍රීවරුන් විමසා සිටියේ අමරකීර්ති මහතාගේ පවුලට ලබාදෙන වන්දිය පිළිබඳවය. රනිල් ඊට පිළිතුරු දෙමින් කියා සිටියේ සැලකිය යුතු වන්දියක් අමරකීර්ති පවුලට ලබාදිය යුතු බවත්, එය කැබිනට් මණ්ඩලය මගින් තීරණය කොට සම්මත කරන බවත්ය. එමෙන්ම අවශ්‍ය නොවුණත් එම වන්දි මුදල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට එයින්ද අනුමැතිය ලබාගන්නා බව රනිල් පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දී සිටියේය.

සජබෙට ප්‍රෙෂර් එකක් දෙන්න කියයි!

ඉන් අනතුරුව සාකච්ඡා කෙරුණේ සර්වපාක්ෂික ආණ්ඩුවක් බිහිකිරීම සම්බන්ධයෙන් වන කතාබහේ ප්‍රගතිය පිළිබඳවය. ජවිපෙ මුලින් මේ සාකච්ඡාවට එන බව කීවද පසුව සර්වපාක්ෂික සාකච්ඡාවලට එක්වීම ප්‍රතික්ෂේප කරමින් තමන් වෙත ලිපියක් යොමු කොට තිබූ බවක් රනිල් දැන සිටියේ නැත. ඒ අනුව රනිල් අදහස් දැක්වූයේ ජවිපෙ සමග සාකච්ඡා පවත්වන ස්ථාවරයේ සිටය.
‘මම සමගි ජන බලවේගය එක්ක සාකච්ඡා කළා. එතැන ඉන්න සමහරු සර්වපාක්ෂික ආණ්ඩුවකට එන්න කැමැතියි. සමහර අය අකැමැතියි. මම අනෙක් පක්ෂත් එක්ක කතා කරන්න සූදානමින් ඉන්නේ. හෙට ජවිපෙ හම්බවෙනවා. එතකොට අපිට ලබන සතියෙ ඒ ගැන අවසන් තීන්දුවක් ගන්න පුළුවන්. කොහොම වුණත් ඔයගොල්ලො මේ සතියේ පාර්ලිමේන්තුවේ කතාකරද්දී සර්වපාක්ෂික ආණ්ඩුවට එකතු වෙන්න හිතෙන මතයක් හැදෙන විදියට සජබෙට ප්‍රෙෂර් එකක් දාලා කතා කරන්න….’ යනුවෙන් කියමින් පොහොට්ටු කණ්ඩායමට රනිල් උපදෙසක්ද ලබාදුන්නේය.

ජවිපෙ නොආ හේතුව!

කෙසේ වෙතත් මන්තී කණ්ඩායමේ රැස්වීම අවසන් වූ වහාම සාකච්ඡා ප්‍රතික්ෂේප කරමින් ජවිපෙ එවා ඇති ලිපිය පිළිබඳ තොරතුරු දැනගන්නට ලැබිණි. ඒ පිළිබඳ තොරතුරු සොයා බැලීමේදී සාකච්ඡාවලට සහභාගි නොවන ලෙස දැඩි බලපෑමක් ජවිපෙට එල්ල වී ඇති බවක් රාජ්‍ය රහස් තීරයට ආරංචිය. කෙසේවෙතත් මේ පුවතින් වහාම කලබලයට පත්වූ රනිල් ජවිපෙට කතා කොට ඒ පිළිබඳ විමසා සිටිද්දී ජවිපෙන් ලැබුණු පිළිතුර වූයේ, ‘නෑ නෑ… 09 වැනිදා අරගලය තියෙනවා කියලා කියනවනේ. ඒ වගේ වෙලාවක අපි මුණගැහෙන එක සුදුසු නෑ. ඒ නිසයි මේවා කල්දැම්මේ…’ යන්නය.

#WeWantElection ! ජවිපෙන් දැවැන්ත වැඩක්!

පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සූදානමක් පවතින බවට වූ තොරතුර අපි වාර්තා කර සිටියෙමු. එහිදී අප පෙන්වා දුන්නේ ලබන මාර්තුව වන විට ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ලැබෙන බවත්, ඒ අනුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වීමේ සූදානමකින් සිටින බවත්ය.
ඒ අනුව පසුගිය සතිය වන විට මෙම කරුණ දැන හෝ නොදැන ජනතා විමුක්ති පෙරමුණ මේ වන විට සැලසුම් කර ඇත්තේ මහ මැතිවරණයක් ඉල්ලා රට ඇතුළේ දැවැන්ත ප්‍රචාරක මෙහෙයුමක් දියත් කිරීමටය. එය #WeWantElection යන හෑෂ් ටැග් එක යටතේ දියත් කිරීමටද ඔවුන් සැලසුම් කර තිබේ.

