එජාප සභාපති කබීර් හෂීම් මහතාෙගේ විෂය පථයට ගැනෙන ඛනිජතෙල් අමාත්‍යංශය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා යටතට වහාම පත්කරන ලෙස අගමැතිවරයා ලිඛිතව ජනාධීපතිවරයා වෙත දැනුම් දී තිබුණද ජනාධිපතිවරයා ෙමේ වනවිට කබීර් හෂීම් මහතා ආරක්ෂා කිරීමේ පිළිවෙතක නිරත වී සිටින බව දැනගන්නට ඇත.
ඒ අනුව අදාළ ලිපිය ලැබී සතියක් ඉක්ම ගොස් තිබුණද හෂීම් මහතාගේ විෂය පථයන් වෙනස් කිරීමට ජනාධීපතිවරයා කටයුතු කොට නොමැත.
මේ තත්ත්වය මත ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර තවත් ව්‍යවස්ථාමය අර්බුදයක් මතුවීමේ ඉඩකඩක් මේ වනවිට පහළ කර තිබේ.