Samsung ශ්‍රී ලංකා Galaxy S23 සහ S23 Ultra වෙළෙඳපොළට හඳුන්වා දෙයි…

නවතම Samsung Galaxy S මාදිලි පෙළ සමඟ පරිසර හිතකාමී නිමාවකින් හා විශිෂ්ට gaming හැකියාවන්ගෙන් මෙන්ම වඩාත් දියුණු කැමරාවක් සහිත Samsung Galaxy S23 Ultra අසමසම අත්දැකීමක් එක් කරයි

අසමසම විශිෂ්ටත්වයක් සමඟින් ස්මාර්ට් ජංගම දුරකතන ඉතිහාසයේ නවමු සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Samsung Electronics ශ්‍රී ලංකා සමාගම විසින් කොළඹ මැරියට් හෝටලයේදී නවතම Galaxy S23 Ultra සහ Galaxy S23 ස්මාර්ට් ජංගම දුරකතන කාණ්ඩය එළිදක්වන ලදී. Samsung Galaxy සතු epic කැමරාව තුළින් පරිවර්තනීය AI තාක්ෂණය සමඟින් සැබෑ සිනමාත්මක Nightography වීඩියෝ ලබාගැනීමේ අවස්ථාව හිමිකර දෙමින් තමන්ගේ නිර්මාණශීලීත්වය ඔප්නංවා ගැනීමේ අවස්ථාව පරිශීලකයන් වෙත ලබාදීමට මෙම නවතම smartphones සමත්ව ඇත. එසේම පෙරළිකාර AI තාක්ෂණය, අනාගතයට අවැසි තාක්ෂණයෙන් යුත් ජංගම දුරකතන, gaming විශේෂාංග සහ ලොව වේගවත්ම ජංගම දුරකතන ග්‍රැෆික් තාක්ෂණය සමඟින් එන නියමාකාරයෙන් ක්‍රීඩා කිරීමේ හැකියාව අති ප්‍රබල gaming තාක්ෂණය ඇතුළු Galaxy සඳහාම හඳුන්වාදී ඇති 8 Gen ජංගම දුරකතන වේදිකාව වන Snapdragon® වැනි අත්දැකීම් රැසක් මේ තුළින් අත්විඳිය හැකිය.

තවද බොහෝ කාලයක් තිස්සේ Samsung Galaxy භාවිත කරනු ලබන පරිශීලකයන් වඩාත් ප්‍රියකරන ඵලදායීතාව, සටහන් තබාගැනීම, විනෝදාංශ හා තවත් බොහෝ දේ සඳහා බෙහෙවින් වැදගත් වනු ඇත. මෙහි ඇති තවත් විශේෂත්වයක් වනුයේ වෙනත් ඕනෑම ජංගම දුරකතනයකටත් වඩා ප්‍රතික්‍රීකරණය කරන ලද ද්‍රව්‍ය භාවිතයෙන් වැඩි කොටසක් නිර්මාණය කරමින් සමාගමේ පරිසරය පිළිබඳ තිරසාර කැපවීම තවදුරටත් ඉදිරියට ගෙන යනු ලබන සුවිශේෂ සැලසුමක් අනුව නිෂ්පාදන පෙළෙහි නවතම ප්‍රමිති සැකසුම් නවෝත්පාදනයන් නිර්මාණය කර තිබීමයි.

Exit mobile version