රනිල් පොරොන්දුව කැඩුවාද?

මීට අමතරව රනිල්ගේ මෙම මහ මැතිවරණ කතාව පිළිබඳ ඉව වැටී පොහොට්ටුවද පසුගිය සතියේ විශාල ලෙස කලබලයට පත්ව සිටි බවක් දැකගත හැකි විය. ඊට හේතුවී තිබුණේ ජනාධිපති ධුරයට පත්වීම සඳහා පොහොට්ටුවට ලබා දුන් පොරොන්දු අතර වසර දෙකහමාරක් යන තුරු මහ මැතිවරණයක් නොපවත්වන බවට රනිල් පොරොන්දුවක් ලබාදී තිබීමය. නමුත් එය කඩකරමින් හදිසි මහ මැතිවරණයකට යෑමට රනිල් තීන්දු කර ඇති බවට කන වැකීමත් සමග පොහොට්ටු මන්ත්‍රීවරුන් දැඩි කලබලයට පත්ව සිටි බවක් දැකගත හැකි විය.

22 අස්සේ මහජන්දෙකට යන්න වංගුවක් ගහලා!

කෙසේ වෙතත් මෙම කලබලය ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේදීද දැකගත හැකි විය. එහිදී මන්ත්‍රීවරුන් අතරේ පැතිර ගිය විශාල කසුකුසුවකින් කියැවුණේ විජේදාස රාජපක්ෂ මහතා විසින් ගෙන ඒමට නියමිත 20 වැනි සංශෝධනයේ එක් වගන්තියක් හරහා මෙසේ හදිසි ඡන්දයකට යෑමට පොටක් පාදාගැනීමට ‘පොඩි වංගුවක්’ ගසා ඇති බවකි. ඒ වගන්තිය යටතේ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ඉඩක් ලබාගත හැකි බව නීතිඥ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුගේම අදහස වී තිබිණි. ඔවුන් පෙන්වා දී තිබුණේ 22 වැනි සංශෝධනය ක්‍රියාත්මක වීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි බවට පොඩි ගැටයක් මෙම සංශෝධනය ඇතුළේ ගසා ඇති බවකි. ඒ අනුව මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම සාකච්ඡා කළේ මෙම වගන්තිය හරහා හදිසි මහ මැතිවරණයකට යෑමේ පොටක් පාදා ගැනීමට ජනාධිපතිවරයාට අවස්ථාව හිමිවන බවකි. ඇතැම් මන්ත්‍රීවරු ඒ සම්බන්ධයෙන් කලකිරීමෙන් යුතුව අදහස් දැක්වූ ආකාරයක්ද දැකගත හැකි විය.
‘ජනාධිපතිතුමා අපට පොරොන්දුවක් දුන්නා හදිසි මහ ඡන්දයකට යන්නෙ නෑ කියලා. හැබැයි එතුමා 20 අස්සේ මෙහෙම වංගු ගහන්න හදලා ඡන්දෙකට යන්න ලෑස්ති වෙනවා නම් මම නම් 20ට අත උස්සන්නෙ නෑ. අපි ඒකට සංශෝධන අරන් එනවා. අපේ සංශෝධන පිළිගත්තොත් විතරයි අපි 20ට අත උස්සන්නේ..,’ යැයි එම මන්ත්‍රීවරයා කියා සිටියේය.

කැබිනට් ඇමැතිකම්වලට පොහොට්ටුවෙන් රනිල්ට නම් යවයි!

මේ අතර ඉදිරියේදී පත්කිරීමට නියමිත කැබිනට් මණ්ඩලය සම්බන්ධයෙන්ද මෙහිදී මන්ත්‍රීවරුන් අතර අදහස් හුවමාරු වීමක් සිදුවිය. එහිදී එක් මන්ත්‍රීවරයෙක් පෙන්වා දුන්නේ දැනටමත් පොහොට්ටුව පැත්තෙන් රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ මහින්දානන්ද අලුත්ගමගේ, එස්.එම්. චන්ද්‍රසේන, පවිත්‍රා වන්නිආරච්චි යන අයට කැබිනට් අමාත්‍ය ධූර හිමිවීමට නියමිත බවය. ඔවුන්ගේ නම් දැනටමත් පොහොට්ටුව පැත්තෙන් ජනාධිපතිවරයා වෙත යැවීමට කටයුතු කොට ඇති බවද කියැවිණි.

