තොඩුවාව ප්‍රදේශයේ ජනතාවට අතිනවීන බැංකුකරණ සේවාවන් පිරිනැමීමේ අරමුණින් මහජන බැංකුවේ තොඩුවාව සේවා මධ්‍යස්ථානය නව පරිශ්රයක විවෘත කිරීම පසුගියදා සිදුකෙරිණි.
මෙම අවස්ථාවට මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිණී (බැංකු සහාය සේවා) නිපුණිකා විජයරත්න, පුත්තලම ප්‍රාදේශීය කළමනාකාරිණී කේ.ඒ.ඒ.එස්. පීරිස්, සහකාර ප්‍රාදේශීය කළමනාකාර එස්.ඒ.එම්.එල්. සිරිමාන්න, සහකාර ප්‍රාදේශීය කළමනාකාරිණී එල්.පී.ඩබ්ලිව්.එම්. දමයන්ති, මහවැව ශාඛා කළමනාකාරිණී ඩී.එම්.එස්.ඩී. දිසානායක, තොඩුවාව සේවා මධ්‍යස්ථාන කළමනාකාර ජේ.එම්.ඒ.එස්. කුමාර යන මහත්ම මහත්මීහු ඇතු`ඵ බැංකු කාර්ය මණ්ඩලය සහ ගනුදෙනුකරුවන් සහභාගි වූහ.
දිවයින පුරා පිහිටි ශාඛා සහ සේවා මධ්‍යස්ථාන 742කින් සමන්විත, රුපියල් ටි්රලියන තුනක වත්කම් හිමි මහජන බැංකුව මිලියන 14.5කට අධික ගනුදෙනුකරුවන්ගෙන් යුත් දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සේවා සපයන්නා වේ.