ආණ්ඩුවට-ජනාධිපතිට විරෝධයක්! කොටුවේ විරෝධයට පොලිසිය ඉඩ නොදෙයි! අරගලකරුවන් මරදානේ එල්ෆින්ස්ටන් එක ඉදිරිපිට බිම වාඩිවෙයි! VIDEO

ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට විරෝධය දක්වමින් කොළඹදී හෙට (4) පැවැත්වීමට නියමිත විරෝධතාවට සමගාමීව මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට අරගලකරුවන් පිරිසක්  මේ වන විට සත්‍යග්‍රහයක නිරතව සිටිති.

කොහේ තියෙන නිදහසක්ද? යන තේමාව යටතේ එම පිරිස සත්‍යග්‍රහයේ නිරතව සිටිති.

එම පිරිස කොටුව දුම්රිය ස්ථානය අසළ විරෝධයක් පැවැත්වීමට සූදානම් වූ අවස්ථාවවේදී එය අත්හිටුවමින් අධිකරණ නියෝගයක් පනවා ඇති බව කොටුව පොලිසියේ නිලධාරීන් නිවේදනය කිරීමත් සමඟ ඔවුන් එම ස්ථානයෙන් ඉවත්ව මරදානයට පැමිණියහ.  

Exit mobile version