පොහොට්ටුවේ පසුපෙළ ගිහින් රාජ්‍ය ඇමැතිකම් ඉල්ලලා!

එමෙන්ම පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් පසුගිය සතියේදී ජනාධිපතිවරයා මුණගැසී රාජ්‍ය අමාත්‍ය ධූර ඉල්ලා ඇති බවක්ද මෙහිදී කතාබහට ලක්ව තිබිණි. එහිදී ජනාධිපතිවරයා ඔවුන්ට රාජ්‍ය ඇමැති ධුර නොව කැබිනට් ඇමැති ධුර පිරිනැමීමට සූදානම් බව ප්‍රකාශ කොට ඇති බවක්ද මන්ත්‍රීවරයෙක් කියා සිටියේය.

අපේ කතාව රංගේ බණ්ඩාර ඔප්පු කරයි!

මේ සියල්ලට අමතරව අප පසුගිය සතියේ තවත් විශේෂ කරුණක්ද ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ රටට අනාවරණ කළෙමු. ඒ, පොහොට්ටුව සහ එජාපය එක්ව ඉදිරි මහ මැතිවරණවලට තරග කිරීම පිළිබඳවය. රනිල් මහනුවරට පැමිණි අවස්ථාවේදී එජාප පාක්ෂිකයන් රජ ගෙදරට කැඳවූ බවත්, එහිදී ජනාධිපතිවරයා පළමු වරට මෙම කරුණ එජාප පාක්ෂිකයන් හමුවේ තැබූ බවත් අපි එහිදී කියා සිටියෙමු.

කෙසේ වෙතත් අප හෙළිකළ මෙම කරුණ එජාප මහලේකම් රංගේ බණ්ඩාර සහ පොහොට්ටු මහලේකම් සාගර කාරියවසම්ගේ සහභාගිත්වයෙන් පසුගිය සතියේ පැවැති රූපවාහිනී වැඩසටහනකදී ඇස් පනාපිටම තහවුරු විය. ඒ, රංගේ බණ්ඩාර ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කිරීමත් සමගය. එහිදී රංගේ කියා සිටියේ පොහොට්ටුව සහ එක්සත් ජාතික පක්ෂය එකතු වීමට මහනුවර පිහිටි ඓතිහාසික ජනාධිපති මන්දිරයේදී දෙපාර්ශ්වය එකඟතාවකට පැමිණි බවය. එම එකඟතාව 1815 අස්සන් කළ උඩරට ගිවිසුමට සමාන බවද රංගේ එහිදී කියා සිටියේය. නමුත් 1815 උඩරට ගිවිසුම මගින් කළේ රට සුද්දන්නට පාවා දීමක් බව රංගේට අමතක වී ඇති බවක් එහිදී දැකගන්නට ලැබිණි.

සජබ මන්ත්‍රී කණ්ඩායම හමුවෙයි!

පසුගිය සතියේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැතියේ විපක්ෂ නායක කාර්යාලයේදීය. ජනාධිපතිවරයාගේ රාජාසන කතාව පිළිබඳ එහිදී විශේෂ අවධානයක් යොමු වූ අතර ඒ ඊට සම්බන්ධ විවාදයේදී සමගි ජන බලවේගය ගත යුතු ස්ථාවරය පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරිණි.

‘රට මේ තරම් බරපතළ තත්ත්වයකට වැටුණේ පහුගිය ආණ්ඩුව අරගෙන ගියපු වැරදි ප්‍රතිපත්ති නිසා. ඒක වහන්න කාටවත් බැහැ. ඒකට මේ රටේ ඉන්න හැමෝම වගකියන්න ඕනෙ නැහැ…’ රාජිත කීවේය.

