හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන ඒම සදහා වියත්මග හරහා විශාල කාර්යභාරයක් සිදුකොට පසුව ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති තනතුර බාර ගත් කිමාලි ප්රනාන්දු මහත්මිය ඊයේ පැවැති ජවිපො ව්යාපාරික සමුලුවේ ඉදිරි පෙළ ආසනයකම අසුන්ගෙන සිටීම කාගේත් කතාබහට ලක්වූ විශේෂ සිදුවීමක් විය.
කිමාලි ප්රනාන්දු විවාහ වී සිටින්නේ ඩිල්මා තේ සමාගමේ සභාපති වූ මෙරිල් ජේ ප්රනාන්දු මහතාගේ පුත්රයා වන සුසන්ත ප්රනාන්දු මහතා සමගය.
