සීමාවන් සහිතව හෙට (01) අලුයම 4 සිට රට විවෘත කිරීම සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.
- අත්‍යවශ්‍ය ක්‍රියාකාරකම් හැර අනෙකුත් ක්‍රියාකාරකම් සඳහා අන්තර් පළාත් සංචරණ සීමා අඛණ්ඩව පවත්වාගෙන යාම.
- අත්‍යවශ්‍ය නොවන සියලුම ගමන් සඳහා දිනපතා රාත්‍රී 10 සිට පසුදා උදෑසන 04 දක්වා අවසර නොමැත.
- පොදු ප්‍රවාහන සේවාවල මගින් ගෙනයා හැක්කේ ආසන ධාරිතාවට පමණි.
- පොදු ප්‍රවාහන සේවාවන්හි වායුසමනය කළ රථ වාහන භාවිත නොකළ යුතු අතර වීදුරු විවෘත කර තැබිය යුතුය.
- සැම විටම මුඛ ආවරණයක් පැළඳ සිටිය යුතුය.
- රැකියා ස්ථානවලට කැඳවන සේවකයින් ගණන සැමවිට සීමා කළ යුතු අතර හැකි සෑමවිටම නිවසේ සිට සේවය කිරීමට දිරිමත් කළ යුතුය.
- ගෙන්වා ගතයුතු සේවකයින් ගණන ආයතන ප්‍රධානියා විසින් තීරණය කළ යුතුය.
- නැවත දැනුම් දෙනතුරු කිසිදු මහජන රැස්වීමක් පැවැත්වීමට අවසර නොමැත.
එම මාර්ගෝපදේශ 2021.10.01 සිට 2021.10.31 දක්වා අවසරලත් පොදු ක්‍රියාකාරකම් කළ යුතු ආකාරය ලෙසින් සඳහන් වේ.
ඒ අනුව ඔක්තෝබර් 01 සිට 15 වන දා දක්වා ද ඔක්තෝබර් 16 සිට 31 වන දා දක්වා ද එම මාර්ගෝපදේශ දක්වා තිබේ.
ඔක්තෝබර් 01 සිට 15 දක්වා මාර්ගෝපදේශ
- උත්සව, සාද, එක්රැස්වීම්වලට අවසර නැත.
- අවන්හල් විවෘත කිරීමට අවසර නැත.
- සිනමා ශාලා වසා ඇත.
- ප්‍රදර්ශන හා සම්මේලන සඳහා අවසර නැත.
- කෘෂිකර්මාන්තයට අවසර ලබාදී ඇත.
- බාබර් සහ රූපලාවණ්‍යාගාර සඳහා වේලාවක් වෙන්කර ගෙන පැමිණිය හැකිය.
- සිසුන් 200ට අඩු පාසල් විවෘත කළ හැකිය.
- දිවාසුරැකුම් මධ්‍යස්ථාන විවෘතයි.
- පෙර පාසල්වලට පැමිණෙන ළමුන් ගණනින් 50% ධාරිතාවයෙන් ක්‍රියාත්මක විය හැකිය.
- විශ්වවිද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතන ලබා දී ඇති මාර්ගෝපදේශයන්ට අනුව ආරම්භ කළ හැකිය.
- ඇවිදින මංතීරු, වෙරළ තීර විවෘතයි.
- මංගල උත්සව, විවාහය ලියාපදිංචි කිරීම 10දෙනෙකුගේ සහභාගීත්වයෙන් කළ හැකිය.
- අවමංගල්‍ය උත්සව සඳහා ඕනෑම වෙලාවක සිටිය හැක්කේ පුද්ගලයින් 10ක් පමණි.
- පන්සල්, පල්ලි, කෝවිල් වැනි පූජනීය ස්ථානවල සාමූහික ක්‍රියාකාරකම් හෝ රැස්වීම් පැවැත්වීමට අවසර නැත.
- කර්මාන්ත සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව ක්‍රියාත්මක විය හැකිය.
- විභාග ලබා දී ඇති මාර්ගෝපදේශයන්ට අනුව ක්‍රියාත්මක විය හැකිය.
- උපකාරක පන්ති පැවැත්වීමට අවසර නැත.





