ඝාතනය කළ බවට සැකකෙරෙන කෝටිපති ව්‍යාපාරිකයාගේ මෝටර් රථය මීගමුව ප්‍රදේශයේ නිවසක තිබී සොයාගෙන් තිබේ.
මේ අතර වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ එම මෝටර් රථය එහි රැගෙන ආ යුවළක් විදෙස්ගත වී ඇති බවටය.
ඊයේ (01) දිනයේ බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ තෙමහල් නිවසක පිහිනුම් තටාකයක පාවෙමින් තිබියදී කොළඹ SHADES නිමි ඇඳුම් සාප්පු ජාලයේ හිමිකරුවෙකු වන රොෂාන් වන්නිනායක මහතාගේ සිරුර සොයාගනු ලැබීය.