සමගි ජන බලවේගය පාඩු ලබන ආයතන ප්රතිව්යුහගත කිරීමට එකග නමුත් ඒ හරහා සිදුකරන දූෂණයට එකග නැති බව සජබ පාර්ලිමේන්තු මන්ත්රී එස්.එම්. මරික්කාර් මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ගෝඨා ෆේල් බවත්, රනිල් රාජ්ය ආයතන විකුණමින් සේල් දමා ඇති බවත්ය.
තමන් ඇතුලු පිරිස එජාපයෙන් එළියට පැමිණියේ යළි එජාපයට යාමට නොවන බවත්, හොරු නැති අලුත් ආණ්ඩුවක් පිහිටුවීමට බවත් ඒ මහතා කියා සිටියේය.