• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Saturday, June 3, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

ඇමැතිවරුන්ගේ උපදේශකයන්ගේ පඩි නවත්වයි! ඇමැතිවරුට සුපිරි වාහන තහනම්! සියලු සුපිරි වාහන වෙන්දේසි කරයි! ගුවන් ගමන් තුන්වන පන්තියේ විතරයි! නවතින්න තරු පහේ හෝටල් බෑ! සාකච්ඡා සියල්ල දුරකතනයෙන්! කාර්ය මණ්ඩලවලට විදෙස් සංචාර තහනම්! තේ වෙලාවට බිස්කට් එකක් විතරයි! රටට අමාරු වෙලාවේ පාකිස්තාන අගමැති ලෝකෙටම ආදර්ශයක් දෙයි!

February 28, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
ඇමැතිවරුන්ගේ උපදේශකයන්ගේ පඩි නවත්වයි! ඇමැතිවරුට සුපිරි වාහන තහනම්!  සියලු සුපිරි වාහන වෙන්දේසි කරයි! ගුවන් ගමන් තුන්වන පන්තියේ විතරයි! නවතින්න තරු පහේ හෝටල් බෑ! සාකච්ඡා සියල්ල දුරකතනයෙන්! කාර්ය මණ්ඩලවලට විදෙස් සංචාර තහනම්! තේ වෙලාවට බිස්කට් එකක් විතරයි! රටට අමාරු වෙලාවේ පාකිස්තාන අගමැති ලෝකෙටම ආදර්ශයක් දෙයි!
892
SHARES
2.8k
VIEWS
Share on FacebookShare on Twitter

දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින පාකිස්තාන රජය, ආර්ථිකය ස්ථාවර කර ගැනීම සදහා මේ වන විටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.1 ක ණය පහසුකමක් ඉල්ලා තිබේ.

අදාල ණය මුදල ලබා දීම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කර තිබෙන කොන්දේසි සියල්ලක්ම පාහේ මේ වන විටත් පාකිස්තාන රජය ක්‍රියාත්මක කර අවසන් ය.

එහි ප්‍රතිඵලයක් ලෙස පාකිස්තාන රුපියලේ අගය හතරෙන් එකක් දක්වා පහත වැටී ඇති බව පැවසේ. එමෙන්ම ඉන්ධන මිල මේ වන විටත් පස් ගුණයකින් ඉහළ ගොස් තිබේ.

සුඛෝපභෝගී භාණ්ඩ මත අධික බදු පනවා ඇති අතර පොලී අනුපාතයද ඉහළ දමා ඇති බව පැවසේ.

ඊට අමතරව, වියදම් කපා දැමීම සදහා රජය ගෙන යන වැඩපිළිවෙළ යටතේ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාෂ් ෂරීෆ් කැබිනට් අමාත්‍යවරුන්ගේ පටි තද කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව, මධ්‍යම රජයේ ඇමතිවරු සහ උපදේශකයන් වැටුප් රහිතව වැඩ කළ යුතු බවට අග්‍රාමාත්‍යවරයා නිර්දේශ කර තිබේ.

එමෙන්ම 2024 වසරේ ජූනි මාසය දක්වා කිසිදු සුඛෝපභෝගී වාහනයක් මිලදී ගැනීම තහනම් ය.

එමෙන්ම අමාත්‍යවරු භාවිතා කරන සෑම සුඛෝපභෝගී වාහනයක් ම වෙන්දේසි කළ යුතුය.

අමාත්‍යවරු විදේශ සංචාර සදහා හෝ රට තුළ සිදුකරන අභ්‍යන්තර ගුවන් ගමන් වල දී තුන්වන පන්තියේ ගමන් කළ යුතුය.

සහාය කාර්ය මණ්ඩල රාජ්‍ය සංචාර සදහා ගෙනයාම තහනම් ය.

අමාත්‍යවරු විදේශ සංචාර සදහා සහභාගීවන අවස්ථාවල දී තරු පහේ හෝටල්වල නතර වීම තහනම් ය.

ඉන්ධන වියදම් පිරිමසා ගැනීම සදහා සියළු සාකච්ඡා දුරකථනය ඔස්සේ කර ගැනීම ප්‍රවර්ධනය කරයි.

ගෑස් සහ විදුලිය පිරිමසා ගැනීම සදහා ගිම්හාන සෘතුවේ දී උදෑසන 7.30 ට කාර්යාල විවෘත වේ.