‘ජනාධිපතිවරයා කතා කරලා තියෙන්නේ සර්වපාක්ෂික වැඩපිළිවෙළකට සම්බන්ධ වෙන්න කියලා. කවුරුත් මතක තියාගන්න ඒක සර්වපාක්ෂික ආණ්ඩුවක් නෙවෙයි. මේ වෙලාවේ තනතුරු අරගෙන කරන නාඩගම්වලට රටේ මිනිස්සු කැමැති නැහැ. සර්ව පාක්ෂික වැඩපිළිවෙළකට අපි අපේ සම්පුර්ණ සහයෝගය දෙමු…’ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර කීවේය.
‘ඔව්, පාර්ලිමේන්තුවේ විධායක කාරකසභා ක්‍රමය ශක්තිමත් වෙන්න ඕනෙ. ඒක බලවත් කාරකසභාවක් බවට පරිවර්තනය වෙන්නත් ඕනා. එහෙම නැතිව සර්වපාක්ෂක වැඩපිළිවෙළක් සාර්ථක වෙන්නේ නැහැ.’ යන්න සජිතගේ ස්ථාවරය විය.

ආණ්ඩුවට යන කතාව ගැන හර්ෂ දැඩි පිළිතුරක් දෙයි!

ඉන් අනතුරුව අනතුරුව නැගී සිටියේ ආචාර්ය හර්ෂ ද සිල්වාය. තමන් ආණ්ඩුවට එක්වන බවට ඇතැම් පිරිස් බොරු කටකතා යවමින් සිටින බවත්, ඒ කටකතාවල කිසිදු සත්‍යතාවක් නැති බවත් හර්ෂ’පැවැසීය.

‘මම දෙපිටකාට්ටු වැඩ කරන්නේ නෑ. හදවතින් හිතලා කතා කරනකොට කෙනෙක් ඒක වැරදියට ගන්න පුළුවන්. නමුත් කවදාවත් අපි පක්ෂයෙන්’ ආණ්ඩුවට යන්නෙ නෑ. අපි නායකතුමා එක්ක එක මතයක ඉන්නවා. හැබැයි අපේ රට වෙනුවෙන් වැඩක් කරන්න ඕනෙ. අපි හැමෝම එකට එකතු වෙලා කරන්න ඕනෙ. ආණ්ඩුවේ ඇමැති තනතුරු ගන්න එකක් ගැන නෙවෙයි මම කියන්නේ. ශක්තිමත් කමිටු ක්‍රමයක් හරහා හරි අපි මේ රට ගොඩනගන්න එකට එකතු වෙමු. ඒ විතරක් නෙවේ, ආණ්ඩුවට ජනමතයක් නෑ. ආණ්ඩුව කෘත්‍රිමව ජනමතය අල්ලාගෙන ඉන්න උත්සාහ කරනවා. කළ යුතු එකම දේ ඉතා ඉක්මනින් ඡන්දයක් පැවැත්වීමයි. ඒ හරහා නව ජනමතයකට යා යුතුමයි….’ යැයි හර්ෂ පැවැසීය.

පත්තරවල යන නිව්ස් ප්ලාන්ට්!

ඉන් අනතුරුව’ හර්ෂ පුවත්පතක පළවී තිබූ ප්‍රවෘත්තියක් පිළිබඳ අවධානය යොමු කළේය.

‘පෞද්ගලීකරණය සම්බන්ධයෙන් අපේ තිස්ස අත්තනායක ඇමැතිතුමා කරපු ප්‍රකාශයක් පත්තරේක පළවෙලා තියෙනවා. ඒක තියෙනවා අපි සහමුලින්ම පෞද්ගලීකරණයට විරුද්ධයි කියලා. පක්ෂයක් හැටියට අපි ආර්ථික කාරණා සම්බන්ධව ප්‍රකාශ නිකුත් කරනකොට සාකච්ඡා කරලා ප්‍රකාශ නිකුත් කරමු…’ හර්ෂ කීවේය.
‘හර්ෂ ඇමැතිතුමා, ඇත්තටම මම කියපු දේ නෙවේ පුවත්පත් හෙඩිමේ තියෙන්නෙ. නමුත් වාර්තාව කියවපුවම මම අදහස් කරපු දේ තියෙනවා….’ තිස්ස කීවේය.
‘සමහර වෙලාවට, සමහර මාධ්‍ය තමන්ට ඕනෙ විදිහට උපුටා දැක්වීම් කරනවා. ඒවා එච්චර ගණන් ගන්න එපා. අපි අපේ වැඩපිළිවෙළ මේ රටේ ජනතාව එක්ක කරමු…’ සජිත් කීවේය.
‘ඔය වගේ ඡක්බඑ වලට ඒ අය හරිම දක්ෂයි. ජනාධිපතිවරයා තෝරන ඡන්දෙදි’රනිල්ට ඡන්දෙ දුන්නා කියල කියලා සමහරු කිව්වා. ඒව නිවුස් විදියට ප්ලාන්ට් කළා. ඇත්තටම මොකද්ද වුණේ, අපේ කවුරුවත් ඡන්දෙ දුන්නෙ නෑ එයාලට. දැන් මොකද කරන්නේ? දැන් කියනවා අපේ අය එහෙට යනවාලු. ආණ්ඩුවේ එදා වේලට ඔය වගේ බොරු ප්ලාන්ට් කරන එක හොඳ ඇති. හැබැයි ඒකෙන් රටට හොඳක් වෙන්නේ නෑ…’
ගයන්ත කරුණාතිලක කීවේය.

