ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC කෝවිඩ් වසංගතයෙන් දැඩි බලපෑමට ලක්වූ ආර්ථික තත්ත්වයක් තුළ පසුබෑමට ලක්වූ ව්‍යාපාර යළි ගොඩනැංවීම සඳහා වන තීරණාත්මක මූල්‍ය අවශ්‍යතා වහාම සපුරාලීම වෙනුවෙන් සැලසුම් කරන ලද නව සැපයුම් ජාල මූල්‍ය පහසුකම (Supply Chain Financing facility) පසුගියදා දියත් කළේය.
මෙම ශක්තිමත් මූල්‍ය සේවාව මගින් ව්‍යාපාර සඳහා මඟ පෙන්වන අතර බාධාවකින් තොරව ව්‍යාපාර පවත්වාගෙන යෑම සහ ගැනුම්කරුවන්ට භාණ්ඩද, සැපයුම්කරුවන්ට මුදල්ද ගලා එන පරිදි නිර්මාණය කර ඇති චක්‍රීය මූල්‍ය පහසුකම් ක්‍රමවේදයකි.
මෙම සැපයුම් ජාල මූල්‍ය සේවාව මඟින් නිෂ්පාදකයන්ට සැපයුම්කරුවන්ගෙන් වැඩි වට්ටම් සහිතව භාණ්ඩ සහ අමුද්‍රව්‍ය මිලදී ගැනීමට හැකිවන අතර භාණ්ඩ සඳහා වන ගෙවීම් HNB FINANCE විසින් පියවනු ඇත.











