‘අයිස්’ පැකට් 5ක්! මත් කරල් 38ක්! ගම්පහ පාසලක කැන්ටිමකින් මතුවෙයි! කැන්ටිම කරපු කාන්තාව සිසුන්ට ‌විකුණන්න අරන් ඇවිත්ලු!

ගම්පහ මල්වතුහිරිපිටියට නුදුරු මහ විදුහලක ආපන ශාලාවකින් තිබී මත් කරල් සහ මත් පැකට් කිහිපයක් සමග එම ආපනශාලාව පවත්වා ගිය 42 හැවිරිදි කාන්තාවක, අත් අඩංගුවට ගනු ලැබූ බව මල්වතුහිරිපිටිය පොලීසිය සදහන් කරයි.

පොලීසියට ලද තොරතුරක් මත ආපන ශාලාව පරීක්ෂාවට ලක් කිරීමේදී මත් වර්ගයක කරල් 38 ක් සහ අයිස් වර්ගයේ මත් පැකට් 5 තිබු බව පොලීසිය පවසයි.

අත් අඩංගුවට ගෙන ඇති කාන්තාව මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ පදිංචි දෙදරු මවක් වන බවද පොලීසිය සදහන් කරයි.

Exit mobile version