සාමාන්‍ය පෙළ ප්‍රතිපල විශ්ලේෂණයට අනුව 2021 වසරේ සාමාන්‍ය පෙළ ප්‍රතිපලවලින් කොළඹ හතේ රාජකීය විද්‍යාලය 23වන ස්ථානය දක්වා පහළ වැටී ඇති බව අනාවරණ වී තිබේ.
එම ප්‍රතිපල ලේඛනයට අනුව පළමු ස්ථානය ලබා ගෙන ඇත්තේ ගම්පහ රත්නාවලී බාළිකා විද්‍යාලයය.
මීට අමතරව අනුරාධපුරය, යාපනය වැනි දුෂ්කර ප්‍රදේශවල පාසල්ද පළමු පාසල් 10 අතර සිටීමය.
මෙවන් තත්ත්වයක් තිබියදී රාජකීය තෝමස් ක්‍රිකට් තරගයෙන් රාජකීයයන් ජය ලැබීමත් සමග ඒ සතුටට සදුදා දින නිවාඩු දිනයක් කිරීම සම්බන්ධයෙන්ද මේ වනවිට බරපතළ ප්‍රශ්නාර්ථයක් මතුව තිබේ.
ආදි සිසුන් චෝදනා කරන්නේ අධ්‍යාපනික තත්ත්වය සම්බන්ධයෙන් රාජකීය විද්‍යාලය පහළ මට්ටමකට වැටී තිබියදී මේ ආකාරයෙන් හිතුමනාපෙට නිවාඩු ලබා දීම අනුමත කළ නොහැකි යැයි කියාය.
