අකුරැස්ස සමෘද්ධි බැංකුවෙන් තම තැන්පතු මුදල් ලබාගැනීමට පැමිණි ගිණුම් හිමියකුට පරුෂ වචනයෙන් බැණවදිමින් ඉතා අශෝභන අන්දමට හැසිරුණු එම බැංකුවේ නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් මහතා පවසනවා. (Sri Lanka Latest News)
සමෘද්ධි ව්‍යාපාරය තුළ නිලධාරීන් 24,000ක් පමණ සේවය කරන බවත්, මෙය ඒ අතරින් එක් සේවකයකුගේ නොමනා හැසිරීමක් සම්බන්ධ ගැටලුවක් විනා සමෘද්ධි ව්‍යාපාරය පිළිබඳ ගැටලුවක් නොවන බවයි පැස්කුවල් මහතා සඳහන් කළේ.
Dasatha Lanka News