රජයේ උත්සව වල දී එක කෙටි කෑමක් පමණක් ලබා දිය යුතුය. තේ වේලාව නම් තේ එකක් සහ බිස්කට් එකක් පමණක් ලබා දිය යුතුය.
ඩොලර් තුන්සියයකට වඩා වැඩි වටිනාකමකින් යුතු ත්‍යාග තමන් සන්තකයේ තබා ගැනීම රාජ්‍ය නිළධාරීන්ට තහනම් ය.

මෙම සියළු පියවර වහාම ක්‍රියාත්මක කළ යුතු බවට පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා නියෝග කර තිබේ.

Share357Tweet223SendShare89
Previous Post

මුදල් ලේකම්ට එරෙහිව පැවරූ සජබ පෙස්සම විභාගයට ගනී! නීතීඥ උපුල් ජයසූරිය අධිකරණය හමුවේ කියපු කතාව මෙන්න!

Next Post

සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ SLT – Mobitel එක්ව සුවිශේෂ රක්ෂණාවරණයක් SLT – Mobitel පාරිභෝගිකයන් වෙත හඳුන්වා දෙයි…

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

සාගරයටම ජීවිතය පූජා කළ සාගර ඉංජිනේරු සිසුවා I Sri Lanka Latest News

June 2, 2023
Sri Lanka Latest News
Exclusive

ඕගොල්ලො-අපි හැමෝම බය ඩ්‍රැකියුලාගේ බංගලාවට අපේ කොල්ලෙක් රිංගලා කොහොම හරි එළියටත් ඇවිල්ලා I Sri Lanka Latest News

June 2, 2023
අධික වර්ෂාව තවදුරටත්! කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කරයි I Sri Lanka Latest News
Exclusive

අධික වර්ෂාව තවදුරටත්! කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කරයි I Sri Lanka Latest News

June 2, 2023
Sri Lanka Latest News
Exclusive

යාපනයේ සිංහල පාසලක් තිබුණා
ඒකෙ හිටපු අන්තිම විදුහල්පති හමුවුණා
නම නඩේෂන්
මේක ලස්සන කතාවක් I Sri Lanka Latest News

June 2, 2023
Sri Lanka Latest News
Exclusive

සැප්තැම්බර් වෙද්දි ණය ප්‍රතිව්‍යුහගත කරන්න පුළුවන්ද? I Sri Lanka Latest News

June 2, 2023
දේශගුණික විපර්යාස හොයන්න ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් හදන්න රනිල්ගෙන් සැලසුමක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශගුණික විපර්යාස හොයන්න ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් හදන්න රනිල්ගෙන් සැලසුමක්! PHOTOS I Sri Lanka Latest News

June 2, 2023
Load More
Leave Comment
Sri Lanka Latest News
Exclusive

සාගරයටම ජීවිතය පූජා කළ සාගර ඉංජිනේරු සිසුවා I Sri Lanka Latest News

June 2, 2023

දේවානම් පියතිස්ස රජුන් සමයේ මෙරට ස්ථාපිත බුදු දහමට සමගාමීව වෙහෙර විහාර කර්මාන්තය ආරම්භ කිරීමේදී තිස්සකීර්ති නම් ප්‍රාන්ත රජු (කුමරා) විසින්...

Read more
Sri Lanka Latest News

ඕගොල්ලො-අපි හැමෝම බය ඩ්‍රැකියුලාගේ බංගලාවට අපේ කොල්ලෙක් රිංගලා කොහොම හරි එළියටත් ඇවිල්ලා I Sri Lanka Latest News

June 2, 2023
අධික වර්ෂාව තවදුරටත්! කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කරයි I Sri Lanka Latest News

අධික වර්ෂාව තවදුරටත්! කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කරයි I Sri Lanka Latest News

June 2, 2023
Sri Lanka Latest News

යාපනයේ සිංහල පාසලක් තිබුණා
ඒකෙ හිටපු අන්තිම විදුහල්පති හමුවුණා
නම නඩේෂන්
මේක ලස්සන කතාවක් I Sri Lanka Latest News

June 2, 2023
Sri Lanka Latest News

සැප්තැම්බර් වෙද්දි ණය ප්‍රතිව්‍යුහගත කරන්න පුළුවන්ද? I Sri Lanka Latest News

June 2, 2023

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • Mawrata Columns
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

Go to mobile version