600කට අධික දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීමට දායක වෙයි
නෙස්ලේ ලංකා සමාගම, ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන සමග විශේෂ අවබෝධතා ගිවිසුමක් අස්සන් කරන ලදී. මෙම අවබෝධතා ගිවිසුම යටතේ, දිවයින පුරා පිහිටි SOS ළමා ගම්මාන පහකට නෙස්ලේ ලංකා සමාගම සහාය වීමට එකඟතාව පළ කළේය. මෙම වැඩසටහන මගින්, පවතින අසීරු කාලසීමාව තුළ අනුරාධපුර, ගාල්ල, යාපනය, මොනරාගල සහ නුවරඑළිය යන ප්‍රදේශවල පිහිටි SOS ළමා ගම්මානවල ළමුන් 600කට අධික පිරිසකගේ, මාස 6ක ආහාර සහ පෝෂණ අවශ්‍යතා සපුරාලීමට ‘Good food, Good life’ යන තේමාව යටතේ කටයුතු කරන නෙස්ලේ ලංකා සමාගම සහාය වේ.
‘ආහාර මගින් අද මෙන්ම අනාගත පරපුරෙහි ජීවන ගුණාත්මකභාවය ඉහළ නැංවීම’ යන සමාගමේ අරමුණ ඔස්සේ නෙස්ලේ සමාගම උසස් තත්ත්වයේ ආහාරපාන මගින් පරම්පරා ගණනාවක් පුරා ශ්‍රී ලාංකිකයන්, මුල් ළමාවියේ සිට වැඩිහිටි අවධිය දක්වා පෝෂණය කර ඇත. 1906 වසරේදී ශ්‍රී ලංකාවේ සිය මෙහෙයුම් ආරම්භ කළ නෙස්ලේ සමාගම, 25,000කට අදික කිරි ගොවීන්, පොල් වගාකරුවන් සහ ගෙවතු වගාකරුවන් මෙන්ම, 800කට අධික ඍජු රැකියා ලබාදෙමින් අද වනවිට ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිතයට මෙන්ම ඔවුන්ගේ ජීවනෝපායට දායකත්වය ලබා දෙයි. මෙරට අලෙවි කරන 90%ට වඩා වැඩි නෙස්ලේ නිෂ්පාදන ප්‍රමාණයක්, සමාගමේ කුරුණෑගල පිහිටි කර්මාන්ත ශාලාවේ දැඩි සුරක්ෂිතතා සහ තත්ත්ව පාලනයෙන් යුතුව නිෂ්පාදනය කරයි.