කුඩ්ඩො සෙට් එකක් කෝටිපතියාගේ ගෙදරට පැන ලක්ෂ 25ක රත්තරන්-සල්ලි අරන් ගිහින්!

පිළියන්දල හල්පිට කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ නිවසට ඇතුළු වී රුපියල් ලක්ෂ 25කට ආසන්න රන් භාණ්ඩ කොල්ලකෑ පස්දෙනාගේ කල්ලිය අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය පව්සායි.

ඉකුත් මස 16 වැනි දින රාත්‍රියේ ව්‍යාපාරිකයාගේ නිවසට ඇතුළු වී ව්‍යාපාරිකයාගේ බිරිඳට සහ දියණියගේ ගෙළට උල් පිහියක් තබා මරණීය තර්ජනය කරමින් ඔවුන් මෙලෙස රන් භාණ්ඩ කොල්ල කා ඇති අතර එලෙස කොල්ල කන ලද රන්මාල, කරාබු සහ අත් පළඳනා පොලිසිය මඟින් සොයාගෙන ඇත.

අත්අඩංගුවට පත් වූවන් අතර හිටපු හමුදා සෙබලෙක් සහ මිරිස්වත්තේ කුඩු බුවා නමැත්තාද වන බව පොලිසිය පවසයි.

මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කළහොත් මරා දමන බවට ද නිවසින් පිටව යාමේ දී කොල්ලකරුවන් පැවසීම හේතුවෙන් බියට පත්වූ ව්‍යාපාරිකයා එම කොල්ලය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කරන ලද්දේ මෙම මස 6 වන දින බව පොලිස් නිලධාරියකු පැවැසීය.

කොල්ල කන ලද රන් භාණ්ඩ අලුත්ගම සහ මහරගම ප්‍රදේශ වලට උකස් කර තිබියදී සැකකරුවන්ගේ ප්‍රකාශ මත ඒවා සොයාගත් බව පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සියලුම දෙනාම තදින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් වන අතර ඔවුන් කැස්බෑව සහ අවට පදිංචිකරුවන් වේ.

සැකකරුවන් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර කැස්බෑව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

Exit mobile version