ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ස්පෝර්ට්ස් (SLAS) හෙවත් ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්‍රීඩා සඳහා වන පාලන ආයතනය විසින් අඛණ්ඩව 3 වැනි වරටත්, අතිශයින් උද්වේගකර තරගාවලියක්, කටුකුරුන්දේදී සංවිධානය කරනු ලබයි. මෙම ජවය හා ජවය ගැටෙන තරගාවලියෙන් ජයග්‍රහණය කිරීම දේශීය මෝටර් රථ ක්‍රීඩා ප්‍රජාවගේ මුලික අපේක්ෂාවක් බවට පත්වී ඇත. දෙසැම්බර් 2 සහ 3 දිනවල පැවැත්වීමට නියමිත මෙම Nippon Paint Katukurunda Speed 2023 තරගාවලිය ධාවන ඉසව් දහයක් යටතේ පැවැත්වෙන තරග 16කින් සමන්විත අතර ඒ සඳහා ශ්‍රී ලංකාවේ සිටින දක්ෂතම ධාවකයින් තරග වදිනු ඇත.තවද මෙම තරගාවලිය SLAS හි සාමාජික සමාජ 10 විසින් සංවිධානය කරනු ලබන අතර ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස Nippon Paints සමඟින් ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ සමාගම්වල සහාය ලැබේ. (Sri Lanka Latest News)
Nippon Paint Katukurunda Speed 2023 ධාවන තරඟ සඳහා ප්‍රධාන අනුග්‍රාහකයා වීම පිළිබඳව Nippon Paints හි සාමාන්‍යාධිකාරී නේමන්ත අබේසිංහ මහතා සිය සතුට පළ කළ අතර ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්‍රීඩාව සඳහා ඔවුන්ගේ අඛණ්ඩ සහයෝගය සහ ඔවුන්ගේ ඉහළම මට්ටමේ තීන්ත ප්‍රදර්ශනය කිරීමට මෙය කදිම අවස්ථාවක් ලෙස ඔවුන් දකින ආකාරය ඔහු සඳහන් කළේය. “පුද්ගලිකව සහ සජීවී ආවරණය හරහා මෙම හමුවට විශාල ප්‍රේක්ෂක උනන්දුවකින්, සෑම වයස් කාණ්ඩයකම ධාවන ලෝලීන් සමඟ සබඳතා ගොඩනඟා ගැනිමට මෙය තවත් කදිම අවස්ථාවක්. අපි දෙසැම්බර් 2 සහ 3 යන දිනවල තවත් අපූරු සති අන්ත ධාවන තරඟයක් බලාපොරොත්තු වෙමු” Nemantha Abeysinhe මහතා පැවසුවේය.
මෙම තරගාවලියට මෝටර් රථ පමණක් ඇතුළත් වන අතර ප්‍රේක්ෂකයින් සඳහා ප්‍රවේශපත්‍ර ඉක්මනින් අලෙවි වේ. නරඹන්නන් සදහා උත්සවය එය යූ ටියුබ් සහ ෆේස්බුක් ඔස්සේද සජීවීව විකාශය කෙරේ.ඉහළ මට්ටමේ සජීවී නිෂ්පාදන සහ තරඟ කළමනාකරණය සඳහා සහාය ලබා දෙනු ඇත.
SLAS හි සභාපති අෂ්හර් හමීම් මහතා විසින් අඛණ්ඩව තුන්වන වසරටත් සියළුම සාමාජික සමාජ එක්ව උද්යෝගිමත් ධාවන දිනයක් සංවිධානය කිරීම පිළිබඳව සතුට පළ කළේය. ශ්‍රී ලංකාවේ මෝටර් රථ ධාවන තරඟවල ශක්තියේ සලකුණක් ලෙස ඔවුන්ගේ අඛණ්ඩ සහභාගීත්වය ඉස්මතු කරමින් ඔහු Nippon Paints සහ අනෙකුත් අනුග්‍රාහකයින්ට ඔවුන්ගේ සහයෝගයට කෘතඥතාව පළ කළේය. සෑම තරඟයකටම පසුව දෙමළ භාෂාවෙන් තරඟ සාරාංශ කිරීමත් සමඟ දෙමළ භාෂා නාලිකාවකින් අපගේ අපූරු නිෂ්පාදනය රටේ සෑම අස්සක් මුල්ලක් නෑරම ගෙන යාමට ලැබීම ගැන ඔහු ආඩම්බර වන බව සඳහන් කළේය. ඊළඟ පරම්පරාවේ රියදුරන්, ඉංජිනේරුවන්, නිලධාරීන් සහ රසිකයින්ට තවත් උද්යෝගිමත් ධාවන දිනයක ආස්වාදය ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ඔහු සඳහන් කළේය.
SLAS සහ එහි සාමාජික සමාජ 2024 දී වැඩිදියුණු වූ දේශීය තත්ත්වයන් සමඟ සම්පූර්ණ ධාවන දින දර්ශනයක් නැවත පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරයි. මෝටර් රථ ක්‍රීඩා සඳහා නව සැලසුම් කිහිපයක් සැලසුම් කර ඇති අතර, නුදුරු අනාගතයේදී අදාළ අමාත්‍යාංශ සහ අනෙකුත් පාර්ශවකරුවන් සමඟ සමීපව මේවා ප්‍රකාශයට පත් කරනු ඇත.
පුහුණුවීම් සහ සුදුසුකම් ලැබීමේ වටය දෙසැම්බර් 2 වන දිනට සැලසුම් කර ඇති අතර, සජීවී ආවරණය ITN/Vasantham, PEO TV Event TvChannel 20, MSN Live, YouTube l, Facebook, Derana YouTube, Ada Derana( Updates) 3 වන දින පෙරවරු 8:30 ට ආරම්භ වේ.
අනෙකුත් අනුග්රාහකයන්: ජාතික ලොතරැයි මණ්ඩලය, SLT-Mobitel, Finland Holdings, Exide, Wurth Lanka, Pink Auto Shop,Totachi, GITI Tyre, Finland Holdings, Finland Holdings, Fazaal Ceramic, Shak Tea, Gills,TopTul, I Grid, Dealo, Freelan, Recovery Partner- How To Drive, Digital Partner-Tudo.LK, QR Partner- GlenTech.
From left to right
Mr. Ushan Perera Brand Ambassador Nippon Racing, Mr. Shehan Tissera Secretary SLAS, Mr. Ashhar Hameem President SLAS, Mr. Nemantha Abeysinghe Director/General Manager Nippon Paints, Mr. Upulwan Serasinghe Treasurer SLAS