සමෘද්ධිලාභීන් අලුත් සහ පැරණි ලෙස වර්ගීකරණය නොකර සියල්ලන්ටම එක හා සමානව සලකන ලෙස හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව සදහන් කොට ඇත.
එහි මෙසේද දැක්වේ.
‘කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට ජනපතිගෙන් සහන රැසක්’ යනුවෙන් නිකුත් කළ ලියවිල්ල ප්‍රකාරව එහි අංක 12යටතේ අන්තර්ගත ‘සමෘද්ධි ලාභීන් සහ සමෘද්ධි කාඩ්පත් හිමියන් සදහා රුපියල් 10000ක පොලී රහිත අත්තිකාරම් මුදලක්’ ලබාදෙන බව සඳහන්ව තිබේ.
කෙසේ වෙතත්, එම අත්තිකාරම ලබාදීමේ දී සමෘද්ධිලාභීන්ව ‘අලුත් සහ පැරණි’ ලෙස වර්ගීකරණයකට ලක් කොට අදාළ අත්තිකාරම පැරණි සමෘද්ධි හිමියන්ට පමණක් ලබා දෙන්නට යන බවට වූ සැලසුමක් අපට වාර්තා වේ.
එවැනි සැලසුමක් තිබේනම් අහිංසක සමෘද්ධිලාභීන්ව වර්ගීකරණයකට ලක් නොකරන ලෙසත්,මේ මොහොතේ සියලු දෙනා කෙරෙහි වර්ගීකරණයකින් තොරව කටයුතු කරන ලෙසත්,මානුෂීයව කටයුතු කරන ලෙසත් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමු.
කොරොනා උවදුර හේතුකොටගෙන ව්‍යාකූලත්වයට පත්ව සිටින ජනතාව වෙනුවෙන් සක්‍රීය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතු බව අප මුල සිටම දැරූ ස්ථාවරය වන අතර ඒ වෙනුවෙන් සියලු පාර්ශව ගනු ලබන ජනතාවාදී සියලු ක්‍රියාමාර්ග වලට අපගේ සහය හිමිවන බවද දන්වා සිටිමු.
සජිත් ප්‍රේමදාස
හිටපු විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක.