‘පාර්ලිමේන්තුවේ ඇතුළෙ ඔළුගෙඩිවල විකෘතියයි, එළියේ ජනමතයයි අතර තියෙන්නෙ පරස්පරතාවක්. ඒක ඡන්දෙකදී බලාගන්න පුළුවන්. අපි ඒ වෙනුවෙන් වැඩ කරමු…’ සජිත් කීවේය.

මර්දනයට එරෙහි විරෝධයක්!

පසුගිය 09 වැනි දින පාර්ලිමේන්තුව අබියසදී සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු නිහඬ විරෝධතාවක යෙදුණ. ඒ,රාජ්‍ය මර්දනය නවතා දමා හදිසි නීතිය ඉවත් කරන ලෙස ඉල්ලමින්ය.
එළඹෙන දොළොස් වැනිදාට යෙදෙන ජාත්‍යන්තර තරුණ දිනය නිමිති කොටගෙන ආණ්ඩුව මේ රටේ හිරගෙවල් තරුණයන්ගෙන් පිරවීමට කටයුතු කරනවා දැයි යන්න පිළිබඳ සැකයක් පවතින බව පැවසූ සජිත්, ආණ්ඩුව කරනු ලබන මේ මර්දනය වහා නවතා දැමිය යුතු යැයිද පැවැසීය. ආණ්ඩුව සිදුකරනු ලබන මේ මර්දනය සහ රාජ්‍ය මිලේච්ඡත්වය, සමගි ජන බලවේගයත්’ සමගි ජන සන්ධානයත් තරයේ හෙළාදකින බව පැවසූ සජිත්, අබිරහස් ලෙස තරුණයන් අතුරුදන් කිරීම පිටුපස සිටින හස්තය කුමක් දැයි හෙළි කළ යුතු යැයිද පැවසීය.

ආණ්ඩුව ක්‍රියාත්මක කරනු ලබන හදිසි නීතිය වහා අහෝසි කොට සාමාන්‍ය නීතියට රට පත් කළ යුතු යැයිද එහිදී විපක්ෂ නායකවරයා පැවැසීය.
සර්වපාක්ෂික රට ගොඩනගන ඒකාබද්ධ වැඩසටහනට පාර්ලිමේන්තුවේ අලුතින්’ ස්ථාපිත කළ යුතු විධායක කමිටු ක්‍රමයක් ස්ථාපිත කිරීම උදෙසා රජයට යෝජනා කිරීමට ඒකමතිකව තීන්දු කරනු ලැබූ බව කී සජිත්, ඒ හරහා රට ගොඩනැගීම වෙනුවෙන් සමගි ජන බලවේගයේ සහයෝගය ලබාදීමට තීන්දු කරනු ලැබූ බවද කීය.

කපිල පුංචිමන්නගේ

ShareTweetSendShare
Previous Post

ජිනීවා සැසිවාරය කටමුලට ඇවිත් තිබියදී ජගත් සංවිධානයේ ප්‍රබලයන් දෙදෙනකු ලංකාවට එයි!

Next Post

ෆේස්බුක් එකේ කමෙන්ට් දැමූ අයකුට සනත් නිශාන්ත ‘ජාතිය අමතයි’! වීඩියෝව ‌ලීක්වෙයි! (VIDEO)

MORE NEWS

රාජ්‍ය අධ්‍යාපනයට අත තියන්න දෙන්නෙ නෑ! විශ්වවිද්‍යාල අධ්‍යයන – අනධ්‍යයන කාර්යමණ්ඩලය ඒකාබද්ධ සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

රාජ්‍ය අධ්‍යාපනයට අත තියන්න දෙන්නෙ නෑ! විශ්වවිද්‍යාල අධ්‍යයන – අනධ්‍යයන කාර්යමණ්ඩලය ඒකාබද්ධ සටනක! VIDEO I Sri Lanka Latest News

IMF නියෝජිතයන් විපක්ෂනායක හමුවෙයි! සජබ රජයක් යටතේ IMF ගිවිසුම වෙනස් කරන බව සජිත් දැනුම් දෙයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

IMF නියෝජිතයන් විපක්ෂනායක හමුවෙයි! සජබ රජයක් යටතේ IMF ගිවිසුම වෙනස් කරන බව සජිත් දැනුම් දෙයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

අහිංසක මිනිස්සු ඉතුරු කරපු සල්ලි ගන්න ආවම කුණුහරුපෙන් බැණ තග දාපු අකුරැස්ස සමෘද්ධි බැංකුවේ නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක වෙයිද? VIDEO I Sri Lanka Latest News
Exclusive

අහිංසක මිනිස්සු ඉතුරු කරපු සල්ලි ගන්න ආවම කුණුහරුපෙන් බැණ තග දාපු අකුරැස්ස සමෘද්ධි බැංකුවේ නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක වෙයිද? VIDEO I Sri Lanka Latest News

2015 වෙඩි තැබීමේ සිද්ධියකට නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට ගන්න එපා කියපු ‌හිටපු සීනියර් DIG ලලිත් ජයසිංහ අවුරුදු 5ක් හිරේ! I Sri Lanka Latest News
Exclusive

2015 වෙඩි තැබීමේ සිද්ධියකට නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට ගන්න එපා කියපු ‌හිටපු සීනියර් DIG ලලිත් ජයසිංහ අවුරුදු 5ක් හිරේ! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ගහන්න යන්න එපා! සියලුම ෆුඩ් සිටිවලට පොලිසියෙන් දැනුම් දීමක්! I Sri Lanka Latest News

නගින්න-බලන්න-හිතන්න-මේක තමයි නෙලුම් කුලුන…
Exclusive

නෙළුම් කුළුණේ ලයිට් වෙනස් වෙයි! Sri Lanka Latest News

Load More
Leave Comment
රාජ්‍ය අධ්‍යාපනයට අත තියන්න දෙන්නෙ නෑ! විශ්වවිද්‍යාල අධ්‍යයන – අනධ්‍යයන කාර්යමණ්ඩලය ඒකාබද්ධ සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

රාජ්‍ය අධ්‍යාපනයට අත තියන්න දෙන්නෙ නෑ! විශ්වවිද්‍යාල අධ්‍යයන – අනධ්‍යයන කාර්යමණ්ඩලය ඒකාබද්ධ සටනක! VIDEO I Sri Lanka Latest News

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය, අන්තර් විශ්වවිද්‍යාලයීය සේවා වෘත්තීය සමිතිය සහ විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරියේ අද...

Read more
IMF නියෝජිතයන් විපක්ෂනායක හමුවෙයි! සජබ රජයක් යටතේ IMF ගිවිසුම වෙනස් කරන බව සජිත් දැනුම් දෙයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

IMF නියෝජිතයන් විපක්ෂනායක හමුවෙයි! සජබ රජයක් යටතේ IMF ගිවිසුම වෙනස් කරන බව සජිත් දැනුම් දෙයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

අහිංසක මිනිස්සු ඉතුරු කරපු සල්ලි ගන්න ආවම කුණුහරුපෙන් බැණ තග දාපු අකුරැස්ස සමෘද්ධි බැංකුවේ නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක වෙයිද? VIDEO I Sri Lanka Latest News

අහිංසක මිනිස්සු ඉතුරු කරපු සල්ලි ගන්න ආවම කුණුහරුපෙන් බැණ තග දාපු අකුරැස්ස සමෘද්ධි බැංකුවේ නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක වෙයිද? VIDEO I Sri Lanka Latest News

2015 වෙඩි තැබීමේ සිද්ධියකට නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට ගන්න එපා කියපු ‌හිටපු සීනියර් DIG ලලිත් ජයසිංහ අවුරුදු 5ක් හිරේ! I Sri Lanka Latest News

2015 වෙඩි තැබීමේ සිද්ධියකට නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට ගන්න එපා කියපු ‌හිටපු සීනියර් DIG ලලිත් ජයසිංහ අවුරුදු 5ක් හිරේ! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ගහන්න යන්න එපා! සියලුම ෆුඩ් සිටිවලට පොලිසියෙන් දැනුම් දීමක්! I Sri Lanka Latest News

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • Mawrata Columns
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

Go to mobile version